‘ආරෝග්‍යා’ පුවත්පත අනුග්‍රහයෙන් නිල්දණ්ඩාහීන්න, ඉලුක්පතන ශ්‍රී ධම්මාරාම විහාරයේදී පැවැති වෛද්‍ය සායනය

‘ආරෝග්‍යා’ පුවත්පත අනුග්‍රහයෙන් නිල්දණ්ඩාහීන්න, ඉලුක්පතන ශ්‍රී ධම්මාරාම විහාරයේදී පැවැති වෛද්‍ය සායනය

‘ආරෝග්‍යා’ පුවත්පත මෙහෙයවීමෙන් වලපනේ නිල්දණ්ඩාහීන්න, ඉලුක්පතන ශ්‍රී ධම්මාරාම විහාරයේදී වෛද්‍ය සායනයක්, දන්ත සායනයක් , දියවැඩියාව හඳුනාගැනීමේ පරීක්ෂණ මෙන්ම බෝ නොවන රෝග හඳුනාගැනීමේ සුවිශේෂි සායනයක් පසුගිය දා පැවත්විණි.

මෙම සායනය පැවැත්වුයේ ඉතා දුෂ්කර ප්‍රදේශකය. ගොවිතැන, තේ දළු නෙලීම, සහ අතේ දෑතේ වැඩකටයුතුවල යෙදෙන අතිශයින් අඩුපාඩුකම් වලින් යුතු මෙම ප්‍රදේශයේ පැවැති වෛද්‍ය සායනයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් පැමිණියේ අති දුෂ්කර ප්‍රදේශවල සිටය. බස් රථයක්වත් ගමන් නොකරන එම ප්‍රදේශයේ ගැමියන් පයින්ම සායනට පැමිණීයේ තමාගේ රෝගාබාධවලට ප්‍රතිකාර ගැනීමටය. පාසල් දරුවන් තමන් පෙළෙන දන්ත රෝග වලට ප්‍රතිකාර ගැනීමට පෝලීම් ගැසී සිටියහ. වයෝවෘද්ධ රෝගීන් මෙන්ම මැදිවියේ රෝගීන් දුෂ්කරතා මාධ්‍යයේ පැමිණි අතර මේ ප්‍රදේශයේ වෛද්‍ය සායනක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

මෙම වෛද්‍ය සායනය පැවැත්වීම පිළිබඳව ශ්‍රී ධම්මාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය දෑරංගල පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේ ලේක්හවුස් ආයතනයට මෙන්ම ආරෝග්‍යා පුවත්පතට බෙහෙවින් ස්තූතිවන්ත වු අතර, සායනය සඳහා එම ප්‍රදේශයේ යටිතල පහසුකම් ලබාදීමට උර දුන්නේ නීල්දණ්ඩහීන්න ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ විදුහල්පති එම්.එච්. එදිරිසිංහ මහතා සහ බිරිඳ නන්දරාම විද්‍යාලයේ පාඨශාලාචාරිනී ඩබ්ලිව්. විමලවතී මහත්මියයි.