මළබද්ධය සුව කළ හැකියි

 මළබද්ධය සුව කළ හැකියි

පෑලියගොඩ රන්පත වෙද මැදුර

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල

ආයුර්වේද වෛද්‍ය

රුවන් රත්නායක

මළබද්ධය ඇති රෝගීන්ට පවතින රෝග ලක්ෂණ ලෙස, බඩ පුරවා දැමීම,හිසේ ඇතිවන කැක්කුම, මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම, සම දුර්වර්ණ වීම, සමේ කැසීම් සහ පළු දැමීම් ඇති වීම, නොරිස්සුම් සහගත බව, මුහුණ අඳුරු පැහැ ගැන්වීම, තුනටිය හා හන්දිපත් වේදනාව ආදී තත්ත්වයන් සැලකිය හැකිය.

මළබද්ධය හෙවත් බඩ වේලීම කරදරකාරී රෝග තත්ත්වයක්. ඒ වගේම මේ රෝගී භාවය නිසා ඔබට ඇති වන අසහනය කියා නිම කරන්න බැරි තරම්. මේ මළබද්ධයෙන් මිදී සැනසීමක් ලබන්න නම් ඔබ සුදුසු ප්‍රතිකාරයක් ගත යුතුමයි. ඔබට කරදරකාරී වූ මේ මළබද්ධය නිවැරදි ලෙස හඳුනාගෙන නිට්ටාවටම සුව කරගත හැකි බව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා පවසයි.

සමහරෙකුට මෙම මළබද්ධ තත්ත්වය කෙටිකාලීනව පවතින්නට පුළුවන්. තවත් කෙනෙකුට මෙම කෙටිකාලීනව පැවති මළබද්ධයට හුරු වීම නිසා දීර්ඝකාලීන මෙන්ම ස්ථීර වශයෙන් පවතින රෝගී තත්ත්වයක් බවට පත් වෙන්නට පුළුවන්.

මෙහිදී සමහරෙකුට මුල් කාලීනව මළ ස්වල්ප වශයෙන් පිටවුනත්, තවත් සමහරෙකුට මළ පිටවීම දවස් දෙක තුනකට වරක් සිදු වෙන්න පුළුවන්. සමහර අවස්ථා වලදී මළබද්ධය ඇති අය දින 4 සිට 7 දක්වා වන ඉතා දිගු කාලයකට වරක් මළපහ කරන අවස්ථා ද දක්නට ලැබෙනවා.

මේ ආකාරයට මළබද්ධය ඇති රෝගීන්ට පවතින රෝග ලක්ෂණ ලෙස, බඩ පුරවා දැමීම, හිසේ ඇතිවන කැක්කුම, මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම, සම දුර්වර්ණ වීම, සමේ කැසීම් සහ පළු දැමීම් ඇති වීම, නොරිස්සුම් සහගත බව, මුහුණ අඳුරු පැහැ ගැන්වීම, තුනටිය හා හන්දිපත් වේදනාව ආදී තත්ත්වයන් සැලකිය හැකිය.

මුල් කාලයේදී ඇතිවන මෙවැනි රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් නොවීම නිසා ඒවා උත්සන්න වී මහා රෝග බවට පත්වන අවස්ථා ද ඇත. මේ නිසා එය අර්ශස් හෝ භගන්දරා (ජ්ඪඵබභතච) වැනි දරුණු රෝග තත්ත්වයක් දක්වා ද ව්‍යාප්ත වේ. ඒ වගේම මෙවැනි හේතූන් මුල් කරගෙන පීනස, වාතරක්ත සහ කුෂ්ට රෝග මෙන්ම දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් ද ඇති වීමේ අවදානමක් පවතී.

කෙනෙකුට මළබද්ධ තත්ත්වය ඇති වීමට හේතු ගණානාවක් බලපාන්න පුළුවන්. ඒවා අතරින් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන හේතූන් වන්නේ ගැස්ට්‍රයිටීස් හා ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතාවයන් වේ.

