හෘද රෝග දියවැඩියාව-පිළිකා ආදියෙන් ආරක්ෂාවීමට නම්...

හෘද රෝග දියවැඩියාව-පිළිකා ආදියෙන් ආරක්ෂාවීමට නම්...

ප්‍රධාන බෝනොවන රෝග සියල්ලන්ටම හේතුවන පොදු අවදානම් සාධක

* දුම්බිම, දුම්කොළ භාවිතය සහ මධ්‍යසාර භාවිතය

* නිරෝගීමත් ලෙස ආහාර නොගැනීම

* සිරුරට අවශ්‍ය ව්‍යායාම නොලැබීම

* මානසික ආතතිය

* ස්ථුලතාවය

අධික ලෙස තෙල් සහ මේද අඩංගු ආහාර සහ අධික පිෂ්ඨය සහිත ආහාර ගැනීමත්, කය නොවෙහෙසා ක්‍රියාශිලි නොවන ජීවන රටාවත්, සිරුරේ බර අධික වීම සහ ස්ථූලතාවය ඇතිවීමට බලපාන සාධක වේ.

ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) kg/m2

* 18.5ට අඩු නම් ඔබට උසට සරිලන බරක් නොමැත

* 18.6 න් 24.9ත් අතර නම් ඔබට උසට සරිලන බරක් ඇත.

* 25න් 29.9න් අතර නම් ඔබ අධි බර ඇත්තකු නිසා රෝග සඳහා බඳුන් වීමේ අවදානමක් ඇත

* 30 හෝ 30ට වැඩි නම් ඔබ ස්ථුලතාවය ඇත්තකු නිසා රෝග වැළඳිමේ අධික ප්‍රවණතාවයක් පෙන්වයි.

* ස්ථුලතාවය නිසා

* හෘදයාබාධය

* අධික රුධිර පිඩනය

* ආතය (අංශභාගය)

* දියවැඩියාව

* හන්දි ප්‍රදාහ වැනි රෝග තත්ත්වයන් ඇතිවේ.

මෙවැනි රෝග තත්ත්වවලින් වැළකීමට

* ආහාර පිරිමිඩයට (Food Pyramid) අනුව ආහාර ගන්න

* ඔබගේ ආහාරයට බහුලව පළතුරු සහ එළවළු එක් කිරීමට පුරුදු වන්න.

* ඔබගේ බත් පතෙහි 1/3 ක් එළවළු වලින් සමන්විත විය යුතුය.

* තෙල් සහ සංතෘප්ත මේද සහිත ආහාර අවම කරන්න.

උදා - සම්පූර්ණ යොදට සහිත කිරි සහ කිරි ආහාර, චීස්, බටර් සහ තෙල් සහිත මාංශ කොටස් සහ වරකට වඩා භාවිතා කළ තෙල් වලින් බඳින ලද රෝල්ස් පැටිස්, කට්ලට් වැනි ආහාර වල අඩංගු Trans Fats ශරීරයට ඉතාමත් අහිතකර බව තරයේ සිතට ගන්න.

* ලුණු භාවිතය අවම කරන්න. දිනකට නිරෝගි පුද්ගලයකුගේ ලුනු අවශ්‍යතාවය ග්‍රෑම් 5කි. (තේ හැන්දකින් එකක්)

* ජලය ශරීරයට අත්‍යවශ්‍ය ඖෂධයකි. පිපාසයට පිරිසිදු ජලය පානය කරන්න. පැණි බීම ශරීරිය රෝගි කරයි.

දිනපතා විනාඩි 30ක් ව්‍යායාමක යෙදෙන්න. රාජකාරිය නිමවි ගෙදර යන විට බස් නැවතුම්පොළක් දෙකක් ඉදිරියෙන් බැස හැකි තරමක් වේගයෙන් දෑත් හැකි තරම් ඉදිරියට හා පසු පසට චලනය කරමින් ඇවිදීම මගින් ද ඔබගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාමය ලැබිය හැක.

* සෝපානය භාවිතයෙන් වැළකී පඩිපෙළ භාවිතා කිරීමට හුරු වන්න

* දිනකට විනාඩි 10ක් හෝ එක් අරමුණක සිත පිහිටුවා ගනිමින් භාවනාවේ යෙදීම මානසික සෞඛ්‍ය වර්ධනයට උපකාරී වේ.

* දුම්වැටි භාවිතය සහ මත්පැන් භාවිතය ඉහත රෝග තත්ත්ව උද්ගත වීමට හේතුවේ.

* දුම්වැටි සහ මත්පැන් භාවිතය නතර කරන්න.

* දුම්වැටිය ඔබ පමණක් නොව ඔබගේ ආදරණීය ඇසුරු කරන්නන්ද රෝගි තත්ත්වයට පත් කරන බව අමතක නොකරන්න.

ආරෝග්‍යා පුවත්පත මෙහෙයවීමෙන් නිල්දණ්ඩාහීන්න ඉලුක්පතන ශ්‍රී ධම්මාරාම විහාරයේ පැවැති වෛද්‍ය සායනයේදි බෝ නොවන රෝග හඳුනාගැනීමේ ඒකකයෙන් ලද තොරතුරු ඇසුරිනි