චොක්ලට් කන්න හොඳද? නැද්ද?

චොක්ලට් කන්න හොඳද? නැද්ද?

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී

පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

චොක්ලට් හා මිනිසා අතර ඇති සබඳතාව ඉතා පැරණියි. එසේම නොබිඳෙන සුළුයි.

සමහර විටෙක එය ආදරයේ සංකේතයක් ද වෙයි. චොක්ලට් ගැන කීමට ඇත්තේ එපමණද? නැත. ඊට හේතුව චොක්ලට් හා සෞඛ්‍ය ගැන බොහෝ යහපත් හා සෞඛ්‍ය ගැන බොහෝ යහපත් හා අයහපත් තොරතුරු විසිරී පැතිරී යාමයි.

මේ ඒ පිළිබඳ විමසුමකි.

පහතින් දක්වා තිබෙන්නේ චොක්ලට් ගැන සමාජයේ හුවමාරුව මත කීපයකි.

චොක්ලට්වල කැෆේන් වැඩියි. ඒ නිසා මිග්‍රේන් චොක්ලට් සංතෘප්ත මේදයෙන් වැඩියි. ඒ නිසා කොලෙස්ටරෝල් තිබෙන අයට හොඳ නැහැ.

චොක්ලට් පොලිෆිනෝල් වැනි ප්‍රති ඔක්සිකාරකවලින් පොහොසත්.

චොක්ලට් හදවතට හොඳයි.

චොක්ලට් සම සුරකියි.

ඔබව නීරක්තියෙන් වළක්වයි.

ඇස් පෙනීම වර්ධනය කරයි.

චොක්ලට් රසවත්. ඒත් හොඳ කෑමක් නම් නෙමෙයි.

ඩාර්ක් චොක්ලට් තමයි හොඳම

චොක්ලට් ශක්තිජනක ආහාරයක්

චොක්ලට් සිතුවිලි වඩා යහපත් කරයි.

චොක්ලට් රුධිර පීඩනය අඩු කරයි.

චොක්ලට් සිරුර මහත් කරයි.

චොක්ලට් නිසා දත් දිරනවා.

කෙබඳු අදහසක් වුවත් තීරණය වන්නේ පුද්ගලයකු කන චොකලට් ප්‍රමාණය අනුවයි.

චොක්ලට් අධිකව ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටමේ ඉහළ යෑමක් සිදුවෙනවා. එය පුද්ගලයෙකු තරබාරු වීමට හේතුවක්.

ඩාර්ක් චොක්ලට් නැතිනම් තිත්ත චොක්ලට් හොඳ චොක්ලට් ද?

ඩාර්ක් චොක්ලට් මඟින් හෘද රෝග අඩු කරගත හැකි බව යම් මූලාශ්‍රවල දැක්වෙනවා. නමුත්, එය තීරණය වන්නේ පුද්ගලයෙකු ඒවා ආහාරයට ගන්නා ප්‍රමාණය මතයි.

තිත්ත චොක්ලට් (Dark chocolate)  පවා වැඩිපුර කෑවොත් වැඩක් සිදුවිය හැකියි. ඒ අනුව මෙවැනි චොක්ලට් එකකින් පවා වැඩිහිටියකු නම් දවසකට අනුභව කළ යුත්තේ කැබැලි දෙකක් වැනි ප්‍රමාණයක්.

මෙහි අඩංගු කැෆේන් නිසා ඒවා වැඩිපුර කෑමෙන් හිසරදය මිග්‍රේන් ආදී තත්ත්වලට හේතුවක් විය හැකියි.

බොහෝදෙනෙක් ඩාර්ක් චොක්ලට් විශේෂිත ඒවා ලෙස සලකන්නේ එය යම් පමණකට සීනි අඩු නිසයි.

නමුත් ඒවායේත් සෙසු චොක්ලට්වලට සාපේක්ෂව කැලරි ප්‍රමාණය සමානයි. එහි තිබෙන කිරි හා සීනි හේතුවෙන් වැඩිපුර ආහාරයට ගත්තොත් තරබාරු වීමට හේතුවක් ලෙස සැලකිය යුතුයි.

බොහෝදෙනෙක් කුඩා දරුවන්ගේ ආදරය දිනන්නේ චොක්ලට් එකක් දීමෙන්. පුංචි ළමයින්ට චොක්ලට් හොඳද?

මේ වනවිට කුඩා දරුවන්ගේ දත්ත ගැටලුවල සීඝ්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. චොක්ලට් වගේම වෙනත් සීනි හෝ පැණි රසැති ආහාර හෝ පාන ඊට හේතුවක්. චොක්ලට් මේ තත්ත්වයට වැඩිපුර අනුබලයක් දෙන්නෙ එහි ඇලෙන සුළු බව නිසයි. චොක්ලට් කටේ ඇලෙන සුළුයි. ඒ නිසා එය එක් වරම ඉවත් වීමක් සිදුවන්නේ නැහැ. එසේම චොක්ලට් දත් අතර රැඳීමෙන් දත්වල කුහර පහසුවෙන්ම ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා චොක්ලට් කෑ විගස දත් මැදීම කළ යුතුමයි. එසේම දවස පුරා චොක්ලට් කෑමේ පුරුද්දෙනුත් දරුවන්ව ඈත් කිරීම ද වැදගත්.

දරුවන්ට චොක්ලට්වලින් ලබාගත හැකි පෝෂණ වාසි කෙබඳුද?

කිරිවලින් ලබාගත හැකි ගුණාංග තරමක් ලබාගත හැකියි.

පෝෂණමය වශයෙන් ලැබෙන වාසිවලට වඩා වෙනත් රෝගාබාධවලට තිබෙන අවදානම නිසා දරුවන් පවා චොකලට් අනුභව කළ යුත්තේ සීමා සහිතවයි. ප්‍රමාණාත්මක වශයෙන් සැලකුවහොත් කුඩා දරුවකුට දිනකට 100ඨ ක චොක්ලට් පෙත්තක් හොඳටම ප්‍රමාණවත්.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ දේශනයක් ඇසුරිනි