වැඩි කලක් ජීවත් වෙන්න වැඩියෙන් දරුවන් හදන්න

වැඩි කලක් ජීවත් වෙන්න වැඩියෙන් දරුවන් හදන්න

දරුවකු හදන්න විඳින දුක් කන්දරාවත්, ඒ වෙනුවෙන් කොතරම් දින ගණනක් නිදි වරන්න සිදුවෙනවා ද යන්න ගැන සිතන විට ජීවිතය දික්වෙනවාට වඩා අඩු වයසින් මිය යනු ඇතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මෑතකදී කරනු ලැබූ අධ්‍යයනයකට අනුව වැඩියෙන් දරුවන් හදන අය වැඩිකලක් ජීවත්වෙන බව දැක්වේ.

ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ ආචාර්ය කරීන් මොඩිග් ප්‍රධාන පර්යේෂණ කණ්ඩායම මඟින් පැවැත්වූ මෙම අධ්‍යයනයට අනුව දරුවන් සිටින දෙමාපියන් දරුවන් නොමැති අයට වඩා වසර දෙකකින් ආයු කාලය වැඩි කරගන්නා බව පෙනී ගොස් ඇත.

මෙම අධ්‍යයන වාර්තාව “ජර්නල් ඔෆ් එපිඩෙමියෝලොජි ඇන්ඩ් කොමියුනිටිහෙල්ත්” නැමැති සඟරාවේ පළ කරනු ලැබූ එකකි. මෝඩිග් ප්‍රධාන පර්යේෂකයින් විසින් ඉහත කී කරුණ සොයා ගනු ලැබූ නමුත් දරුවන් හා ආයු කාලය අතර පවතින සබඳතාවය කුමක්දැයි හරිහැටි වටහා ගැනීමට ඔවුන්ට මෙතෙක් හැකිවී නැහැ. ජීවිත කාලය තුළදී මෙම සබඳතාවය පිළිබඳව දැනට පර්යේෂණ කර ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බවත් මොඩිග් පවසයි.

මෙම පර්යේෂණ සඳහා 1911 හා 1925 අතර කාලය තුළ ස්වීඩනයේ ජීවත් වූ පිරිමි 704481 හා ගැහැණු 725,290 කගේ දත්ත ජාතික ජනගහන ලයිස්තුªවෙන් මෙම පර්යේෂණය සඳහා උපයෝගි කරගනු ලැබු බවද පැවසේ.

සැම කෙනෙකුගේ විවාහක අවිවාහක බව, ඔවුන්ට සිටින දරුවන් ප්‍රමාණය හා එම දරුවන් පිරිමි ද ගැහැනු ද යන වග මෙම අධ්‍යයනය සඳහා සළකා බැලිණි. දෙමාපියන් බවට පත්වීම වයස 60න් පසු ඔවුන්ගේ ආයු කාලය කෙරේ බලපා ඇති අන්දම ද මෙම පර්යේෂකයින්ගේ අවධානය යොමු විය.

දරුවන් නොමැති අය සමඟ සසඳන විට එක දරුවකු හෝ සිටින දෙමාපියනට මරණයේ අවදානම අඩු බව පෙනී ගොස් ඇත. වයස 60දී දරුවන් සහිත පිරිමි දරුවන් නොමැති පිරිමින්ට වඩා වසර 2කින් වැඩි ආයුකාලයක් පැවති බවත් දරුවන් සහිත කාන්තාවන් දරුවන් නැති අයට වඩා අවුරුදු 1 1/2ක වැඩි ආයුකාලයක් පවතිනන බවද ඔවුන් හඳුනාගෙන ඇත.

එහෙත් මෙම අධ්‍යයනය තවදුරටත් කළ යුතු බවයි පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත්ෙ.් අතර තවත් ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ.