වයස අවුරුදු 60ට වැඩිද? ශ්‍රවණ දුර්වලතා ගැන අවදියෙන් ඉන්න

වයස අවුරුදු 60ට වැඩිද? ශ්‍රවණ දුර්වලතා ගැන අවදියෙන් ඉන්න

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය මිහිර වික්‍රමාරච්චි

පුද්ගලයකු ක්‍රමයෙන් වයස්ගත වන විට විවිධාකාර ශාරීරික දුබලතාවලට මුහුණ දීමට සිදුවීම ඉතාම ස්වභාවික තත්ත්වයක්. එවැනි රෝග තත්ත්ව අතර ශ්‍රවණය ආශි‍්‍රතව ඇතිවන දුර්වලතා ප්‍රධානත්වයක් යනු ලැබේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වයස්ගත වීමේදී විශේෂයෙන් වයස අවුරුදු 60ට පසුව වඩා ඉහළ සංඛ්‍යාත වල ඇසීමේ දුර්වලතා මතුවිය හැකියි.

මීට අමතරව තවත් සමහර පිරිසක් තමාට සාමාන්‍ය ආකාරයේ ශ්‍රවණ මට්ටමක් තිබෙන බව සිතා සිටියත් ඔවුන්ගේ එම නිගමනය සෑම විටෙකම නිවැරදි නොවේ. උදාහරණයක් වශයෙන් යම් ශ්‍රවණ දුර්වලතාවක් සහිත අයෙකුට ඔබ යමක් පවසන විට එම වාක්‍යයේ වචනයක් දෙකක් නොඇසී යන්නට පුළුවන්. නමුත් ඔවුන් එය ඉතාම සාමාන්‍ය දෙයක් වශයෙන් සලකා නැවත නැවත එම වාක්‍ය පවසන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට ද හැකියි. මෙවැනි කුමන ආකාරයේ දුර්වලතාවක් තිබුණත් ඉතාමත් සාමාන්‍ය ආකාරයට ඔවුන් හැසිරෙන අතර එම ශ්‍රවණ දුර්වලතා පිළිබඳ හරි ආකාරයෙන් හඳුනා නොගැනීම නිසා දීර්ඝකාලීනව බරපතළ ශ්‍රවණ ගැටලු උද්ගත විය හැකියි. විශේෂයෙන් මෙම ගැටලුවට මුහුණ දෙන්නේ දරුවෙකු නම් එම දරුවාගේ සමාජීය, අධ්‍යාපන ජීවිතය ආදී බොහෝ පැතිකඩ සඳහා එය බාධාකාරී විය හැකියි. බොහෝදුරට වැඩිහිටියෙක් මෙවැනි ගැටලුවකට මුහුණ දෙනවා නම් ඇතැම්විට බාහිර පුද්ගලයන්ගේ චෝදනාවට පවා ලක්විය හැකියි. “එයාට සිහිය නැහැ” “මොනවත් කිවිවට තේරුම් ගන්නේ නැහැ” ලෙසින් බොහෝ දෙනා චෝදනා නැඟිය හැකියි. ඇතැම් විට මෙසේ හටගන්නා ශ්‍රවණාබාධ පිළිබඳ මුල්කාලීනව එතරම් සැලකිලිමත් නොවුණ ද පසුකාලීනව බරපතළ මට්ටමින් නැවත සකසා ගැනීමට නොහැකි තරම් දරුණු මට්ටමේ රෝගාබාධ වලට පත් වීම ඉතාම සුලබව දැකගත හැකි තත්ත්වයක්.

කෙසේ වෙතත් අදාළ ගැටලුව හඳුනාගත් අවස්ථාවේද ඊට අදාළ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීම ඉතා වැදගත් වනවා වගේම ඊට අදාළ ප්‍රතිකාර කරා යොමුවීම ඉතා වැදගත්. නමුත් ශ්‍රවණ දුර්වලතාවක් හඳුනාගත් පමණින් තමාගේ අභිමතයට අනුව විවිධ ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවිය යුතුයි. සුදුසු විධිමත් ප්‍රතිකාරයක් ඊට හැකි ඉක්මනින් යෙදිය යුතු අතර ශ්‍රවණ චිකිත්සකවරයා වෙත යොමු වනවාද වෛද්‍යවරයා වෙත යොමු වනවා දැයි යම් මත භේදයකටද ඇතැම් අය මුහුණ දියහැකියි.

