අතුරු ආබාධවලින් තොරව ක්‍රීඩා කිරීමට භාවිතා කළ යුතු ඇඳුම්

අතුරු ආබාධවලින් තොරව ක්‍රීඩා කිරීමට භාවිතා කළ යුතු ඇඳුම්

ක්‍රීඩාවක් හෝ ව්‍යායාම කරන විට දී භාවිතා කරන ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත් වන්නේ නිසි ආකාරයෙන් ක්‍රීඩාවට සුදුසු ඇඳුම් භාවිතා නොකිරීමෙන් අපට අතුරු ආබාධ ඇතිවීමට හේතුවක් වන නිසයි.

පාරිසරික බලපෑම

විශේෂයෙන් අපට ක්‍රීඩා තරඟ කිරීමට සිදුවන්නේ එළිමහනේය. මේ ගෙවී යන අවුරුදු කාලයේ පවා ක්‍රීඩා තරඟ දැකගත හැක්කේ පාරේ තොටේ දී පවත්වන තරඟයි. ගෘහස්ථව දැකගත හැක්කේ අන්තර්ජාතික තරඟ වගේම ග්‍රාමීය මට්ටමේ පවතින සමහර ක්‍රීඩා තරඟයි. එබැවින් ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේදී ක්‍රීඩා කරන්නේ එළිමහනේ ද ඇතුළත ද යන්න තීරණය කිරීම වැදගත්. මේ පාරිසරික බලපෑම සිරුරේ මාංශපේශී මෙන්ම ක්‍රීඩාවේ ජවයට බොහෝ සෙයින්ම බලපානු ලබනවා.

එළිමහන් ක්‍රීඩා තරඟවලදී ඇඳුම් භාවිතය

ඔබගේ ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමේදී මේවා ගැන සැලකිලිමත් වීම වැදගත් එළිමහනේ පවතින අව්රශ්මියට ඔරොත්තු දෙන සුදුපාට ඇඳුම් ඇඳීම දහඩිය ඉක්මනට උරාගන්නා සුළං සිරුරට වදින ඇඳුම් භාවිතය සුදුසුයි.

ඇතුළත ක්‍රීඩා (Indo games) හෝ ව්‍යායාම වලදී ඇඳුම් භාවිතය

ඇඳුමේ පාට විශේෂයක් නැත.

දහඩිය ඉක්මනට උරාගන්නා සුළං සිරුරට තදින් වදින ඇඳුම් සුදුසුයි.

සිරුරට ඇලෙන ඇඳුම් (Body fit)

ශරීර වර්ධන ව්‍යායම්වලදී සමහර තරුණ කොටස් මෝස්තරයක් ලෙස ශරීරයට ඇලෙන Body fit ඇඳුම් පාවිච්චි කරති. එවිට සිදුවන්නේ, විද්‍යාත්මකව හුස්ම ගැනීමට බාධා පැමිණීම හා චලන පරාසය අඩු වීමයි. එය සුදුසු නැත. ශරීර වර්ධක උපදේශකවරයාගේ උපදෙස් ඔබ මෙහිදී ගත යුතුයි.

ක්‍රීඩා තරඟවලදී ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වීම

දහඩිය උරාගන්නා ඇඳුම් සුදුසුයි. ක්‍රීඩාවක නීතිරිතිවලට ගැලපෙන ඇඳුම් භාවිතය ශාරීරික චලනයන්ට අනුගත වන ඇඳුමක් වීම. එනම් සිරුර නැවීම, දිග හැරීම ආදියට ඇති හැකියාව පහසු වීම. දාර අඩුවෙන් ඇති ඇඳුම් භාවිතය. මැහුම් ප්‍රමාණය අඩුවීම වැදගත්. නැතිනම් ඇඟ කැසීම, කිහිලි කැසීම, ඉකිලි කැසීම හෝ නිසා මානසික අවධානය වෙනතකට යොමු විය හැකියි.යකඩ කොකු,බොත්තම්. අඩු ඇඳුම් ශරීරය බාහිරට ගැටෙන අවස්ථාවලදී කුෂන් කළ ((Well Padded) ) ඇඳුම් භාවිතය සුදුසුයි. උදා - වොලිබෝල්, රගර් ක්‍රීඩාවලදී ම්දඥඥ ට්භචපඤ

කාන්තා ඇඳුම් භාවිතය

ක්‍රීඩා තරඟවලදී ඇතිවන ගැටීම්වලදී හෝ වැටීමකදී ඔබගේ පියයුරු ආරක්ෂා කරන ඇඳුම් භාවිතය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. මෙහිදී ඔබ ආරක්ෂාකාරීව තරඟයට මුහුණ දෙනවා සේම ඊට සරිලන හොදින් කුෂන් කළ ඇඳුම් (එඥතත ර්‍ථචඤඤඥඤ) භාවිතා කළ යුතුයි.

