තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමට බලපාන හේතු නිසාද?

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමට බලපාන හේතු නිසාද?

සිතා අරඹේපොළ

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

තයිරොයිඩ් ග්‍රන්ථිය අපගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයට නැතිවම බැරි ග්‍රන්ථියකි. සිරුරේ මනා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන්නා වූ තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කෙරෙනුයේ තයිරොයිඩ් ග්‍රන්ථියෙනි. තයිරොක්සින් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය අඩු වැඩි වීම අරභයා ඇතිවන රෝගී තත්ත්වයන් ප්‍රධානයි. විශේෂයෙන්ම තයිරොක්සින් හෝර්මෝනය අඩු වීමේදි සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමට ඉඩ ඇති අතර රෝග ලක්ෂණ ලෙස සිරුර අනවශ්‍ය ලෙස තරුබාරුවීම, හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වීම, මල බද්ධය ආදී රෝග ගණනාවකටම හේතුවිය හැකි අතර තයිරොක්සින් හෝර්මෝනය වැඩිවීම නිසා ඇස් ඉදිරියට නෙරා ඒම සිරුර කෙට්ටු වීම, අධික ලෙස දහඩිය දැමීම, අසාමාන්‍ය ලක්ෂණ මතුවීම, හදවත ගැස්මේ රිද්මය වැඩිවීම, ආදී රෝග ලක්ෂණ මතු වේ.

එසේම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව ගැටිති ඇතිවිමත් ග්‍රන්ථිය විශාල වීමත්, සමහර ගැටිති පිළිකා බවට පත්වීමත් සිදු වේ. එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව වැළඳෙන රෝග සමුහය අතරින් තයිරොක්සින් අඩුවීම, ප්‍රධාන ගැටලුවක් වන අතර මෙවැනි අවස්ථාවලදී ප්‍රතිකාර ලෙස තයිරොක්සීන් ඖෂධ වශයෙන් ශරීරයට ලබා දෙන අතර සිරුරේ තයිරොක්සීන් ප්‍රමාණය වැඩි වූ විට එය අවම කිරීම සඳහා ද ඖෂධ ලබාදීම සිදු කෙරේ. ඇතැම් පුද්ගලයන්ට ජීවිත කාලය පුරාවට තයිරොක්සීන් ඌනතාවයට අවශ්‍ය වන ඖෂධ ලබාගත යුතුව ඇත.

නමුත් ඖෂධ ප්‍රතිකාරයට අමතරව තයිරොක්සීන් ග්‍රන්ථිය ඉවත් කිරීමට සිදුවන රෝගීන් ද නැතුවා නොවේ. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට අවශ්‍ය වන රෝගීන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබිය යුතු වේ.

1.අධික ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇතිවීම

2. එක් විශාල ගැටිත්තක් වුවද සැකයට බඳුන් වූ ගැටිත්තක් බවට පත්විම

3. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වයක් ඇති වී තිබීම

4. තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රමාණය විශාල වී තිබීම නිසා ගිලීමට, හුස්ම ගැනීමට තිබෙන අපහසුතාවය

5. ඇතැම් රෝගීන්ගේ තයිරොක්සීන් ප්‍රමාණය අධිකව නිපදවීම

විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදී රෝගින්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට වෛද්‍යවරයා ඇතැම්විට තීරණය කරනු ඇත. නමුත් ඊට ප්‍රථම පහත සඳහන් පරීක්ෂණ වෙත රෝගියා යොමු කරවනු ලැබේ.

උඉඉ - දඥජඬ (අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්)

ජ්ව්ඒඛ් - ට්තචදඤ (ඉදිකටු පරික්ෂණය)

ඊඉඩ්, ඊ3,ඊ4 (රුධිර පරික්ෂණය)

මෙම පරීක්ෂණ තුන සිදු කර ලබා ගන්නා ප්‍රතිඵලවලට අනුකූලව වෛද්‍යවරයා විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට තීරණය කරණු ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කම සිදු කෙරෙන ආකාරය

සම්පූර්ණ සිහි නැති කිරීමෙන් පසු ගෙල ඉදිරියේ කැපුමක් යොදා ග්‍රන්ථිය ඉවත් කරන අතර එය තරමක් සංකීර්ණ ශල්‍යකර්මයක් ලෙස සැලකේ. මෙහිදී මුළු ග්‍රන්ථියම ඇතැම්විට ඉවත් කෙරෙන අතර ඇතැම්විට එක් භාගයක් හෝ ග්‍රන්ථියෙන් හතරෙන් තුනක් පමණ ඉවත් කෙරෙනු ඇත.

තයිරොයිඩ් ග්‍රන්ථියට ආසන්නයේ එයට ඇලෙන අයුරින් ගමන් කරන ස්වර තන්ත්‍රය පාලනය කරන ස්නායුව ආරක්ෂා කිරීම මෙහිදී ඉතා වගකිව යුතු කරුණකි. එසේම කැල්සියම් නිපදවීමට අවශ්‍ය වන්නා වූ පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය ආරක්ෂා කරමින් ඉතා සුපරික්ෂාකාරීව කළ යුතු සැත්කමකි.

ඇතැම්විට ග්‍රන්ථිය විශාල වීම නිසාත්, ග්‍රන්ථිය දිගුකාලීනව පැවතීම නිසා පිළිකාමය තත්ත්වයක් උදාවී ඇති විටකදී මෙම ග්‍රන්ථිය ඉවත් කිරීම අසීරු කාර්්‍යයක් වේ.

සමහරවිට තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම පිටතින් පෙනෙන ප්‍රමාණයට වඩා ඇතුළතින් ග්‍රන්ථියේ වැඩි ප්‍රමාණයක් විශාල වී තිබිය හැක.

ඉහත සඳහන් අවස්ථාවලදී සිදුකෙරෙන ශල්‍යකර්මයකදී ඉහත සඳහන් කළ ස්නායුවට සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථීන්ට හානිවීමේ අධික සම්භාවිතාවක් ඇති නමුත් සංකූලතා නොමැති විටකදී අනතුරක් සිදුවීමට තිබෙන අවකාශ ඉතා අඩු වේ.

ඇතැම්විට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ස්වසන අපහසුතා, කථන දුර්වලතා, කැල්සියම් ප්‍රමාණය අඩුවීම, අධික රුධිර ගලනය වැනි සංකූලතා ද මතුවීමට ඉඩ ඇති නමුදු ඖෂධ ප්‍රතිකාර සහ විවේකය මඟින් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව පවතී.

දීප්ති ෆොන්ූසේකා