මව්කිරි දෙනවිට නිවැරැදි සබඳතාවක් දරුවා සමඟ ඇතිකරගන්නා අන්දම

මව්කිරි දෙනවිට නිවැරැදි සබඳතාවක් දරුවා සමඟ ඇතිකරගන්නා අන්දම

වාට්ටුභාර හෙදි සොයුරිය (1 ශ්‍රේණිය)

ශික්ෂණ රෝහල -මහනුවර, මනෝවිද්‍යා හා උපදේශණ පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණී, විශ්ව විද්‍යාලය-පේරාදෙණිය

ප්‍රියංගිකා අඹගස්පිටිය

දැන් ඔබ මව්කිරි ලබාදීම, වැදගත්කම, කළ යුතු නොකළ යුතු දේ, වාසි ආදී බොහෝ තොරතුරු දැනගත්තා. තවත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් පිළිබඳව අද අපි කතා කරමු.

දරුවාට මව්කිරි උරාබීම පහසු වීමට නම්, දරුවා මවගේ පියයුරට හොඳින් හා නිවැරදිව සම්බන්ධ විය යුතුයි. මේ ගැන ඔබ අවධානය යොමු කළේ නැහැ නේද? පියයුර දරුවාගේ මුවට ළං කළ පමණින්, දරුවා තනපුඩුව ඉරූ පමණින් එය නිවැරදි සම්බන්ධයක් වන්නේ නෑ.

නිවැරදි සම්බන්ධයේ වාසි

1. බිළිඳා තෘප්තිමත්ව කිරි උරා බොයි

2. බිළිඳාට අවශ්‍ය නිසි පෝෂණය ලැබීම, බර වැඩි වේ.

3. අසහනකාරී වී කිරි උරා බීම නවතා දමන්නේ නැත

4. මවගේ පියයුරු තද වී / කිරි තද වී වේදනාවක් නොදැනීම

5. මවගේ තනපුඩු තැලී, ඉරිතැළුණු ස්වභාවයක් ගන්නේ ද නැත.

මව සහ දරුවා අතර නිවැරදි සම්බන්ධතාවය හඳුනාගන්නේ කෙසේද?

නිවැරදි සම්බන්ධතාවයකදී

* “ආ” යන ශබ්දයට අනුව බිළිඳාගේ

* මුව විවර වේ

* බිළිදාගේ කම්මුල් පිම්බී මුවේ කිරි එකතු වේ.

* බිළිඳාගේ නිකට මවගේ පියයුරේ ගෑවේ.

* බිළිඳා කිරි ගිලින ශබ්දය ඇසේ

* තනපුඩුව වටා ඇති තද පැහැ (කළු) කොටසෙන් වැඩි කොටසක් දරුවාගේ මුව තුළ ඇත.

* දරුවාගේ තොල් පිට පැත්තට පෙරළී ඇත.

දුර්වල සම්බන්ධයකදී

* “ඌ” යන ශබ්දයට අනුව මුව තොල් පිහිටයි.

* බිළිඳාගේ කම්මුල් පිම්බී නැත

* නිකට පියයුරෙන් ඈත්ව ඇත. (ගෑවෙන්නේ නැත.)

*ද කිරි ගිලින ශබ්දයක් ඇසෙන්නේ නැත.

* තනපුඩුව පමණක් මුව තුළ ඇත.

* ඇරියෝලා කොටස එළියේ ඇත.

* තොල පිට පෙරළී නැත.

මේ ආකාරයට නිවැරදි සම්බන්ධතාවයක් තබා ගැනිමට ඉවහල් වන්නේ නිවැරදි ඉරියව්වෙන් දරුවා ස්ථාපිත කර ගැනීමයි. (Pasitioning) එය කළ යුත්තේ මෙහෙමයි.

පියයුරට මුහුණලා බිළිඳාගේ ශරීරය මවගේ සිරුරට සමීපව තිබීම

මවගේ අවධානය දරුවා වෙත ලබාදීම, මුහුණට මුහුණ බලා කිරි දීම.

