රෝගීන්ට අසීමිත සත්කාරයක් ලබාදීම මාගේ අරමුණයි

රෝහලේ විවිධ ඒකක වැඩිදියුණු කරමින් රෝගීන්ට අසීමිත සත්කාරයක් ලබාදීම මාගේ අරමුණයි

ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ

රෝහල් අධ්‍යක්ෂ

වෛද්‍ය සුසිත් සේනාරත්න

1984 වසරේ හිටපුු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ජපන් රජය විසින් ශ්‍රී ලාංකික ජනතාවට දුන් දායාදයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහල ස්ථාපීත කෙරුණි. ඇදන් 1000 කින් ඇරඹි මෙම රෝහල එවකට වසර කිහිපයක් ක්‍රියාත්මක වූයේ ජපන් රජයේ උපදෙස් මත තෘතික වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙසය.

තිස්වසරක ඉතිහාසයකට උරුමකම් කියන ශි‍්‍ර ජයවර්ධනපුර රෝහල 2015 වසරේ පටන් ක්‍රියාත්මක වන්නේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේය.රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ ධුරය දරන්නේ වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය.

රෝහලක් යනු රෝගී සත්කාර ඒකකයකී.මරණ මංචකයේ සිටින රෝගීයකුගේ පවා දිවි ගලවා දෙමින් අසීමිත සත්කාරයක් රෝහලකින් සිදු විය යුතු අතර වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සෙසු රෝහල් කාර්ය මණ්ඩලය රැකියාව අභිබවා සේවාව උතුම් කොට සළකමින් රෝගින් ට සත්කාර කිරිම මෙහි මුලික අරමුණ බව පසක් කළේ රෝහලේ වර්තමාන අධ්‍යක්ෂ ධුරය දරන වෛද්‍ය සුසිත් සේනාරත්න මහතාය.

නව පාලනාධිකාරිය යටතේ රෝහලේ ප්‍රගතිය පිණිස ඔබතුමා ගෙන ඇති ක්‍රියාකාරිකම් පිළිබඳ පෙළ ගැස්වීමක් කළොත්?

පසුගිය කාල වකවානුව තුළ අභියෝග රැසකට මුහුණදීමට සිදුවු මෙම රෝහල අප භාර ගන්නා විට පැවතුනේ රාජකාරි සම්බන්ධව අතෘප්තකරභාවය, පසුගාමීත්වය, කාර්ය මණ්ඩලයේ අසමඟිතාවය, මූල්‍යමය කළමනාකරණයේ අසතුටුදායක තත්ත්වය ප්‍රමාණවත් ආයෝජනයක් නොතිබිම,. ජනතාව තුළ රෝහල සම්බන්ධව ප්‍රසාදාත්මක මතයක්ද ගොඩනැගී නොතිබිම ප්‍රවර්ධන ,මානව සම්පත් දුර්වල වූ තිබු අවස්ථාවකයි.එසේම රෝහලේ දියුණුව සහ ආයතනික ව්‍යුහය සම්බන්ධව පාර්ලිමේන්තු කෝප් කාර්ය සභාවේ විමර්ශන රැසකට යොමුවි තිබුණා

.මෙම රෝහලේ නව සභාපති ධුරයට පත්වුයේ හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ වෛද්‍ය අතුල කහඳලියනගේ මහතායි.ඒ සමගම විවිධ අංශවල විශේෂඥ දැනුමැති ජ්‍යෙෂ්්ඨ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකුගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් තමයි මෙම රෝහල පාලනය කරන්නේ.

හදිසි අනතුරු ඒකකය

ප්‍රථමයෙන් අපි රෝහලේ දුර්වලකම් හඳුනාගෙන සේවකයින්ගේ හොඳ හිත දිනාගනිමින් රෝහල වැඩි දියුණු කිරීමේ භාරදුර කාර්ය භාරයට අතගැසුවා . මුලිකවම අපට අවශය වුණේ රෝහලේ හදිසි සත්කාර ඒකකය (ETU) කාර්යය ශූර සත්කාර සේවා ඒකකයක් බවට පත් කරන්නටයි. හදිසි රෝගියෙකු ඇතුළත් කළ මොහොතේ පටන් ්.රෝගියා පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් ඔහු හෝ ඇය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට සෑම මොහොතේදීම කටයුතු කරනවා.නවීන තාක්ෂණ ක්‍රමවේදයට අනුකූලව රෝගියා සුවපත් කිරීම සඳහා යොමු කරවමින් කෙටි කාලයක් තුළ රෝගීයා සුවපත් කිරීමට දැඩි අවධානය යොමු කරනවා..මේ ආකාරයට ඉතා කෙටි කාලයකින් හදිසි සත්කාර ඒකකය දියුණු කිරීමට අපට හැකි වුණා..

