කේජු නිසා පියයුරු පිළිකා අවදානමක් නමුත් යෝගට් එම අවදානම අඩුකරනවා

කේජු නිසා පියයුරු පිළිකා අවදානමක් නමුත් යෝගට් එම අවදානම අඩුකරනවා

කිරි ආහාරවල හොඳ මෙන්ම නරකත් පවති. ඒවා කැල්සියම් හොඳින් සපයයි. ඒත් මේදය වැඩි තත්ත්වයක් ද පවතී. කිරි ආහාර නිසා පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතකදී සිදුකළ නව අධ්‍යනයකින් හෙළි වී ඇතැයි වාර්තා වේ.

එම පර්යේෂණ අධ්‍යයනට අනුව සහ ඝන හෝ ක්‍රීම් ලෙස පවතින කේජු වැඩි වශයෙන් ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බවත් එහෙත් යෝගට් වැඩිපුර ආහාරයට ගැනීමෙන් එම අවදානම අඩුවන බවද හෙළි වී ඇත.

නිව්යෝක් නගරයේ පිහිටි රොස්වෙල් පාක් පිලිකා ආයතනයේ පිළිකා රෝග පාලන හා වැළැක්වීමේ අංශයේ අධිපති ආචාර්ය මැක්කෑන් හා ඇයගේ සහයකයින් විසින් පවත්වනු ලැබු මෙම තොරතුරු පසුගියදා “Current Developments In Nutrition  නමැති සඟරාවේ පළ කරන ලදී.

චර්ම පිළිකාවට පසු ලෝ පුරා කාන්තාවන්ට වැඩිපුරම ඇතිවන සේ සැලකෙන පියයුරු පිළිකා නිසා මේ වසරේ පමණක් අලුතින් වැළදුණු කාන්තාවන් 252,710 සිටින බවටත් ඔවුන් අතුරෙන් මරණ 40,000 සිදු වී ඇති බවත් හෙළි වී ඇත.

පියයුරු පිළිකා වැළඳීමේ අවදානමට බොහෝ දුරට ආහාර බලපාන බව පෙන්වා දී ඇත. Medical News Today සඟරාවේ පසුගියදා පළවුණු වාර්තාවකට අනුව නවයොවුන් වියේදී වැඩිහිටි තත්ත්වයට පත්වීමෙන් පසු අඩු පෝෂණයක් සහිත ආහාර ගැනීම හේතු කොටගෙන. ආර්තවාභාව තත්ත්වයට පෙර පියයුරු පිළිකා ඇතිවිය හැකිවේ.

කිරි ආහාර වලින් සමහර වර්ග සෞඛ්‍යයට අහිතකර ලෙස සලකනු ලබන නමුත් පියයුරු පිළිකා කෙරෙහි කිරි ආහාර බලපාන ආකාරය පිළිබඳව ස්ථිර වශයෙන් කිවනොහැකි බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. මෙම සංකීර්ණ තත්ත්වය බලාපොරොත්තු විය හැකියි. එයට හේතුව කිරි ආහාර පෝෂ්‍ය පදාර්ථ මෙන්ම පෝෂණයක් නොමැති කොටස්වල සංකීර්ණ මිශ්‍රණයක් නිසායි. එම සංකීර්ණ මිශ්‍රණයට සම්බන්ධ කොටස් පිළිකා ඇතිකිරීම හෝ නැති කිරීම කෙරේ බලපෑමක් සිදුකළ හැකි” යැයි පවසයි.

මැක්කැන් සහ ඇයගේ සහයකයින් පැවැත්වු මෙම අධ්‍යයනය සඳහා 2003 - 2014 අතර කාලය තුළ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 1941 ගෙන් හා නොවැළඳුන කාන්තාවන් 1237 කගෙන් ගනු ලැබු දත්ත උපයෝගී කරගෙන තිබිණ. මෙම කාන්තාවන්ට ඉදිරිපත් කරනු ලැබු ප්‍රශ්නාවලියට සෑම මාසයකම ඔවුන් විසින් ගනු ලැබු කේජු, යෝගට් කිරි ඇතුළු කිරි ආහාර විස්තර ඇතුලත් වී තිබිණ. එම කරුණු සමඟ එම කාන්තාවන්ගේ වයස, සිරුරේ ආකෘතිය, ආර්තාවාභාවය හා පියයුරු පිළිකා පිළිබඳ ඉතිහාසයක් පැවතීම යන කරුණු ද සලකා බැලු පර්යේෂකයින් වැඩිපුර කිරි ආහාර ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවීම සියයට 15කින් අඩු කරනු ලබන බව හෙළි කරගෙන තිබිණ.

එසේම එම කරුණු සවිස්තරව සලකා බැලීමේදී වැඩිපුර යෝගට් ගත් කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සියයට 39කින් අඩු වී ඇති බවද හෙලි වී ඇත.

එහෙත් ඝන හා ක්‍රීම් තත්ත්වයේ පවතින කේජු වැඩිපුර ගැනීමෙන් පියයුරු පිළිකා අවදානම සියයට 53කින් වැඩි වන බවද හෙළිකර ගැනීමට ඔවුනට හැකි වී තිබිණ.

කෙසේ වෙතත් මෙම පර්යේෂයෙන් යම් කිසි තොරතුරක් මෙම අවදානම ගැන හෙළි වෙතත් එම තත්ත්වය ඇතිවීම හා කේජු කෙතරම් දුරට කුමන අන්දමට ඒ සඳහා හේතු වේ ද යන්න සෙවීමට වැඩිදුර පර්යේෂණ සිදුකළ යුතු බවද එම පර්යේෂකයින් පවසා ඇත.

කෙසේ වෙතත් සියලුම පිළිකා වලින් සියයට 30කට පමණ පිළිකා ඇතිවීම කෙරේ. ආහාර බලපෑම නිසා තවදුරටත් ඒ සඳහා විශේෂ පර්යේෂණ කළ යුතු බවද පර්යේෂකයින් තවදුරටත් පවසයි.