මීට අමතරව ළමා අවධියේ පටන් ඇති වුණු හේතූන් ද බල පෑ හැකියි. එනම් දරුවන් කුඩා කාලයේ දී ඔවුන්ට තරවටු කරමින් වැඩිපුර ආහාර ලබා දීම නිසා ඒවා නිසි පරිදි ජීර්ණය නොවීමෙන් ජීර්ණ පද්ධතිය ආශි‍්‍රතව මුල් කාලයේදී ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙය පසුකාලීනව මළබද්ධය ඇති කිරීමට බලපාන බව සඳහන් කළ හැකිය. මේ ආකාරයට වැඩිහිටියන් පවා පමණට වැඩියෙන් ආහාර ගැනීමට පුරුදු වීම පසු කාලීනව ඔවුන්ට මළබද්ධය ඇති වීමට එය ඍජුවම බලපාන හේතුවක් විය හැකිය. එලෙසම, මා මුලින්ම සඳහන් කළ පරිදි කෙනෙකුට මළබද්ධය ඇතිවීමට හේතු සාධක වන්නේ ඔවුනොවුන්ගේ වැරදි ආහාර විහරණයන් වේ. මළබද්ධය ඇති කරන ආහාර ද්‍රව්‍ය අතර කෝපි හා චොකලට් විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම කෘතිම ආහාර වර්ග කෙටි ආහාර වර්ග බහුලව ගැනීමත් මලබද්ධය ඇති කිරීමට ප්‍රබල හේතූන් විය හැකියි.

අපි අපේ මුතුන් මිත්තන් ඈත අතීතයේදී ආහාරයට ගනු ලැබූ අල, බතල, එළවළු, පලා වර්ග, පළතුරු වර්ග ඇතුළු කෙඳි සහිත ආහාර රටාවෙන් මිදී, පාන් පිටි හා තෙල් මිශි‍්‍රත ආහාර බහුලව භාවිතයට යොමු වීමත්, මළබද්ධය උත්සන්න කිරීමට හේතුවන බව කිව යුතුයි. මළබද්ධය රෝගී තත්ත්වයක් වනවා වගේම වෙනත් රෝග ගණනාවක් ඇති කිරීමට ද මුල පුරන බැවින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ දී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. එම නිසා රෝගීන්ට ඉතා පහසුවෙන් ගත හැකි ආකාරයට පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරු අනුව නිෂ්පාදනය කළ ඖෂධ ලබා දෙනවා.

මෙහිදී මළබද්ධයෙන් පෙළෙන රෝගීන්ට මළ පහසුවෙන් පිට කිරීම සඳහා මෘදු විරේචන ගුණයෙන් යුත් සරල ඖෂධ ලබා දෙනවා. මෙම ඖෂධ රාත්‍රී කාලයේදී නින්දට යාමට පෙර ලබා දීම නිසා උදෑසන අවදි වූ සැනින් ඉතා පහසුවෙන් මළ පිටකිරීමේ හැකියාව ලැබෙනවා.

මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය නිසා රෝගියාගේ රෝග ලක්ෂණ පහව යනවා. ඒ නිසා ඔහු තුළ පැවති නොරිස්සුම් සහගත බව, හිසරදය, මුඛයෙන් දුගඳ හැමීම, ශාරීරික වේදනාව, බඩ පුරවා දැමීම ඇතුළු අසහනාකාරී ලක්ෂණ සියල්ලම පහව ගොස්් රෝගියාට සැහැල්ලුවක් දැනෙනවා. මේ ආකාරයට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර නිසිලෙස ගැනීමෙන් මෙම මළබද්ධය සාර්ථක ලෙස නිට්ටාවටම සුව කර ගන්නට පුළුවන්.

සමහර අය ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට මැලිකමක් දක්වන්නේ ඒවා සොයා ගැනීමට හා සකස් කර ගැනීමට තිබෙන අපහසුතා නිසා ඖෂධ වට්ටෝරු ලබා දෙන්නේ නැතිව ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට පූර්ණ වශයෙන් සකස් කර ඇති ඖෂධ ලබා දෙනවා. මේ සඳහා අප විසින් ගුණාත්මක භාවයෙන් ඉහළ තත්ත්වයෙන් සැකසූ තම්බා පිළියෙල කළ කෂාය වර්ග, ක්වාථ වර්ග, පෙති ලෙස සකස් කළ කෂාය වර්ග ලබා දෙනවා. ඒ වගේම අනිකුත් සියලුම ඖෂධත් සකස් කර ඇත්තේ ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙසයි.

මීට අමතරව විවිධ රැකියාවන් වල නියුතු, සේවා මුර ක්‍රමයට සේවයේ යෙදෙන, කාර්යබහුල අයට වුවත් මෙම සකස් කළ ඖෂධ ඔවුන්ට පහසු වේලාවක ගත හැකි අන්දමින් ඔවුනට ගැලපෙන කාල සටහනක් සකස් කර දීමට හැකි වීම මෙම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට වැඩි දෙනෙකු නැඹුරු වීමට රුකුලක් වෙලා තියෙනවා.