අහල පහල ඇති විෂ සහිත ශාක වර්ග

අහල පහල ඇති විෂ සහිත ශාක වර්ග

හබරල

හබරල ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල දැකිය හැකි විශේෂයෙන් තෙතමනය සහිත පොළවෙහි වැවී ඉක්මනින් බෝවෙන ශාකයකි. එයට අල සහිත මුලක් මෙන්ම විශාල පත්‍ර ද ඇත. අරා සේ නම් ශාක පවුලට අයත් හබරල වල විද්‍යාත්මක නාමය වන්නේ “ඇලොකේසියා මැක්රොරයිසා” යන්නයි. හබරල වර්ග ගණනාවක් තිබුණ ද ඒවා බොහොමයක ඇත්තේ කැල්සියම් ඔක්සලේට් ස්ඵටික සහ කැසීම සහ උත්තේජනය ඇති කරන රසායනයක් වේ.

හබරල ශාක කොටසේ විශේෂයෙන් පිනි කොටස් ශරීර ගත වුවහොත් අධික ලෙස කෙළ ගැලීම, මුඛ කුහරය උත්තේජනය වීම, කට කැසීම, දැවෙන ස්වභාවය සහ වේදනා කැක්කුම දැනීම ඉක්මනින් ඇතිවිය හැකිය. තොල්, දිව, කම්මුල්, බේට ග්‍රන්ථි, උගුර ආදී තැන් ඉදිමීමට ලක්වීම නිසා කතා කිරීම. ශබ්දය පිටවීම සහ ස්වරාලය අවහිර වීම වැනි තත්ත්වයන් ඇතිවෙයි. ගලනාල ප්‍රදේශය ඉදිමීම කරණකොට ගෙන රෝගියාව මරණයට පත්වීමට පවා හැකිය. මුඛ ශ්ලේෂ්වල පටලයන් හී දිය බුබුළු මතු වී දින කිහිපයක් තුළ ජව පටල මියයාමේ තත්ත්වයන් ඇති විය හැකිය. විශාල ප්‍රමාණයත් ශරීරගත වුවහොත් අන්තසෝත සෛල මියයාම, ආමාශයෙන් රුධිර වහනය, වලිප්පුව හා ගැස්ම ආදී තත්ත්වයන් පවා ඇතිවීමට පුළුවන.

හබරල ඉස්ම ඇස්වල ගැවීමද විෂ ස්‍රාවය වේදනාව ඇසිපිය ඉදිමීම, ඇස්වලින් කඳුළු ගැලීම කුනීතයට හානිවීම ආදී තත්ත්වයන් ඇති කරයි. ඉක්මනින් ප්‍රතිකාර කළහොත් ඇස් පෙනීම අහිමි වී යාම වලක්වා ගැනීමට පුළුවන. හැකි වහාම මිනින්තු 15ක පමණ කාලයක් ඇතුලත පිරිසුදු වතුරෙන් සේදීම කළ යුතුමය.

කනේරු

බොහෝ ගෙවතුවල මල්වල ලස්සනට වවන තැන්වල මෙන්ම වැටට සිටවන කනේරුද හානිකර විෂ අඩංගු පැළැටිය

කෙවිටා පෙරිවියනා (කහ මල් සහිත වැටවල් සඳහා හිටවන) සහ නේරියම් ඔලියන්ඩර් යන උද්භිද නාමයන්ගෙන් මෙම දෙවර්ගය හැඳින්වෙයි.

කනේරු හී ඉහළම විෂ ඇත්තේ එහි ඇට තුළය. “කෙවිටියා ඒ සහ බී” මෙන්ම “නෙරිෆොලීම්” හා හෘදයට හානිකර විෂ වර්ග කනේරු ඇටතුළ බහුලව අඩංගුය. ඒ හැරුණු විට කනේරු ගහේ සහමුලින්ම විෂ සහිතය.

හෘදය ක්‍රියාකාරීත්වය අවහිර කිරීම, රුධිර පීඩනය පහත දැමීම, බ්‍රැඩිනඩියා හෙවත් හදලැසිය (හදවතේ ගැස්ම පහත හෙලීම) කනේරු විෂ විම් නිසා ඇතිවන මරණයට හේතුකාරක වෙයි. මෙයට අමතරව කහ පැහැයෙන් පෙනීම, කාංසාව වලිප්පුව සහ සිහි මුර්ජාව වැනි විෂවිම් ලක්ෂණ ද මතුවිය හැකිය.

එඬරු

“රිසිනියේ කොමියුනිස්” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එඬරු ගසේ ඇටවලින් ලබාගන්නා තෙල් ආලෝකය ලබාගැනීමට ඇඟ ගැල්වීමට මෙන්ම විවිධ වෛද්‍ය අවශ්‍යතා සඳහා ද භාවිත කෙරෙයි.

“රිසින්” නම් ටොස්ඇල්බියුමින් විෂ වර්ගයක් එඬරු ඇට තුළ අඩංගුය. ඇටයෙන් ලබාගන්නා තෙල් විෂ රහිත වුවත් ඉන් ඉතුරුවන එරඬු තුළ විෂ අන්තර්ගතය.

හොඳින් තැලු සේ කුඩුකළ එඬරු ඇට මද ගිලිම විශාල වශයෙන් විෂ සහිතය. ඇටය එලෙසින්ම ගිලුනහොත් ආහාර මාර්ගයේදී වෙනස්වීමකින් තොරව මල සමඟ එලෙසම පහව යාමට පුළුවන.

මේ අතර ප්ලුට්‍රෝපා කුර්කප් ලෙස විද්‍යාත්මකව හැඳින්වෙන වැට එඬරු ඇට බිත්තර හැඩයක් ගනියි. මෙහි අඩංගු ටොක්ස් ඇලුබියුමින් විෂ වර්ගය හැඳින්වෙන්නේ කුරිසින් ලෙසට රයිසින් හා තුර්සින් හා විෂ දෙවර්ගයම එකම ආකාරයේ රෝග ලක්ෂණ ගෙන එන අතර ප්‍රතිශක්තියද එක සමානය.

මෙම විෂ වර්ග ශරීර ගත වී ටික වේලාවක් යනතුරු රෝග ලක්ෂණ නොදක්වන අතර ඉන්පසුව ඔක්කාරය, වමනය බඩ සහ උගුර දැවිල්ල හා කැක්කුම පාචනය ඇතිවෙයි. විජලනය, ලවණ තුල්‍යතාවය බිඳ වැටීම, කෙණ්ඩ පෙරලීම හා කම්පනය රෝගයේ ප්‍රතිඵලය.

අක්මාව, වකුගඩු සහ ඉන්ද්‍රියන්ට හානි කළ හැකි අතරම රුධිර ගත සීනි ප්‍රමාණය අඩුවීම, ඇසෙන් රුධිර වහනය, මුත්‍රා සමඟ ලේ යාම, වලිප්පුවද මෙසේ ඇතිවිය හැකිය.

වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් සංකුලතා උග්‍රවීම වැලැක්විය හැකියි.