මොළය හා ශ්‍රවණය ආශ්‍රිත ස්නායු පද්ධතියේ ඇතිවන ගැටලු

මොළය හා ශ්‍රවණය ආශ්‍රිත ස්නායු පද්ධතියේ ඇතිවන ගැටලු

කනට ඇසෙන්නේ කුමන ශබ්දයක් වූවත් එය තේරුම් ගැනීමේ වගකීම පැවරෙන්නේ ශරීරයේ බල කේන්ද්‍රය වූ මොළයටයි. මොළය මඟින් සිරුරේ සෑම ක්‍රියාවක්ම පාලනය සඳහා ලබාදෙන්නේ අදහා ගත නොහැකි තරමේ සහයෝගයක්. අපි නිරන්තරයෙන් ශ්‍රවණ දුර්වලතා පිළිබඳව කථාබහ කිරීමේදී කනේ ඇතිවන විවිධ ගැටලු හා සම්බන්ධව කථාබහ කළ ද ඇත්තෙන්ම ඊට වෙනත් ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා ද හේතුවන බව ඔබ දන්නවාද?

කනේ කිසිදු කොටසක ගැටලුවක් ඇති නොවුණත් ශ්‍රවණය සම්බන්ධිත මොළය කොටසේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම ශ්‍රවණය සම්බන්ධ ගැටලු රැසකට තුඩු දෙයි. යම් අයෙකුට ශ්‍රවණය හොඳින් සිදු වුණත් එය තේරුම් ගැනීමට නොහැකි නම් එමඟින් පැහැදිලි වන්නේ අදාළ තැනැත්තා බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයකින් පෙළෙන බවයි. ප්‍රධාන වශයෙන් මොළය හා ශ්‍රවණය ආශි‍්‍රත ස්නායු පද්ධතියේ ඇතිවන ගැටලු, මෙහිදී ඇතිවන ගැටලුකාරී තත්ත්ව වේ. ඒ වගේම අඩුවෙන් ඇසීම හා ඇසෙන දේ තේරුම් ගැනීමට නොහැකි වීම කරුණු දෙකකි. මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් නිශ්චිතව පරීක්ෂා කර බලාගත යුතු වේ. ඒ වාගේම යම් අයෙකුට ශ්‍රවණ ඌනතාවක් තිබෙනවා නම් එය ප්‍රධාන කොටස් 3ක් යටතේ විග්‍රහ කළ හැකි වේ. ඒ විග්‍රහයට අනුව සුළු වශයෙන් කන් ඇසීම, සාමාන්‍ය මට්ටමින් ඇසීම හා ඌන ශ්‍රවණය ආදිය ඒ යටතට අයත් වේ. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය ඒභඤඪබධපර ව්ඥභපධනචබඩර ලෙසින් හැඳින්වේ.

රෝගය හඳුනාගන්නේ කෙසේදැයි විමසා බලනවා නම් රෝගියා පවසන දේ හා ශ්‍රවණ පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගන්නා දේ සන්සංදනය කිරීමෙන් රෝගී තත්ත්වය නිවැරදිව නිර්ණය කරනු ලැබේ. මෙම පරීක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි වේ. එනම් භාෂා පරීක්ෂණය හා මූලික ශ්‍රවණ පරීක්ෂණය ලෙසයි. යම් අයෙක් පෙර පැහැදිලි කළ රෝග තත්ත්වයෙන් පෙළෙනවා නම් ඉහත පරීක්ෂණවලදී ලබා ගන්නා ප්‍රතිඵලය ඉතාමත් දුර්වලතා වේ.

මෙම දුර්වලතාව සඳහා බලපාන හේතු පැහැදිලි කිරීමේදී මූලිකව මිනිස් කනක ව්‍යුහය එසේත් නැත්නම් සැකැස්ම පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගත යුතු වේ. ඒ අනුව මිනිසෙකුගේ කන ප්‍රධාන කොටස් 3කට වෙන් කළ හැකි වේ. ඒවා නම් උඩ කන මැද කන හා අභ්‍යන්තර කන ලෙසයි. නමුත් ඉහත රෝග අවස්ථාව පිළිබඳ විමසා බලන විට වඩාත් මෙහිදී අවධානය යොමුකළ යුත්තේ අභ්‍යන්තර කන සඳහායි. අභ්‍යන්තර කනේ අවසාන කොටස මොළය දක්වන ගමන් කරන ස්නායුවක් හා සම්බන්ධවේ. මේ සඳහා බොහෝදුරට හේතුවන්නේ බාහිර කන සම්බන්ධ යම් ගැටලුවක් නොවන අතර අභ්‍යන්තර කනේ ස්නායුව හා සම්බන්ධිත කොටසට මේ ඔස්සේ බලපෑම් ඇති වීමයි.

මෙවැනි රෝග තත්ත්ව සඳහා හේතු වන්නේ උපතේදී ඇතිවිය හැකි ගැටලු,

ඔක්සිජන් ප්‍රමාණවත්ව නොලැබීම, ඇතැම් ඖෂධ වර්ග, ඩ්රනඥප ඕඪතතපභ ඡඥථඥථඪච (දරුවාගේ ශරීරය මඟින් සෑදෙන ප්‍රෝටීනයකි) වැනි හේතු මීට බොහෝදුරට බලපෑ හැකියි.

මේ සඳහා දරුවෙකු ඉපදුණු විගස ඒඕඅ නැමැති පරීක්ෂණයක් ඔස්සේ ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කරන අතර ඒ හරහා දරුවකුට ශ්‍රවණ ආබාධයක් ඇති වී තිබේ නම් ඒ බව නිශ්චිතව නිගමනය කරනු ලැබේ.