තමාට වැළඳුණු පිළිකාව පිළිබඳ කතා කරයි

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

තමාට වැළඳුණු පිළිකාව පිළිබඳ කතා කරයි

පිළිකාව නම ඇසුණු පමණින් අපේ හදවතට ගෙන දෙන්නේ ඉමහත් බියක් තැතිගැන්මක්. මරණය අබියස සෙවනැල්ලක් සේ අප පසුපස හඹා එන පිළිකාව පිළිකා රෝගීන්ගේ ජීවිතයට ගෙන දෙන්නේ ඉමහත් කඩා වැටිමක්.

පිළිකා රෝගියෙක් යන නම ඇසු පමණින් සිත් සන්තාපනය තුළ මෝදු වන බිය මුසු වේදනාව නිසාම ඇතැම් පිලිකා රෝගියන් මානසිකව කඩාවැටීමකට ලක්වී ඒ වේදනාවෙන්ම මියයනු දක්නට ලැබෙනවා.

බලාපොරොත්තු සියල්ල සිඳි බිදි ගොස් මුළු ජීවිතයම අතහැර දමන ඇතැම් පිළිකා රෝගින් ඔබ අපි කොතෙකුත් දැක ඇත. පිළිකා රෝගය වැළදෙන්නේ මනුස්සයන්ටයි.

ඔහු රජෙක් ද, වෛද්‍යවරයෙක් ද, සාමාන්‍ය මනුස්සයෙක් ද, ඕනෑම කෙනෙක් විය හැකියි. අද අපි කතා කරන්නට යන්නේ ආරෝග්‍යා පුවත්පතට නිරන්තරයෙන්ම ලිපි සපයන ප්‍රජා සෞඛ්‍ය විශේෂ වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මහතා ගැනයි.

පසුගිය සයමසකට පෙර ඔහුට පිළිකාවක් වැළදුනා නමුත් ඔහු මේ පිළිකාවට මුහුණ දුන්නේ අපි කවුරුත් නොසිතු විරු ලෙසටයි. පිළිකාව ජයගන්නට ඔහු නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ප්‍රතිකාර ලබමින් ඉතා සතුටින් මුහුණ දුන්නා.

වෛද්‍යතුමා පිළිකාවට කිසිඳු පැකිලීමකින් තොරව සතුටින් මුහුණ දුන් ආකාරය ඔහුගේ මුහුණු පොතේත් සටහන් කර තිබෙනවා.

අපේ ආරෝග්‍යා පාඨකයන් වෙනුවෙන් පිළිකාව ජය ගන්නට ඔහු මුහුණ දුන් ආකාරයත්, ඔහුගේ චිත්ත ධෛර්යත් අලලා සැකසෙන ලිපිපෙළ ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න.

ලබන සතියේ සිට.......