විකෘති දත්

විකෘති දත්
(Malocclusion)

උඩ හා යටි හනුවල ක්‍රමවත්ව නිසිලෙස දත් පිහිටා නොතිබීම මේ තත්ත්වයට හේතු වේ.

මෙහිදී දත් එකට පොකුරු ගැසී තිබිය හැකිය.

එක පෙළකට නොපිහිටා තිබිය හැකිය.

හේතු -

ජානමය බලපෑම

උපතේදී ඇතිවන සංකූලතා

විදලිත තල්ල

විදලිත තොල ආදී තත්ත්ව

දරුවන්ගේ ඇඟිලි ඉරීම, සූප්පු ඉරිම වැනි පුරුදු

දත් තිස් දෙකකට වැඩියෙන් හෝ අඩුවෙන් පිහිටීම

වැරදි ලෙස සිදු කළ

දන්ත පිරවුම්

දත්වලට සිදු කර ඇති

විවිධ ප්‍රතිකාර

හදිසි අනතුරු නිසා හකු හා දත් කැඩී යාම නිසි පරිදි නැවත සකස් නොකිරීම

හකු ඇටවල එන පිළිකා නොවන වෙනත් වර්ධනීය තත්ත්වයන්

ගර්භණී සමයේ මුඛ රෝග

ගර්භණී සමයේ මුඛ රෝග සඳහා යම් පමණක වැඩි අවදානමක් පවතී. විශේෂයෙන් විදුරුමස් රෝග සඳහා මවගේ සිරුරේ හෝර්මෝන වෙනස්කම්වල බලපෑම හේතුවේ.

තවද මවට නිතර නිතර ආහාර ගැනීම සඳහා ඇතිවන අවශ්‍යතාව මත දිරුම් ඇතිකරන බැක්ටීරියා සඳහා එමඟින් හිතකර පරිසරයක් නිර්මාණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දත් දිරා යෑම් වැඩිපුර ඇතිවිය හැකිය.

තවද මව මේ සමයේදී මුඛ සෞඛ්‍යය පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වීම ද මෙම තත්ත්වයට බලපාන එක් හේතුවකි.

එබැවින් ගර්භණී සමයේදී විශේෂයෙන් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.