උදරය නෙරා ඒම පාලනය කරන යෝග ආසන

උදරය නෙරා ඒම පාලනය කරන යෝග ආසන

යෝග ආසන මඟින් නිරෝගී සුවයක්

ප්‍රවීණ යෝගාචාර්ය රෝලන්ඩ් විතානගේ

අප දැන් ආසනයට පිවිසෙන ආකාරය මදක් විමසා බලමු. ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ආස්තරනය මත (මැට් එක) මත වැතිරී ඔබගේ පාදය මඳක් ඉහළට ඔසවන්න. එසේ තත්පර දෙකක් පමණ සිට දෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට තවත් මඳක් ඉහළට ඔසවා තත්පර දෙකක් පමණ සිට තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට පාදය ඉහළට ඔසවා සිටින්න. මෙවිට ඔබගේ පාදය කෙළින් තබාගැනීමට උත්සාහ කරන්න. දැන් ඔබ තත්පර දෙකක් පමණ සිට සෙමින් පාදය පහළට ගෙනත් නිදහස් කරන්න. මේ ආකාරයෙන් වම් පාදයට තෙවරක් සහ දකුණු පාදයට තෙවරක් ද යොදන්න. එමෙන්ම ඔබගේ අභිමතය පරිදි වම්පාදයට සයවරක් සහ දකුණු පාදයට ද සයවරක් යෙදිය හැක.

ප්‍රතිඵල

උදරය නෙරා ඒම පාලනය වේ. එමෙන්ම උදරය එල්ලාවැටීම ද පාලනය වේ. ඉඟටිය දෙපස බැඳෙන මේදය ද දහනය වේ.

සැලකිය යුතුය

කොන්ද ප්‍රදේශයේ ආබාධ තිබෙන අයට සහ බෙල්ලේ කැක්කුම් සහ ආබාධ තිබෙන අයට සුදුසු නොවේ.