ඔබ දරුවකු නොමැතිව පසුතැවිලි වෙනවාද?

ඔබ දරුවකු නොමැතිව පසුතැවිලි වෙනවාද?

පාදුක්ක හේවගේ ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍යාචාරිනී ඩී.හේවගේ

වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් මුහුණදෙන ගැටලුවක් වන්න් දරුවන් ප්‍රමාදය හා දරුවන් නොමැතිකමයි. දරුවෙකු බිහි කළ ද එම දරුවන් ඇතැම් විට අංගවිකල හා බුද්ධි අඩු දරුවන් වීම ද දක්නට ලැබේ.

අතීතයේ අපට උරුමව තිබුණු පාරම්පරික හෙළ වෙදකමට පිංසිදුවන්ට මෙවන් ගැටලු අවම විය. එම පාරම්පරික වෙදකමේ උරුමක්කාරයින් අද ඉතිරිව ඇත්තේ අල්ප දෙනෙකි. එසේ පාරම්පරා දහසක් පුරා ආරක්ෂා කරගනිමින් ආ ආයුර්වේද වෙදකමේ රහස් වට්ටෝරු මඟින් ප්‍රතිකාර කරන පාදුක්කේ ඩී. හේවගේ වෛද්‍යචාරිනී තුමිය ඔබේ දරුඵල අපේක්ෂාව සඵල කරගැනීමට ඔබ දැනුවත් කරන්නේ මෙලෙසින්.

දරු සම්පත් අහිමිවීමට හේතු

ඔසප් වීම නිසි ආකාරව සිදු නොවීමෙන් ස්ත්‍රී රෝග රාශියක් හටගනී. ගැබ් දරණ ස්ත්‍රීයක් හැර අනෙක් සියලුම ස්ත්‍රීන් මසක් පාසා ශ්ලේමය සිවිකොටස් සහිත රත්ත ස්‍රාවයක් පිටවිය යුතුය. එය දින 3 -4 ක් දක්වා කාලයක් ගර්භාෂයෙන් පිට විය යුතුය. එය රජ හෙවත් ඔසප් ලෙස හැඳින්වේ. නීරෝගී කාන්තාවකගේ මෙය නිර්ගන්ධයි. වේදනා රහිතයි. කිසිම උපද්‍රවයක් නැත. මනාව වැඩුණු ශරීර ඇති අය වැඩිවිය පැමිණි දින සිට ක්‍රමානුකූලව මාසික රජස්‍රාවය පවතී. ගැහැණු දරුවෙකු තරුණ බවට පැමිණෙන්නේ මල්වරයෙන් පසුවය. වැඩිවිය පත්වීමේ වයස් සිමාව ජාති, දේහ, ආහාර පාන, විහරණ ආදිය අනුව වෙනස් වේ. අප ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුදු 12 -15 ත් අතර කාලයේ මල්වරය සිදු වේ. මේ සමඟම තරුණියන්ගේ ශාරීරික හා මානසික වර්ධනය ද සිදුවනු ඇත.

කාන්තාවන්ට බහුලව පවතින රෝග

ඔසප් කාලයේ උදර වේදනා

හිසරදය හා ශරීරයේ පුරාම වේදනාව

වමනය හා මලබද්ධය

පියයුරු වේදනාව හා ගෙඩි හට ගැනීම

මුහුණේ කුරුලෑ ඇතිවීම

යටිබඩ කොරවීම හා වේදනාව

තුනටිය හා කලවා වේදනාව

ඔසප් ඇතිවීමට ආසන්නයේ සිරුරේ ඇතිවන වේදනාව

අධික නිදිමත ගතිය

රක්ත ප්‍රමාණය හා රක්තය පිටවන දින ගණන අධික වීම

තරහා යාම, ක්ලාන්තය, කැරකිල්ල ඇතිවීම

ඇඟ උණු කරවා යාම (ශ්වේත ප්‍රදරය)

ඔසප් හරි හැටි සිදු නොවීම

මල්වරය සිදු නොවීම

මේ ආදී රෝගයන් ඇති නම් හැකි ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුය. මේ ආදී රෝග සුව නොකළහොත් ගර්භාෂ ගෙඩි, පිළිකා ආදිය ඇතිවේ. එවිට ගර්භාෂ ද ඔබට අහිමි වේ. ජීවිත හානිය ද ඇති වේ. විවාහ වූ විට දරු සම්පත් ද නැති වේ.

නව දිවියකට පත්වීමට බලාපොරොත්තු වන ඔබට පළමු බලාපොරොත්තුව වනුයේ දරුවෙකු ලබා ගැනීමයි. එහෙත් අද තරඟකාරී සමාජයේ සාමාන්‍ය දරුවෙකු බිහිකර ප්‍රමාණවත් නැත. අප මේ සම්බන්ධව බුද්ධිමත්ව සිතනවා නම් අනිවාර්යෙන්ම සමාජයේ කැපී පෙනෙන සමාජයේ විශාල වෙනස්කමක් කළ හැකි බුද්ධිමතෙකු බිහි කර ගත යුතුය. ඊට අවශ්‍ය සාධන නම් නීරෝගී ස්තූී බීජත්, නීරෝගී පුරුෂ බීජත් අවශ්‍ය වේ. එයින් නීරෝගී සඵල දරුවෙකු ස ඳහා නීරෝගී බීජ නිපදවා ගත යුතුය.

ආයුර්වේදයේ මෙම බීජ කොටස් 3 කට වෙන් කරගත හැකිය. නීරෝගී කාන්තාවකගේ හා නීරෝගී පුරුෂයෙකුගේ බීජ නීරෝගි දරුවෙකු බිහිකර ගැනීමට අවශ්‍ය වේ. එසේ සිදු නොවුවහොත් අංගවිකල හා බුද්ධියෙන් අඩු දරුවෙකු බිහිවනු ඇත. එය සමාජයට මෙන්ම ඔබටත් බරක් වනවා ඇත. මේ තත්ත්වය මඟහරවා ගැනීමට නම් පරම්පරාගත ප්‍රතිකාර පන්තිය විවාහයට මාස 03කට ප්‍රථම ගත යුතුය.

ප්‍රතිකාර ගෙන සමාජයේ කැපී පෙනෙන විශිෂ්ඨයෙකු රූමත් දියණියක හා පුතෙක් බිහිකර ගත යුතුය.

ඔබ තවදුරටත් මව් පදවියෙන්, පිය පදවියෙන් පිදුම් ලබන්නට නොහැකිව පසුතැවිලි නොවන්න. ප්‍රතිකාර සඳහා දෙදෙනාම පැමිණීම අනිවාර්ය වේ.