ස්නානය කරන විට පිහිනන විටදී ශ්‍රවණ උපකරණ ගැන වදවෙන්න එපා

ස්නානය කරන විට පිහිනන විටදී ශ්‍රවණ උපකරණ ගැන වදවෙන්න එපා

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

ශ්‍රවණාධාරකයක් හෝ ශ්‍රවණ උපාංගයක් භාවිතා කරන අයකු එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරන්තර අවධානයකින් පසුවීම ඉතා වැදගත්. ඒ අවධානය එදිනෙදා ජීවිතයේ කටයුතු පහසුකර ගැනීමට හේතු වනවා වගේම තම ශ්‍රවණ උපකරණ කට්ටල වල සුරක්ෂිතාවයට ද එකසේ වැදගත්. පෙරදී නම් කොක්ලියර් ශල්‍යකර්මයකට මුහුණ දුන් අයෙක් හෝ ශ්‍රවණ උපකරණ කට්ටලයක් භාවිතා කරන අයෙක් සාමාන්‍ය පුද්ගලයකුට වඩා ජලය සමඟ දුහුවිල්ල සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වීමට අවශ්‍ය වුවත් ඒ පිළිබඳ තව දුරටත් කණගාටුවක් ඇති කර ගැනීමට වර්තමාන තාක්ෂණය ඉඩක් තබා නොමැත.

ඔබ ශ්‍රවණාබාධිත අයෙක් නම් හා ශ්‍රවණ උපකරණ භාවිතා කරන අයෙක් නම් හෝ ශ්‍රවණය නිවැරදි කර ගැනීමට අදාළ ශල්‍යකර්ම සිදු කළ අයෙක් නම් ඔබේ තාක්ෂණික ශ්‍රවණ උපාංග නිසා පිහිනීමට, ජලයේ ස්නානයට නොහැකිව ලතැවුණා නම් නවතම තාක්ෂණික උපාංග හරහා එම අවස්ථාව උදාකරගැනීමට මේ වන විටත් හැකියාව ලැබී තිබේ. ඔබට ඔබගේ ශ්‍රවණ උපකරණ කට්ටලය පැළඳගෙන ජලයේ පිහිනීමට විමෝද වීමට, බියකින් තොරව කාලය ගත කිරීමට මේ වන විට අවශ්‍ය පහසුකම් ශ්‍රවණ උපකරණ පිළිබඳ තාක්ෂණය ඔබට උරුම කරදී අවසන්.

ඒ අනුව මෙම ලිපිය යටතේ විමසා බැලෙන්නේ ජලයේදී ඔබේ ශ්‍රවණ උපාංග කට්ටලය නොතෙමී ආරක්ෂාකර ගත හැකි නවතම උපාංග හා කොක්ලියර් ශල්‍යකර්ම වලට අදාළව සමාජයේ බොහෝ දෙනා අතර පවතින මිත්‍යා මත පිළිබඳවයි.

ඔබ ශ්‍රවණ උපකරණ භාවිතා කරන අයෙක් නම් ස්නානය කරන විට වගේම පිහිනන විටදී ජලයෙන් ඒවා ආරක්ෂා කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ඊට හේතුව ඒවා යම් ලෙසකින් තෙත් වුවොත් එහි ක්‍රියාකාරීත්වයට දැඩි සේ බාධා වන බැවිනි. විශේෂයෙන්ම ඔබගේ සවුන්ඩ් ප්‍රෙසෙසරය පිළිබඳ වද නොවී තමාට කැමැති ආකාරයෙන් ස්නානය කිරීමටත්, පිහිනීමටත් මේ වන විට අවස්ථාව උදා වී තිබේ. ඒ වගේම මෙම ප්‍රෙසෙසරය සඳහා භාවිතා කරන බැටරි, නැවත චර්ජ් කිරිමේ හැකියාවෙන් යුක්ත නිසා එහි ආරක්ෂාවට යොදන ඛ්ධඩතඥඥචප ඒඳභච ඒජජඥඵඵධපර නිසාත් සබන් සහිත ජලය ස්නාය කිරීමකදීත් ක්ලෝරීන් සහිත ජල තාටකයකදීත්, වැලි සහිත තැන්වලදීත් ඔබගේ ශ්‍රවණ උපකරණවල ක්‍රියාකාරීත්වයට බාධා නොවන අයුරීන් කටයුතු කිරීමේ හැකියාව මේ වන විටත් උදා වී තිබේ.