වැඩි වේලාවක් සිටගෙන ක්‍රීඩා කිරීම

මෙහිදී පාදය ආශ්‍රිතව ලේ තැන්පත් වීම වැඩිවේ. නමුත් ක්‍රීඩකයකුට එසේ ලේ තැන්පත් වීම සුදුසු නොවේ.එම නිසා එම ලේ ප්‍රමාණය ප්‍රධාන රුධිර ධාරාවට ගැනීම වැදගත් වේ. එම නිසා (Compression Garment)  ඇදෙන සුළු තද ඇඳුම් ඇදීම සුදුසුයි. උදහරණ - පාපන්දු ක්‍රීඩාවේ දී මේ (Compression Garment)  ඇදෙන සුළු තද ඇඳුම් පාපන්දු ක්‍රීඩකයා පුහුණුවේදී පාද වලට (තධදඨ ඵතඥඥමඥ) භාවිතා කරයි.

මිනිස් සිරුරේ ඉහළ ප්‍රදේශයේ තද ඇඳුම් ඇදීම සුදුසු නොවුවත් පහළ කොටසට තද ඇඳුම් භාවිතය සුදුසුයි. එහිදී සිදු වන්නේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව ලේ ගමනාගමනය හොඳින් පහසු කිරීමයි.

බයිසිකල් පැදීම

මෙම ක්‍රීඩා තරඟවලදී (Well paddad)  කුෂන් කළ ඇඳුම් භාවිතය ඉතාම සුදුසුයි. අනතුරකට පත් වුණත් හානියක් නොවන ලෙස පත්වීමට මෙවැනි ඇඳුම් භාවිතා කෙරේ. එසේම ඔවුන්ගේ Helmet (හිස් ආවරණය) ද ඉතාම වැදගත්. හිසට මුහුණට වන හානිය අවම කරගැනීමට එයින් හැකිවනු ඇත.

බොක්සිං -

මෙම ක්‍රීඩාවේදී හිස ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් වෙනවා. පෙර පරිදි දැන් කාලයේ හිස් ආවරණ පලඳින්නන් නැහැ. ඊට හේතු වී ඇත්තේ හිස් ආවරණය පැළඳ සිටීම නිසා හිස ආරක්ෂා කරගැනීමට ක්‍රීඩකයන් වෙහෙසක් නොගන්නා නිසයි. එහිදී හිසට හානි වූ අවස්ථා වැඩි වී ඇත. එබැවින් පසු කාලීනව හිස ආවරණය ඉවත් කර ඇත. ඉන් පසුව තම හිස ගැන සැලකිලිමත් වී ආරක්ෂාකාරීව තරඟවලට මුහුණ දීමට පටන්ගෙන ඇත. ඒ අනුව අනතුරු අඩු වී ඇත.

පිහිනීම (Swimming) -

ඝර්ෂණය අඩු පිහිණුම් ඇඳුම් සුදුසුයි. සිරුරේ කොටස් වල චලන පරාසය උපරිමයෙන් ම පවතින ඇඳුම් භාවිතය සුදුසුයි. එසේම ජලය හැකිතරම් ඇඳුමට උරා නොගන්නා ඇඳුම් විය යුතුයි.

Sports Garments
 

තරඟවලට සහභාගි වන ඔබ අඳින ක්‍රීඩා ඇඳුම් ඔබට හුරු පුරුදු ඒවා වීම වැදගත් වෙනවා. ඇඳුම් ඔබට හුරුපුරුදු නැතිනම් කොපමණ චලන පරාසයක් සිදුවනවාද කියා ඔබ දන්නේ නැහැ. එබැවින් අලුත් ඇඳුම් භාවිතය කී‍්‍රඩා තරඟවලට සහභාගි වන්නට පෙර එය හුරු කර ගැනීම වඩා වැදගත්.