Doctor's Profile

හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

 ගම - මහනුවර

 පියා - බ්‍රයන් ඒකනායක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ෆෝමන්වරයෙක් පසුව බ්‍රවුන්ස් සමාගමේ රැකියාව කළා.

 මව - බියට්‍රිස් - ගෘහණියක්-බටහිර සංගීත ගුරුවරියක ලෙස පෞද්ගලිකව දරුවන්ව ඉගැන්වූවා

 සහෝදරයෝ එක් කෙනයි - නීලකාන්ති - පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේදය පිළිබඳ මහාචාර්ය

 පාසැල - මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

පාසලේ ක්‍රියාකාරකම් - සාහිත්‍ය සංගමය, විද්‍යා පර්යේෂණ සංගමය, සමාජ සේවා සංගමය ආදි සංගම්වල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරිම

1974 - A/L සමත්වී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වීම.

1979 එවකට පැවතියේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාල පමණකි. මෙම වෛද්‍ය විද්‍යාල දෙකේ සිසුන් අතරින් වෛද්‍ය විද්‍යාලයේ අවසාන පරීක්ෂණයෙන් ඉහළම සාමාර්ථය ලබා ගනිමින් දිවයිනේ ප්‍රථමයා ලෙස සමත් වී ත්‍යාග හා රන් පදක්කම් රැසක් දිනා ගැනීම.

1979 - කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය ගුණතිලක සහ කායික රෝග පිළිබඳ මහාචාර්ය ධර්මදාස යටතේ වසරක සීමාවාසික පුහුණුව

1980 පේරාදෙණිය ශික්ෂණ රෝහල ආරම්භ කළ ප්‍රථම අවස්ථාවේදී එම රෝහලේ OPD  (බාහිර රෝගී අංශයේ) වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම.

1981 - 1982 කොළඹ හෘද රෝග ඒකකයේ නේවාසික වෛද්‍යවරයෙකු ලෙස පත්වීම

1983 පශ්චාත් උපාධියට පෙනී සිට  MD part 1 / part 2 සමත්වීම. ඒ වනවිට වයස අවුරුදු 29යි.

1986 විශේෂඥ පුහුණුව ලැබීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ,Common wealth Scholarship දිනා ගෙන බ්‍රිතානයේ Guy' s Hospital ගයිස් රෝහලේ පුහුණුව ලැබිම

1986 බ්‍රිතාන්‍යයේ MRCP  පශ්චාත් වෛද්‍ය උපාධිය දිනාගැනීම

1987 කොළඹ හෘද රෝග ඒකකයේ හෘද රෝග කනිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම.

1991 ගාල්ල කරාපිටිය රෝහල ආරම්භ කිරීමෙන් පසු එහි පත්වීම ලද පළමුවැනි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා වීම. එවකට කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයක් නොතිබුණ අතර කරාපිටියේ හෘද රෝග ඒකකයක් ඇරඹීමට පුරෝගාමීව කටයුතු කිරීම

“හදවත් මිතුරෝ” සංවිධානය පිහිටුවමින්(Friends of the heart)  ළමා බයිපාස් සැත්කම් කිරීම සඳහා එංගලන්තයේ සහ ඉන්දියාවේ ශල්‍ය වෛද්‍යවරුන් ගෙන්වා සැත්කම් කිරීමට සැලැස්වීම

2001 කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පත්වීම.

2006 හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සංගීත චිකිත්සක පර්යේෂණය (Music Therapy) වැඩසටහන ආරම්භ කිරීම. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට සියලු කලා කරුවන් සම්බන්ධීකරණය කර ගනිමින් හදවත් රෝගීන්  Music Therapy මඟින් සුවපත් කිරීමට දායක වීම.

1998 එංගලන්තයේ John Radcliffe hospital  හි න්‍යෂ්ටික හෘද චිකිත්සාව පිළිබඳ සය මසක පුහුණුව

2002 ලන්ඩන්හි FRCP පශ්චාත් උපාධිය දිනා ගැනිම

ලද සම්මාන - ගාලුපුරවරයේ මෙට්රෝ සිංහ සමාජය විසින් විශ්ෂ්ඨ සමාජ සේවාවක් උදෙසා ලද සම්මානය.

