මුඛයේ බැක්ටීරියා අනවශ්‍ය ලෙස වර්ධනය වීමට හේතු

මුඛයේ බැක්ටීරියා අනවශ්‍ය ලෙස වර්ධනය වීමට හේතු

සිරුරේ පවතින ස්වභාවික ප්‍රතිරෝධය අඩු වීම

ප්‍රතිශක්තිය හීන වීම (විවිධ පෝෂණ ඌනතා හා වෙනත් හේතු නිසා)

ඛේට ග්‍රන්ථියේ විවිධ ගැටලු හේතුවෙන් ඛේට ස්‍රාවය හීන වීම

ඇලෙන සුලු පිටි සහිත ආහාර ගැනීම (බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය වීමට එය හොඳ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි.)

බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා දත්වල අම්ල ඇති වීම. (එමඟින් දතේ මතුපිට එනමලයේ කැල්සියම් අයන දියවී සිදුරු ඇති කරයි. දත් දිරා යෑමක් ආරම්භ වනුයේ එලෙසිනි.)

නිවැරදිව දත් නොමැදීම

විදුරුමස් රෝගවලින් වැළකීමට ගත යුතු පියවර

මූලික අවධියේ නිසිලෙස දත් මැදීමෙන් විදුරුමස් රෝග වළක්වාගත හැක. දත් මදින විට ලේ ගැලීමක් සිදුවනවා නම් විශේෂයෙන් එම ප්‍රදේශය මනාව පිරිසුදු කිරීම වැදගත් වේ.

දත් මැදිමේදී දන්ත පථ ඉවත් වන අයුරින් මනාව දත් මැදීම.

විකෘති දත්, වැරදි ලෙස කර ඇති පිරවුම් ආදිය නැවත ක්‍රමානුකූලව සකස් කර ගැනීම.

බුරුසුවෙන් ඉවත් කළ නොහැකි දත්වල ඝන වූ මැලියම් දන්ත වෛද්‍යවරයෙකු ලවා ඉවත් කර ගැනීම

ගැබිනි සමයේ හෝර්මෝන බලපෑම හේතුවෙන් විදුරුමස් රෝග සඳහා වැඩි නැඹුරුවක් පවතින බැවින් එම සමයේ නිසි දන්ත පරීක්ෂාවන්ට යොමු වීම ද වැදගත් වේ.

දත් දිරා යෑම්

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතර ද බහුලය. දත් දිරායෑම්වලට හේතුව බැක්ටීරියා ක්‍රියාකාරීත්වයයි. මේ තත්ත්වයේදී දතේ එනමලයට පළමුව හානි සිදුවේ. එහි කැල්සියම් අයන ගැලවී ගොස් එනමලයේ සිදුරු ඇති වේ. මෙම තත්ත්වය අඩු කර නැවත එහි සමතුලිතභාවය රැකගැනීමට අපට හැකියාවක් තිබේ. දිනපතා දත් මදිනවිට හොඳින් දත් පරීක්ෂා කිරීමෙන් යම් වෙනසක් නිරීක්ෂණය කළහොත් එනම් එනමලයේ දිලිසෙන සුදු පැහැය අඩු වී ඇත්නම් එය දත් දිරා යෑමක මූලික ලක්ෂණයක් විය හැකිය.

මෙවැනි තත්ත්තවලදි පැණි රස කෑම අඩු කර ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපවලින් දත් මැදීමෙන් මෙම තත්ත්වය නැවත යථා තත්තවයට පත් කිරීමට හැකියාවක් තිබේ. සාමාන්‍යයෙන් දතේ එනමලයේ ඇතිවන දිරායාමකදී වේදනාවක් ඇති නොවේ. එය හඳුනාගත හැක්කේ නිරීක්ෂණයෙන් පමණි. මේ තත්ත්වය වර්ධනය වීමකදී දත හිරිවැටීම හා වේදනාකාරී විය හැක. එවැනි අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍ය වේ.


නිදන්ගත රෝග -

දියවැඩියා, සමේ රෝග ආදිය සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීම.

දුම්පානය, බුලත්විට සැපීම වැනි අබ්බැහිවීම්වලින් මිදීම

පූර්ව පිළිකා ලක්ෂණ (Oral Potential Malignant Disoder)