පුර්ව පිළිකා ලක්ෂණ

පුර්ව පිළිකා ලක්ෂණ

මුඛයේ ඇති රතුලප, සුදු ලප, මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව මුඛයේ කලක් පවතින සුව නොවන තුවාල, අසාමාන්‍ය ඝනවීම් ආදිය පූර්ව මුඛ පිළිකා ලක්ෂණ විය හැකියි. මෙවැනි අවස්ථා මුඛ පිළිකාවක් බවට වර්ධනය විය හැකි තත්ත්ව වශයෙන් සැලකිය යුතුය. නමුත් අවදානම් සාධකවලින් මිදීමෙන් මෙම තත්ත්වලින් නැවත මිදිය හැකි වේ.

එසේ නොවන අවස්ථාවලදී එය පිළිකාවක් දක්වා වර්ධනය වීමේ හැකියාවෙන් යුක්ත වේ. එබැවින් මෙම තත්ත්ව පිළිකාවක අතරමැදි තත්ත්ව වශයෙන් සලකයි.

මෙවැනි ලක්ෂණ සහිත අයෙකු බුලත්විට සපනවා නම්, දුම්පානය කරනවානම් දුම්කොළ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන භාවිතා කරනවානම්, පුවක් සැපීම පුරුද්දක් වී තිබෙනවානම් (බාබුල් - බීඩා - මාවා ආදි) මධ්‍යසාර භාවිතා කරනවා නම් එම පුරුදු නැවැත්වීමෙන් බොහෝදුරට මෙම අතරමැදි තත්ත්වය නැවත ආපසු හැරවීමේ හැකියාව පවතී.

මුඛ පිළිකා

ලෝකයේ පිළිකා අතර හයවැනි ස්ථානයේ ඇති මුඛ පිළිකාවයි. ශී‍්‍ර ලංකාවේ පුරුෂයින් අතර බහුලම පිළිකාව ද වේ.

කාන්තාවන් අතර හත්වැනියට ඇති බහුලම පිළිකාවය.

මුඛ පිළිකාවලට හේතුවන අවදානම් සාධක

පිළිකාවලින් 40 ක්ම අපට වළක්වාගත හැකි ඒවාය. එම පිළිකා වර්ග ජීවන පුරුදුවල වෙනස්කම් මඟින් බොහෝදුරට වළක්වා ගැනීමේ හැකියාව පවතී. මීට හේතුවන අවදානම් සාධකවන බුලත්විට පුවක් ආශි‍්‍රත නිෂ්පාදන සැපීම, දුම්පානය, මධ්‍යසාර භාවිතය මෙන්ම විවිධ පෝෂණ ඌනතා අවම කර, නිසි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම මෙන්ම මාස හයකට වරක්වත් මුඛ පරීක්ෂාවකට යොමු වීම ආදිය මඟින් මෙම පිළිකාව වළක්වාගත හැක.

මේ සඳහා වැඩි අවදානමක් සහිත අය

කම්කරුවන්, බස් රියැදුරන්, ත්‍රී රෝද රථ රියදුරන්, බස් කොන්දොස්තරවරුන්, ආදී අය මේ පිළිබඳ වැඩි අවදානමක් සහිත කණ්ඩායම් වේ. හේතුව මෙම අය වැඩිපුර ඉහත දැක්වූ අවදානම් සාධකවලට නිරාවරණය වන බැවිනි. එබැවින්

මෙබඳු අය මසකට වරක් ස්වයං මුඛ පරීක්ෂාවක් ද වසරකට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙතින් ද මුඛ පරික්ෂාවකට යොමු වීම වැදගත් වේ.