ස්ථුලතාවය නිසා ඇති වන රෝග

ස්ථුලතාවය නිසා ඇති වන රෝග

හෘද රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
රුවන් ඒකනායක

1)තරුබාරු මිනිස් සිරුර, ඉන්සියුලින් නම් වූ හෝමෝනයට ප්‍රතිරෝධයක් දක්වයි. එබැවින් දියවැඩියා තත්ත්වයක් උදා වෙයි.

2)අධික රුධිර පීඩනය ඇති වේ.

3)හෘදයට ඇති කාර්ය භාරය වැඩි බැවින් හෘදයේ වම් පැත්ත ඝන වීමටත්, ඉදිමීමටත් බලයි.

4)රුධිරයේ මේද (කොලෙස්ටරෝලය ඇතුළු) අංශු වර්ග වැඩි වේ.

5)අධික තරුබාරුව නිසා පෙනහලු චලනය අඩු වී ඔක්සිජන් හීනතා තත්ත්වයක් උදා වී හතිය ඇති වේ. ඔක්සිජන් හීනතාව නිසා රුධිරයේ රක්තාණු ගණන වැඩි වී ඝන වේ. එවිට අත්ල, පත්ල හා මුහුණ තද රතු පැහැති වේ.

6)තරබාරු උදවිය නිදන විට රැයේ කිහිප විටක් ම ශ්වසනය නවතී. මේ නිසා පසු දින මුළුල්ලේ ම නිදිමත පවතී.

7)දෙපා වල නහර ගැට ගැසීම අධික වේ.

8)ගර්භාශය, පයෝධර යන ස්ථාන වල පිළිකා ඇති වීම තරබාරු ස්ත්‍රීන් ගේ වැඩිය. ගුදය පුරස්ථි ග්‍රන්ථිය යන ස්ථාන වල පිළිකා ඇති වීම තරබාරු පුරුෂයන් ගේ වැඩිය.

9)පිත්තාශයේ ගල් ඇති වීම වැඩිය.

10)අස්ථි වල ගෙවී යාම ඇති වී හන්දිපත් රුදාව පහළ වීම වැඩිය.

විශේෂයෙන් බර උසුලන දණ හිස, වළලුකර යන හන්දි වලට මෙය බලපායි.

11)සම මතු පිට දීලිර ආසාදන ඇති වීම වැඩිය.

* ස්ථුල භාවය ඇති වන්නේ තෙල් තැන්පත් වන බැවිනි. කඳේ උඩු කොටසෙහි හා බඩෙහි බැඳෙන තෙල්, රෝග අවදානම සඳහා වැදගත් වෙයි. පිරිමින්ගේ තෙල් තැන්පත් වන්නේ මෙසේය.

ස්ත්‍රීන්ගේ බෙහෙවින් තෙල් තැන්පත් වන්නේ නිතඹෙහි හා කලවාල ය. මෙය එතරම්ම අගුණදායක නැත.

* ඇතැමුන් වැඩිමනත් ආහාරයක් වැළැඳුවත් තරබාරු නොවනු සැබෑවක් වේ. ඒ ඔවුන්ගේ පරිවෘත්තියට අනුව ඒ කැලරි දහනය වන බැවිනි. එහෙත් අන් අයට වැඩිමනත් ආහාරයක් ගත හොත් තරබාරුව ඇති වේ. මේ ගණයේ පුද්ගලයන් ආහාර ගතයුත්තේ වැය වන කැලරි ප්‍රමාණය පමණි. වැය වන (දහනය වන) කැලරි ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගතහොත්, ඒ කැලරි ප්‍රමාණය මේදය හැටියට ශරීරයේ තැන්පත් වේ.

* තුන් වේලම ආහාර යුතු ය. එක් වේලක් නොගෙන ඊටත් සරිලන පරිදි අන් වේලක් වැඩි පුර ගැනීම නොමැන වි. තුන් වේල ම කුඩාවට සුළුවට - ගතහොත් පහසුවෙන් ම බර අඩු කර ගත හැකිය.