රසායනාගාර සේවාව

දෙවනුව අපි අවධානය යොමු කළේ රසායනාගාර පහසුකම් ක්‍රමවත්ව නිරවද්‍ය ලෙස රෝගියාට ඉතා කඩිනමින් රුධිර වාර්තා ලබා දිමට සැලැස්වීමයි.මේ සේවය, මගින් වැඩි රෝගී සංඛ්‍යාවකට සත්කාර සේවය සැපයීම සම්බන්ධයෙන් දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සේවය ලබාදෙන අතර සුදුසුකම් ලත් රසායනාගාර කාර්මික විද්‍යාඥයින් රසායනාගාර පහසුකම් ලබාගැනීමේ සේවය සදහා නිරන්තරයෙන්ම යොමු කර සිටිනවා.

හෘද රෝග අංශය

හෘද රෝග ඒකකය වර්තමානයේ ඉතා ඉහල තලයක තිබෙන බව පවසන්නට පුඵවන්. මසකට හදවත් සැත්කම්(බයිපාස්)සංඛ්‍යාව 65 දක්වා ඉක්මවිමට හෘද රෝග ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සමත් වි ිතිබෙනවා..හදවත් සැත්කම්වලට භාජනය වු සියලුම රෝගීන් අද නිරුපද්‍රිතව සුවසේ ජිවත්වෙනවා. හෘද රෝග ඒකකයේ වැඩි දියුණු කිරීම සඳහා (ඡ්ඒර්‍ථ) එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සභාපතිව සිටි සෝමා එදිරිසිංහ මහත්මියගෙන් ලැබු දායකත්වය මෙහිදි සඳහන් කළ යුතුයි.

විකලාංග ඒකකය

අද ජයවර්ධනපුර රෝහලේ විකලාංග ඒකකය ඉතා ඉහළ මට්ටමක පවතින බව කිව යුතුමයි.අද ශි‍්‍ර ලාංකාවේ දනහිස් බද්ධ කිරිම් සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයේ සිටින රෝහල බවට අප රෝහල පත්වි අවසන්.එසේම කණ්ඩරා බිඳිම් ප්‍රකෘති ත්ත්ත්වයට පත් කිරිම් අප රෝහලෙන් සිදු කෙරෙන සුවිශේෂ සේවාවක්.මෙතෙක් මෙහි ප්‍රධාන වෛද්‍යවරයා වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද පෙරේරා මහතාට අමතරව තවත් විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවාවත් අප රෝහලට වර්තමානයේ ලැබි තිබෙනවා.එම හේතුවෙන් විකලාංග ඒකකයේ කටයුතු තවදුරටත් පුඵල් කර ගැනිමට හැකිවි තිබෙනවා.

මෞත්‍රලිංගික ඒකකය.

මෞත්‍රලිංගික අංශයක අවශ්‍යතාවය මෙම රෝහලට විශාල අඩුපාඩුවක් ලෙස පැවතුණා. ඒ අඩුපාඩුව සපුරාලමින් නවීන ප්‍රතිකාර ක්‍රමවේදයනගෙන් යුක්තවු මෞත්‍රලිංගික ඒකකයක් ආරම්භ කිරිමට හැකිවු අතර එයින් රෝගීන් විශාල ප්‍රමාණයකට සහන සැළසුණා .

දියවැඩියාවට

අද රටේ අංක එක බවට පත්වි ඇති දියවැඩියාව ඇතුඵ හෝර්මෝන රෝග සඳහා නවීනතම ප්‍රතිකාර පද්ධතියක් දියත් කිරීමේ අරමුණින් හෝර්මෝන සහ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගේ සේවය මෙම රෝහලට වර්තමානයේ සිට ලබාදීමට නිසා දියවැඩියා සායන ආරම්භ කිරිමටත් නේවාසිකව ප්‍රතිකාර ගන්නා දියවැඩියා රෝගීන්ට විශේෂ නවීන ප්‍රතිකාර ලබාදීම මගින් රෝගී සත්කාර සේවය වැඩ දියුණු කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.