ඒඳභච ඒජජඥඵඵධපර යනු තනිවම භාවිතා කළ හැකි කුඩා ප්ලාස්ටික් පසුම්බියකි. ඒ වගේම ජලය තුළ සිටින විට බාහිරින් ජලය හෝ වෙනත් කිසිවක් ඇතුල්වීමට ඉඩ නොලැබෙන පරිදී සීල් වීමටද හැකියාවක් එම ආවරණයට තිබේ. ඒ වගේම එම පසුම්බිය භාවිතා කිරීමේදී වයර්, දඟර මඟින් බාධා ඇති නොවේ. මෙම ඒඳභච ඒජජඥඵඵධපර නිපදවා ඇත්තේ ප්ලාස්ටික් ආවරණයකින් නිසා එය පැළඳීමෙන් පසු ඇතුළත තිබෙන ප්‍රොසෙසරය හොඳින් දැක ගැනීමේ හැකියාවක් ලැබේ. ඒ වගේම එම ප්‍රොපෙසරය නැවත සකස් කිරීමට ද ක්‍රියාකාරීත්වය හොඳින් පාලනය කිරීමට ද හැකියාව ලැබේ. ඒ වගේම තමාගේ අවශ්‍යතාව අනුව මෙම පසුම්බිය සීල් කළ හැකි අතර නැවත ගැලවීමට අවශ්‍ය නම් ගලවා ඉවත් කිරීම ද සිදු කළ හැකියි.

ශ්‍රවණ උපකරණ, උපාංග භාවිතා කරන අය මුහුණ දෙනු ලබන තවත් ගැටලු රැසක් තිබේ. බොහෝ අයට පවතින එවැනි එක් ගැටලුවක් වන්නේ කොක්ලියර් උපකරණ ක්‍රියාකාරී වන්නේ ශ්‍රවණාධාරක ක්‍රියාත්මක වන ආකාරයටම ද යන්නයි. නමුත් මේවා ක්‍රියාකාරී වන්නේ තරමක් වෙනස් ආකාරයෙනි. බොහෝ දෙනෙක් මෙම උපකරණ සමාන අයුරින් ක්‍රියාත්මක වන බව පවසන්නේ ඒවා නිෂ්පාදනය කිරීමට භාවිතා කරන්නේ තරමක සමාන තාක්ෂණයක් නිසාවෙනි.

කොක්ලියර් ශල්‍යකර්මය සම්බන්ධයෙන් පවත්නා තවත් මිත්‍යා මතයක් වන්නේ එය කුඩා ළමුන්ට පමණක් සීමා වූ ශල්‍යකර්මයක් යන්නයි. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ පවතින මත වාදයක් වුවත් මෙම ශල්‍යකර්ම සඳහා මේ වන විට දහස් ගණනක් වු ප්‍රමාණයක් වයස් භේදයකින් තොරව තම ශ්‍රවණ දුර්වලතා නිවැරදි කරගෙන තිබීම ඊට කදිම සාක්ෂියක්.

පැය තුනක් වැනි ඉතාම කෙටි වේලාවක් තුළ දී කොක්ලියර් ශල්‍යකර්මය සිදු කරනු ලැබේ. එවැනි සුළු වේලාවක් තුළ සිදුකරනු ලබන සැත්කමක් හරහා තමාගේ මුළු ජිවිත කාලය පුරාවටම බලපාන ගැටලුවක් නිරාකරණය කරගත හැකිවීම ඉතා විශේෂිතයි.

මෙසේ සමාජය තුළ මුල් බැසගෙන තිබෙන වැරදි මත නිවැරදි කර ගැනීම හරහා අදාළ ශ්‍රවණ අපහසුතා වලින් පෙළෙන බොහෝ දෙනාට තම ගැටලු පහසුවෙන් විසදා ගැනීමට හැකියාව ලැබේ.