ගාලු ව්‍යාපාරික පදනම විසින් කරන ලද සමාජ සේවාව උදෙසා ලද සම්මානය 2007 විද්‍යා හා පර්යේෂණ සඳහා ලද ජනාධිපති සම්මානය

2008 විද්‍යා හා පර්යේෂණ සඳහා ලද ජනාධිපති සම්මානය

හෘදයාබාධ නිවාරණය, හෘදයාබාධ හා මනස, හෘදයාබාධ වැළඳෙන රෝගීන් සඳහා උපදෙස් මාලාව සෞඛ්‍යදායි පෝෂණය හෙවත් සමපෝෂණ විධිය, අධි රුධිර පීඩනය, හෘදයාබාධ රෝගීන් සඳහා ප්‍රතිකාර අත්පොත යනුවෙන් සිංහල ග්‍රන්ථ 6ක් ද,ඉංගී‍්‍රසියෙන් හෘද රෝග පිළිබඳ වෛද්‍ය ග්‍රන්ථ 5ක් ද එළි දක්වා තිබීම

කුමාරතුංග මුනිදාසයන්ගේ කවිවලට තනු නිර්මාණය කළ අතර ජාතික රූපවාහිනයේ හඩ කැවිම් ඒකකයේ රන්සිරිලාල් මහතා එම ගීත “කුමර ගී” වැඩසටහනේ ප්‍රචාරය කරන ලදී. මෙම වැඩසටහන සම්මානයට ද පාත්‍ර විය.

 බිරිඳ නිශාලි කෞෂල්‍යා-කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පඨකවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්

 දියණිය - මේධානි-මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ 4 වැනි වසරේ ශිෂ්‍යාවක්

 විනෝදාංශ- සංගීතයට සවන් දීම සහ තනු නිර්මාණකරනයේ යෙදීමත්, කලා නිර්මාණවලට සංගීත අංශයෙන් දායක වීම.


කොඳු ඇට බිදුණු රෝගියෙකු ආරක්ෂිත ඉරියව්වකින් නැගී සිටුවීම

ජාතික රෝහලේ

පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යාණි සොයිසා

රෝගී අවස්ථාවක් වූ විට විවිධ ව්‍යාකූල තත්ත්වයන්ට අපට මුහුණ දීමට සිදු වේ. නැඟිට ගන්නට බැරිව සිටින විශේෂ අවස්ථාවක් පැන නැඟුණ විට ඔබ කළ යුත්තේ කුªමක්ද? එවැනි අවස්ථාවක බොහෝවිට වටපිටාවේ සිටින අප කලබලයට පත් වී කර කියා ගන්න බැරි තත්ත්වයකට මුහුණ පානු ලබනවා. එබැවින් සුපරීක්ෂාකාරීව සිහියෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. එහිදී අප අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ගැන වඩාත් විමසිලිමත් වීම වඩා වැදගත් බවයි කිවයුත්තේ. එවන් අවස්ථාවක රෝගියාව වෛද්‍යවරයා වෙත හෝ අදාළ ප්‍රතිකාර ස්ථානය වෙත ගෙන යාමේදී ශරීරයේ පවත්වාගෙන යන ඉරියව්ව ආරක්ෂාකාරීව කළ යුතු බව පැවසිය යුතුයි. බොහෝවිට කොඳු ඇට පෙළ බිඳුණු රෝගියකු හෝ භග්නයකදී මෙන්ම සිහිසුන්ව උඩුබැලි අතට සිටින රෝගියකු ආරක්ෂිත ඉරියව්වකින් නැඟිටවීම හෝ රැගෙන යාම ප්‍රවේශම්කාරීව කළ යුතුයි. සිහි නැති රෝගියෙකු උඩුබැලි අතට හෝ වැරදි ඉරියව්වකින් සිටීමෙන්, ස්වසනයට බාධා ඇතිවිය හැකියි. මෙවැනි සිහි නැති රෝගියෙකුගේ දිව ආපස්සට වැටීමෙන් ස්වසන මාර්ගය අවහිර වනවා මෙන්ම වමනය, සෙම ආදිය පිටතට පැමිණීමට බාධා වේ. එබැවින් සැමවිටම ආරක්ෂිත ඉරියව්වේ තැබීම වැදගත් වෙයි.

කොඳු ඇට පෙළ බිඳුණු රෝගියකු ආරක්ෂිත ඉරියව්වට හැරවීමේදී ඊට සුදුසු අයුරින් ප්‍රවේශම්කාරීව සිදු කළ යුතුයි.

භග්න ඇති රෝගීන් ද ආරක්ෂිතව තබා ගැනීම කළ යුතුයි.

මෙහිදී ඉරියව්ව හැරවීමේදී ඊට අදාළ අයුරින් රූප සටහනේ පෙනෙන පරිදි සිදු කළ යුතුයි.