උදේ ඇහැරිලා බලන කොට කාමරේ ගෑනු ළමයෙක්

උදේ ඇහැරිලා බලන කොට කාමරේ ගෑනු ළමයෙක්

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය

හරිස්චන්ද්‍ර යකන්දාවල

සමීර වයස අවුරුදු 22ක හුරුබුහුටි තරුණයෙක්. දැන් අවුරුදු 2කට කළින් හම්බන්තොට පළාතේ ඉඳලා කොළඹට රැකියාවට ආවේ පුද්ගලික සමාගමක කළමනාකරණ සහායකයෙක් විදියට. ගමේ ඉඳලා ආපු සමීරට විවිධ වර්ගයේ පුද්ගලයින් හමු වුණා. යහළුවන් ගොඩක් හමු වුණා. ගැහැණු ළමයි පිරිමි ළමයි අතර සමීර ගොඩක් ජනපි‍්‍රය පුද්ගලයෙක් බවට පත් වුණේ ඔහුගේ තිබුණ මිත්‍රශීලී ගතිය නිසා. මේ කාර්යාලයේ වැඩ කරන අය නිතරම ට්‍රිප් යනවා, පාටි දමනවා, බොනවා, නටනවා, සිංදු කියනවා. මෙය සමීරට අලුත් අත්දැකීමක්. කවදාවත් බීපු නැති සමීර දැන් ටික ටික බොනවා, නටනවා, කණ්ඩායමට එකතු වෙලා බොහෝ අලුත් දේවල් කරන්න පුරුදු වෙලා. එක දවසක් මේ යාළුවො එකතු වෙලා බීච් පාටියක් දැම්ම. ඒකට විවිධ අය ඇවිත් හිටියා. සමීර වෙනදා වාගේ යාළුවොත් එක්ක බොන්න පටන් ගත්තා.

ටික වේලාවකින් සමීරට උන් හිටි තැන් අමතක වෙලා සිංදු කියන්න නටන්න පටන් ගත්තා. එයා දන්නෙ නැහැ මොකද වුණේ කියලා. උදේ ඇහැරලා බලනකොට ඔහු හිටියෙ කාමරයක. එයාගේ ඇඳේ ගැහැණු ළමයෙක් හිටිය. ඒත් කවදාවත් සමීර එයාව දැකල තිබුණේ නැහැ. වෙරි හිදුනම තමයි සමීරට මතක් වුණේ. මොනවද කළේ කියල. කොහොම වුණත් සමීර දන්නෙ නැහැ එයා ගැහැණු ළමයත් එකක් ලිංගික සම්බන්ධයක් තිබුනද කියලා. නමුත් ඔහු හොඳටම බය වෙලා සමීර අපේ සායනයට ආවෙ. ඒ ගැන පරීක්ෂා කරගන්න.

සමීර වගේ තරුණයන් අපි ළඟට නිතර එනව. ඒ අය තමුන් කරන්නෙ මොකක්ද කියල වගකීමක් නැතිව ලිංගික හැසිරීම්වල යෙදෙනවා. ඒ වගේම ඉවර වුණාම බය වෙනව තමන්ට ලිංගික රෝගයක් වැළදිලා ඇති කියල. ඒ නිසා නිතර නිතර ඇවිත් රුධිර පරික්ෂණ කර ගන්නවා. සමහර අය ජිවිතේම අවුල් කරගන්නව. රැකියාව අවුල් කර ගන්නව බය නිසා. කොහොම වුණත් ඒ ගැන විස්තර දැනගෙන දැනුවත් වෙන එක හොඳයි.

කෙනෙක් තවත් කෙනෙකු සමඟ ලිංගික සංසර්ගයක යෙදුනොත් ලිංගිකව පැතිරෙන රෝග හෝ ඩ්ධ්ඍ වැළදෙන්න පුළුවන්. එහෙම වෙන්නේ තමුන් සම්බන්ධ වෙන කෙනාට එවැනි රෝගයත් තිබුණොත්. ඒත් එහෙම ලිංගිකව පැතිරෙන රෝග තිබුණත් පිටින් පෙනෙන්නෙ නැහැ. දැනගන්න ක්‍රමයකුත් නැහැ. මේ නිසා තමයි තමාගේ ලිංගික සම්බන්ධතා වගකීමකින් යුතුව කරන්න ඕනෙ. සමීරගෙන් විස්තර ඇහුවම දැන ගන්න ලැබුණේ ඔහු මීට පෙරත් කීපදෙනකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදිලා තියෙනවා.ඒ ඔහු කොන්ඩම් පාවිච්චි කරල. ඒ නිසා ඒ ගැන බයක් ඇතිවෙලා නැහැ. කෙනෙක් මත්පැන් භාවිතා කරල සිටින විට ඔහුගේ මනස පාලනය කරගන්නට අපහසුයි.