සාමාන්‍යයෙන් අදාළ රෝගියාට පවතින්නේ ශ්‍රවණ සම්බන්ධ ශල්‍ය වශයෙන් යෙදිය යුතු ප්‍රතිකාරයක් නම් එය වෛද්‍යවරයකු විසින් පිළියම් යෙදිය යුතු තත්ත්වයකි. තවත් සමහර අවස්ථාවල වෛද්‍යමය ප්‍රතිකාර යෙදිය නොහැකි තත්ත්වයන් ද තිබිය හැකි අතර ඊට ශ්‍රවණ චිකිත්සකවරයකුගේ සහාය අත්‍යවශ්‍ය වේ.

මෙම ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත් වනවා වගේම ශ්‍රවණ දුර්වලතා සම්බන්ධව පවතින ශ්‍රවණ උපකරණ යෙදවුම් පිළිබඳ දැනුමක් ලබා සිටීම ද ඉතා වැදගත්. එම ශ්‍රවණ උපකරණ සම්බන්ධ තාක්ෂණය දිනෙන් දින අලුත් වන අතර එම උපකරණ සඳහා තාක්ෂණික වශයෙන් හිමිවන සහයෝගය ඉතා ඉහළ මට්ටමක මේ වනවිටත් පවතියි. පෙර පැහැදිලි කළ පරිදි පුද්ගලයකු ක්‍රමයෙන් වයස් ගත වනවිට ශ්‍රවණ ගැටලු ඇතිවීම අතිශය සාමාන්‍ය වුවත් පාසල් යන වයසේ පසුවන දරුවෙකුට එවැනි ගැටලුවකට මුහුණ දීමට සිදු වුවොත් එය යම් බරපතළ තත්ත්වයක් ඇති කරවිය හැකියි. එවැනි ශ්‍රවණ ගැටලුවලින් පෙළෙන දරුවන් ඉගෙනීමට අදක්ෂ වනවා පමණක් නොව කේන්ති යාම, අලස බව, ගුවන් විදුලි හෝ රූපවාහිනී යන්ත්‍ර ක්‍රියාත්මක කළ විට ඒවා සමීපයටම යාම ආදී ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. කෙසේ වෙතත් මෙවන් ලක්ෂණ හඳුනාගත් වහාම ඉතා සූක්ෂමව ඒවා හඳුනාගැනීම හා අදාළ වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කරවීම ඉතා වැදගත්.

සාමාන්‍යයෙන් වැඩිහිටියකුට වඩා දරුවෙකුට තිබෙන ශ්‍රවණ ඌනතාවකදී ඊට පිළියම් යෙදිම කඩිනම් කළ යුත්තේ දරුවාගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම ශ්‍රවණ ගැටලුවට සමඟ ජීවත් විමට සිදුවන නිසාවෙනි. කුඩා දරුවන් සම්බන්ධව මෙවැනි දුර්වලතාවන් හඳුනා ගැනීමට පවතින ක්‍රමයක් ලෙස ඍඪඵභචත ජ්ඪඥතඤ ඊපචඪද ඒභඤඪධථඥබපර පරීක්ෂණය හඳුන්වා දියහැකියි. මෙම පරික්ෂණයේදී සිදුවන්නේ දරුවාගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම හරහා ශ්‍රවණ දුර්වලතා හඳුනා ගැනීමයි. මෙම හඳුනාගැනීමේ කාර්යය දරුවාගේ මවට පියාට හෝ පවුලේ සමීපතමයෙකුට සිදු කළ හැකියි.

යම් ලෙසකින් අදාළ ගැටලුවට තෝරා ගත යුත්තේ ශ්‍රවණ ආධාරයක් නම් ඒවා තෝරා ගැනීම විධිමත් ආකාරයට සිදු කිරීම ඉතා වැදගත්. එහිදී ශ්‍රවණ පරික්ෂණයන්ට විශේෂත්වයක් හිමිවන අතර ඔවුන් නව තාක්ෂණික දැනුමින් පරිපූර්ණ වීම ද ඉතා වැදගත්.

නුවන්ති කුලරත්න