ටොක්සොප්ලැස්මා ප්‍රතිදේහ පරික්ෂාව

පරපෝෂිතයන් මිනිස් සිරුරේ ඇත්දැයි සොයා බලන

ටොක්සොප්ලැස්මා ප්‍රතිදේහ පරික්ෂාව

මහාචාර්ය කිත්සිරි ගුණවර්ධන
අංශ ප්‍රධානි
පරපෝෂිතවේදි අධ්‍යයන අංශය වෛද්‍ය පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය

සු රතල් සතුන් අප බොහෝ දෙනෙකුගේ දිවියේම කොටසක් වැනිය. බළලුන් වැනි සතුන් ඒ අතුරින් වඩාත් විශේෂිතය. ඒ කෙසේ වෙතත් අහඹු ලෙස හෝ අපට මෙවැනි සතුන් මාර්ගයෙන් විවිධ විෂබීජ සිරුරට ඇතුල් විමේ හැකියාව පවති. ටොක්සොප්ලැස්මා යනු එසෙ බෝවන පරපෝෂිත රෝගයකි. විශේෂයෙන්ම බළල් පවුලේ සතුන් එනම් පූසන් වැනි සතුන්ගේ සිරුරේ මෙම පරපෝෂිතයන් සුලබව වැඩේ. තවද එම රෝගයේ ව්‍යාප්තිය සඳහා මීයන් පක්ෂිත් වැනි සතුන්ද දායකවේ.රෝගීවු මීයන් පක්ෂින් වැනි සතුන් ආහාරයට ගැනීමෙන් බළලුන්ගේ සිරුරට පරපෝෂිතයා ඇතුළුවීම සිදුවේ.උන්ගේ සිරුර තුළදී පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පුර්ණවේ.

පරපෝෂිතයන් මිනිස් සිරුරට ඇතුළුවන ආකාරය.

රෝගීවු බළලුන්ගේ අසුචි මාර්ගයෙන් එය මිනිස්සුන්ට බෝ විය හැක. මෙහිදි අසුචි තැවරීමෙන් හෝ ඒවා ආහාරවලට මිශ්‍රවිම වැනි ක්‍රම මාරගයෙන් පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළු වේ.නමුත් පරපෝෂිතයා ශරීරගත වුවද මිනිසකු රෝග ලක්ෂණ හැමවිටම නොපෙන්වන අතර සමහර විට එවැනි අවස්ථා කලාතුරකින් පෙන්විය හැක.

සාමාන්‍යයෙන් මිනිසකුගෙන් මිනිසකුට මෙම රෝගය බෝවීමක් සිදු නොවුවද ගැබිණි සමයේ මුල් අවදියේදි කුස තුළ සිටින දරුවාට මවගෙන් රෝගය බෝවීමේ හැකියාවක් සහිතය.

එසේම පරපෝෂිතයා මිනිස් සිරුරේ රැඳුනත් එම පුද්ගලයාගේ සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවති නම් එම පුද්ගලයා කෙරෙන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටිය හැක. එනමුත් ප්‍රතිශක්තිය අඩු අවස්ථාවලදි පුද්ගලයකු තුළින් රෝග ලක්ෂණ මතුවිය හැක. එවැනි අවස්ථාවක මේ රෝගයට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය වේ.

රෝග ලක්ෂණ මොනවාද?

උණ ,වසාගැටිති ඉදිමිම මෙහිදි සැක කරන ප්‍රධාන රෝග ලක්්ෂණවේ. තවද මෙවැනි ත්ත්තවයකට මුහුණ දිමේදි ගැබිණි මව්වරුන්හට යම් අවස්ථාවක ගබ්සා විම් සිදුවිමේ හැකියාවක්ද සහිතය. නමුත් මෙය එක්වරක් පමණක් බලපැ හැකි ත්ත්ත්වයක් වශයෙන්ද වටහාගත යුතුවේ.කෙසේ වෙතත් සැක සහිත අවස්ථාවක ඒ බව තහවුරු කර ගැනිම සඳහා සිදු කරන විවිධ පරික්ෂණ පවතින අතර රුධිර පරික්ෂණ ද වේ.

ටොක්සෝප්ලැස්මා ප්‍රතිදේහ පරික්ෂාව

මෙවැනි අවස්ථාවකදි රුධිර පරික්ෂණ මගින් අදාල ප්‍රතිදේහ හඳුනාගැනිම සිදුවේ. එවැනි අවස්ථාවකදි ධ්ඨට්ප්‍රතිදේහ මගින් පෙන්නුම් කරනුයේ ටොක්සෝප්ලැස්මා පරපෝෂිතයා කිසියම් කාලයකදි සිරුරට ඇතුලුවි ඇති බවයධ්ඨර්.ප්‍රතිදේහය මගින් තහවුරු වනුයේ පරපෝ්ෂිතයා මෑත කාල වකවානුවකදි ශරිිරගතග වි ඇති බවවේ. කෙසේ නමුත් මෙම පරික්ෂණ මාර්ගයෙන්ධ්ඨට් හෝ ධ්ඨර්.ප්‍රතිදේහ හයඳුනාගැනිමක් සිදු කළද නිරෝගි පුද්ගලයෙන් හට ප්‍රතිකාර කිරිමක් සිදු නොකෙරේ.නමුත් ප්‍රතිශක්ති ඌණතා සහිතවූ හෝ ගර්භණි සමයේදි මෙවැනි රෝගි ත්ත්ත්වයක් හඳුනාගත්විට ප්‍රතිකාර කිරිම සිදු වේ.