විදුරුමස් රෝග

විදුරුමස් රෝග

විදුරුමස් රෝග සඳහා හේතු කාරක වනුයේ මුවෙහි ඇති බැක්ටිරියාය. එම බැක්ටීරියා දත් දිරායෑම් සඳහා බලපාන බැක්ටීරියා නොවේ. මෙහිදි ස්වභාවිකව වැඩෙන එම බැක්ටීරියා පාලනය නොකළහොත් අහිතකර ලෙස වර්ධනය වීමක් සිදුවිය හැක. එමඟින් ඇතිවන විෂ ධූලක මඟින් විදුරුමස් පටක හානියට පත් වේ. එසේ හානි වීමෙන් නීරෝගී විදුරුමස රෝගී තත්ත්වයට පත් වේ.

නිරෝගී විදුරුමසක ලක්ෂණ

රෝස පැහැයට හුරුය

විදුරුමස් දාරය බීක්කු ආකාර හැඩයක් ගනී. තියුණුය.

විදුරුමස හා දත අතර මි.මි. දෙකක පමණ ගැඹුරු

කානුවක් දැකගත හැක.

විදුරුමස් රෝග ඇති වීමට බලපාන හේතු කීපයක්

මැලියම් රැඳීම වැඩි කරන විවිධ සාධක

අක්‍රමත්ව පිහිටි දත්

නිසිලෙස සිදු නොකළ පිරවුම්

මුඛයේ පැළඳ සිටින විවිධ උපාංග

වෙනත් රෝගී තත්ත්ව

සිරුරේ හෝර්මෝන වෙනස්කම්

අහිතකර පුරුදු (දුම්පානය, බුලත්විට සැපීම මධ්‍යසාර භාවිතය ආදී)

ගැබිනි සමයේ විදුරුමස් රෝග සඳහා වැඩි

අවදානමක් ඇත

රෝගී විදුරුමසක ලක්ෂණ

විදුරුමස රතු පැහැයක් ගත හැක.

ඉදිමීමක් පෙන්නුම් කළ හැක.

විදුරුමස් දාරයේ තියුණු බව නැති වී යා හැක.

දත් මදින විට ලේ ගැලීමක් දැකිය හැක.

වේදනාවක් ඇති වේ.

සැරව ගෙඩි ඇති වේ.

අවසන් අදියරේදී විදුරුමස් දියවී ගොස් දත් මුල් පෑදේ.

දත සෙලවී ඉබේ ගැලවී යා හැක.