පියයුරේ මුලට ආධාරයක් ලෙස තම මාපට ඇඟිල්ල තබා අනෙක් ඇඟිලි හතර පියයුර යටින් ආධාරයක් ලෙස පමණක් තබා ගැනීම.

පියයුරේ කළු කොටස අපි මේ කොටසට කියන්නේ ඇරියෝලාව කියලා. මේ කොටස තද කරමින් කිරි කටට මිරිකීම අවශ්‍ය නොවේ.

දරුවා මවගේ අත දිගේ කෙලින් අතට තබා ගැනීම ද වැදගත්ය.

දරුවා එල්ලාගෙන සිටීම, කිරි උරා බීමට අපහසුතාවක් ඇති කරයි.

දරුවා හොඳින් උණුසුම රැකෙන පරිදි ඇඳුම් අන්දවා හොඳින් ඔතාගෙන කිරි දීම ආරම්භ කරන්න.

ළදරුවාට මව්කිරි ලබාදෙන මවගේ ආහාරය හා තරල ලබා ගැනීම ගොඩක් වැදගත් නේද? ඔබට යම් යම් ගැටලු ඒ ආශි‍්‍රතව ඇති.

හාල්මැස්සන්, කුඩා මාළු කාලා දරුවාට කිරි දෙන්න හොඳ නෑ කියලා මතයක් තියෙනවා.

ලබන සතියට...


අත සුළු කැපීමකට ලක්වුවහොත්

උපදෙස් - චර්ම රෝග පිළිබඳ විශේෂඥ

වෛද්‍ය අනුරා දේවනාරයන

ආයුර්වේද ශික්ෂණ රෝහල

බොරැල්ල.

 

හදිසි අනතුරු කොයි වෙලේ සිදුවෙයි ද කියන්න බැහැ. ගෙදර දොරේ වැඩ කටයුතු කරන විට දී බොහෝ අත්වැරදීම් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලය ශාරීරිකව සිදුවන ආපදාවක් විය හැකියි. ඔබ ගෘහණියක් නම් නිතර ගැවසෙන මුළු තැන්ගෙය තුළ පරිහරණය වන භාණ්ඩයක් වන පිහිය, කැත්ත හෝ මන්නය නිසා අත්වැරදීමකින් සිරුරේ මොනයම් හෝ තැනක් කැපීමකට ලක්වුවහොත් කුමක් කරන්නද?

Fris aid Box එක ඊට දෙන පිළියම් මොනවාද කියා බලමු.

අත්, පා හෝ සිරුරේ කුමන ස්ථානයක් සුළු කැපීමකට ලක් වීම නිසා රුධිරය ගලා ඒමට පටන් ගනී. මුලින් රුධිරය ගලා ඒම නවතාලිය යුතුයි.

සුළු කැපීමක දී කළ යුතු දේ

1. ගොටු කොළ ඉස්ම තුවාලය වූ ස්ථානයට දැමීම

2.කෝපි කුඩු දමා වෙලුමකින් බැඳීම

3.කහ කුඩු තබා වෙලුම් පටියකින් බැඳීම.

4.ලේ වැරැල්ල කොළ මිටක් ගෙන තලා කැපුම මත තබා බැඳීම

5.කොහොඹ කොළ, අමු කහ, එකට තලා එම තුවාල වූ ස්ථානයේ තබා බැඳීම

තුවාලයේ දැවිල්ල අඩු කර ගැනීමට

1.කෝමාරිකා මදය කැපුම අවට තැබීම

2.කෙසෙල් බඩ ඉස්ම කැපුම අවට තැබීම

3.අන්නාසි ගොබ ඉස්ම තුවාලය අවට තැබීම (මෙහිදී අසාත්මිකතා ඇත් දැයි විමසා බැලීම වටී)

4.අනිත්ත කොළ තලා ගත් ඉස්ම තුවාලය අවට ගෑම

වේදනාව නැසීමට

1.බැබිල මුල් , බෙලි මුල් තම්බා බීම

2.වෙනිවැල් ගැට, ඉඟුරු, කොත්තමල්ලි තම්බා

බීම

3.බැබිල මුල් සුදු ලුණු තම්බා බීම

4.අනිත්ත අල තම්බා බීම