ස්වසන රෝග සඳහා කළයුතු භෞතචිකිත්සක ප්‍රතිකාර

ස්වසන රෝග සඳහා කළයුතු භෞතචිකිත්සක ප්‍රතිකාර

රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී
ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති
ආචාර්ය ජාලිය උඩුවැල්ල

ශ්වසන රෝග යනු ශ්වාස නාළ පද්ධතිය සම්බන්ධ රෝග වේ. මෙම රෝග සඳහා හේතු බොහෝය. මෙම රෝගවලට ප්‍රධාන හේතුව වන්නේ වෛරසයක්, බැක්ටීරයාවක් විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළු වීමයි. දූවිලි ආඝ්‍රාණ වීමෙන් ද මේවා ශරීරයට ඇතුළු වේ.. තවද රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ශරීරගත විය හැක. ශ්වසන රෝග සාදන බැක්ටීරියා කිහිපයකට උදාහරණ නම් නියුමෝකොකස් නියුමෝනියේ සහ ස්ට්‍රෙප්ටොකොකස් පෙන්වා දිය හැක. එමෙන්ම නොයෙකුත් රසායනික ද්‍රව්‍ය විෂ වායු නිසාද ශ්වසන රෝග ඇති වේ. තවද අසාත්මිකතා නිසාද මෙම රෝග ඇති වේ.

තවත් මෙවැනිම රෝගවලට ප්‍රධාන හේතුවක් වන්නේ සමහර රෝගීන් නොයෙකුත් අනතුරුවලට මුහුණ දී එකතැන්වී සිටීමයි. එනම් අංශභාගය වැනි රෝගවලදීත්, කැඩුම් බිදුම් වලට ලක් වූ අවස්තාවලදිත්, නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත්, නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත් රෝගීන් එක්තැන් වී සිටීම නිසා ශ්වසන රෝග ඇතිවිය හැක. සමහර අවස්ථාවල ශ්වසන පද්ධතියේ ඇති අර්බුද (ඊභථධභප) නිසාද, ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා ද මෙය ඇතිවිය හැක.

එසේම මානසික හේතුද මේ සඳහා බලපායි. බහුලව දක්නට ලැබෙන ශ්වස රෝග කීපයක් නම් නියුමෝනියා, බ්‍රොන්කයිටීස්, බ්‍රොන්කියෝලයිටිස් ඇදුම, බ්‍රොන්කියෙක්ටේසිස්, ප්ලූරල් එෆියුෂන් සහ පෙණහලු හැකිලීම යනාදිය පෙන්වා දිය හැක.

වැළඳී ඇති රෝගය අනුව රෝග ලක්ෂණ විවිධ වේ. එමෙන්ම ප්‍රතිකාර ද විවිධය. මෙම රෝගවල රෝග ලක්ෂණ ලෙස වියළි හෝ බුරුල් කැස්ස, හතිය නැතහොත් මහන්සිය, හුස්ම ගැනීමේදී ඇතිවන පපුවේ වේදනාව, උණ, වමනය, කෑම අරුචිය, බඩේ වේදනාව, හිසේ කැක්කුම හැඳින්විය හැක.

මෙම රෝග සඳහා ප්‍රතිකාර මෙන්ම භෞතචිකිත්සක ප්‍රතිකාර ද අත්‍යවශ්‍ය වේ. භෞතචිකිත්සක ප්‍රතිකාර ලෙස පොස්චරල් ඩ්‍රෙනේජ් (ර්‍ථධඵබභපචත ඤපචඪදචඨඥ) ක්‍රමය ඉතා වැදගත් වේ. එනම් රෝගියා විවිධ ඉරියව්වල තබා ගුරුත්වාකර්ෂණය උපයෝගි කර ගනිමින් හා අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරිමේ ක්‍රමයයි.

රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ස්ථානය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස රෝගියාගේ දකුණු හෝ වම් පෙනහැල්ලේ යට ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා මුනින් අතට හරවා බඩ යටින් කොට්ට කීපයක් තබා හිස පහතට වැටෙන සේ තබමින් රෝගියාගේ පිටට තට්ටු කළ යුතුය. දකුණු පෙනහැල්ලේ මැද ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත පැත්ත ඉහළට දිස්වෙන ලෙස පැත්තට හරවා බඩ යටින් කොට්ටයක් තබා පපුවේ මැද කොටසට සහ පිටේ මැද කොටසට තට්ටු කරමින් සෙම ඉවත් කර ගත හැක.

එමෙන්ම දකුණු හෝ වම් පෙනහලුවල ඉහළ ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා උඩුබැලි අතට තබා පපුවට තට්ටු කරමින් කැස්ස ඇති කරවීමෙන් රෝගියාගේ සෙම ඉවත් කරගත හැක.

මෙම ප්‍රතිකාරවලට පෙර සමහර රෝගින්ට ජල වාෂ්ප ආඝ්‍රාණය හෝ නිබියුලයිසර් ප්‍රතිකාරය ද කරනු ලබයි. මෙය වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරයි.

භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස මෙම රෝග සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාම ද වැදගත් වේ. අවධාරණය කළ යුතු වැදගත්කම කාරණාව වන්නේ අද අප රටේ බහුලව දක්නට ලැබෙන ඇදුම රෝග තත්ත්වය ද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මඟින් පාලනය කරගත හැකි වීමයි. ඔවුන් සඳහා සුදුසු ව්‍යායාමයක් නම් ගැඹුරට හුස්ම ගෙන එය හැකි තරම් දරා සිට මුඛයෙන් එක්වර පිඹ හුස්ම පිට කිරීමයි. මෙහිදී ශ්වසන මාර්ගය පළලු් වේ. ඇදුම රෝගීන්ගේ ශ්වසන පේශිවල දරදඬු භාවය නිසා ඒවා සිහින් වී ඇත.

ශ්වසන පේශි සංකෝචනය මඟින් අපේ හුස්ම ගැනීම සිදුවන අතර ශ්වසන පේශි ඉහිල් වීම මඟින් ප්‍රශ්වාසය සිදු වේ. ශ්වසන මාර්ගය සෑදී ඇති බ්‍රොන්කියල් පේශියේ දරදඬු භාවය බ්‍රොන්කොස්පැස්ම් (ඕපධදජඩධඵනචඵථ) ලෙස හැඳින්වේ.

මෙම රෝගීන්ගේ ශ්වසන බ්‍රොන්කියල් පේශිය හරියාකාරව ඉහිල් නොවන නිසා ප්‍රශ්වාසය නිවැරදිව සිදු නොවේ. ඒ නිසා ආශ්වාස කිරීම තුළින් ඇතුළට ගන්නා වාතය ප්‍රශ්වාස මඟින් සියල්ල පිට කිරීමට රෝගියා අපොහොසත් වේ.

එවිට පෙනහලු තුළ රැඳෙන වාතය (ඤඥචඤ ඵනචජඥ චඪප) වැඩි වේ. මේ තුළ කාබන්ඩයොක්සයිඩ් (ඛ්ර්‍ණ2) බහුල වේ.

තවත් කොටසක් ලබන සතියේ...

'රාත්‍රියේදී ඇතිවන කැස්සට භෞතචිකිත්සක ප්‍රතිකර්ම'