ඒ නිසා තීරණ ගැනීම දුර්වල වෙනවා. ඒ නිසාම කොන්ඩම භාවිතය වැනි ආරක්ෂිත ක්‍රම භාවිතා කිරීම සිදුවන්නේ නැහැ. මෙවැනි විටක රෝග ඇති වෙන්න පුළුවන්. සමහරවිට ඇඟට රෝග බීජ ඇතුල් වුණත් සමහර ගොනොරියා, හර්පීස් වැනි රෝග පළමු සතිය තුළ ලක්ෂණ පෙන්වනවා. උපදංශය, ඩ්ධ්ඍ වැනි රෝග ලක්ෂණ පෙන්වන්නට කල්ගත වෙනවා. හැම රෝගයක්ම ලේ පරීක්ෂාවකින් හොයා ගන්න බැහැ. කෙසේ වුණත් අනාරක්ෂිත ලිංගික එක්වීම්වලින් තොරව සහ මත්පැන් භාවිතා කර සිටින විට ලිංගික සබඳතා නොනවත්ව සිටීම වැදගත්. ඒ වගේම සෑම ලිංගික එක්වීමකදීම වගකීමෙන් යුතුව හැසිරීමත් නිසිලෙස කොන්ඩමයක් භාවිතා කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්.


නිවසේ තිබෙන ඖෂධවලින් සෙම් රෝග සමනය කර ගන්න

අද සෙම් රෝග

මේ දිනවල සෙම සහිත කැස්සෙන් නම් අඩුවක් නැහැ. සමහරවිට අපගේ නොසැලකිල්ල මත හෝ පවතින කාලගුණික හේතු මේ අසාත්මිකතාවයන්, ආහාර රටාව හා පණු අමාරු නිසා මෙවන් තත්ත්වයන් ඇතිවුවත් සෙම වැඩිවීම යම් පහසුතාවයකට පත්වීම අමුතුවෙන් කිවයුතු නොවේ. මේ තත්ත්වයට පිළියමක් සෙවීමට අද Fristaid Box  එක සුදානම්.

ඝණව බැඳී ඇති සෙමට

1.කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න

2. ඉඟුරු ඉස්ම තේ හැඳි 1 මී පැණි තේ හැඳි 1 සීනි තේ හැඳි 1/2 එකට මිශ්‍ර කර ලෝහ කරන්න.

3. දෙහි යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1ක් ලෝහ කරන්න.

සෙම්ගෙඩිවලට

ගම්මිරිස් ඇට 3ක් පමණ, සුදු ළූණු බිකක්, ඉඟුරු කැබැල්ලක් එකට ගෙන කොටා පොට්ටනි බැඳ උගුරේ තබා සෙම අරින්න.

කපුරු පෙත්තක් තල තෙල් ස්වල්පයක් දමා රත් කර බෙල්ල අවට බාහිරින් ආලේප කරන්න.

කැස්ස සමඟ සෙමට

 ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.

 මදුරුතලා (තුල්සි) කොළ තම්බා උගුර සෝදන්න

පිත සමඟ සෙමට

1. රට ඉඳි කා උණු වතුර බොන්න

2. සුකිරි කැට කිහිපයක් කා උණු වතුර බොන්න

3. සීනි ටිකක් කා උණු වතුර බොන්න

පණු අමාරුව නිසා ඇතිවන කැස්ස හා සෙමට

 ගොටුකොළ දඬු, වළඟසාල්, රතු ළූණු කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ උදේ සවස මීපැණියෙන් බොන්න

 පාවට්ටා දළු, එළබටු දළු, නික දළු, ඉඟුරු, කිරි අගුණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මී පැණි සමඟ උදේ සවස බොන්න.

ආමට සහිත සෙමට (සෙම්ප්‍රතිශ්‍යාව මුල් අවධිය)

 කලාඳුරු අල කොටා වන්ඩුවේ තම්බා මී පැණි සමඟින් බොන්න.

වේලුණු සෙමට

 ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න

 මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න

 කොත්තමල්ලි, කලාදුරු අල, කළුදුරු, රතුළූණු, සුදු ලුණු කොටා වන්ඩුවේ තම්බා මිරිකා ගත් යුෂ මී පැණියෙන් බොන්න.

සෙම ඇතිවීම වැළැක්වීමට කුඩා දරුවන්ට විශ්ෂයි

 කොත්තමල්ලි ඉඟුරු කබලේ බැද කුඩු කර තේ හැඳි 1 උණුවතුර අඩු කෝපප 1/2 දමා සීනි සමඟ තේ මෙන් වත්කර බොන්න.

පීනස සමඟ සෙමට

 ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.

 කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න

සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට

 දෙහි කොළ තම්බා දුම් අල්ලන්න

 බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.

 කළුදුරු ටිකක් තලා නටන උණුවතුරට දමා වාෂ්පය නාසයට අල්ලන්න

සෙම සහිතව ඇති හිසරදයට

 නිකකොළ, පාවට්ට කොළ උඳුපියලි, සියඹලා කොළ සුදු ළූණු, රතුළූණු ගෙඩි 3 ගෙන කොටා වණ්ඩුවේ තම්බා නලල තවන්න.

 ඉඟුරු ඉස්ම මී පැණියෙන් ගාන්න.

මෙහිදී කපු රෙදි කැබැල්ලක් ගෙන එහි මිශ්‍රණය ගල්වා රෙදි කැබැල්ල අනික් පිට නලලේ එලන්න.