මේ දිනවල බහුලව දැකිය හැකි කකුල් කැක්කුම

මේ දිනවල බහුලව දැකිය හැකි කකුල් කැක්කුම

නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලේ

වෛද්‍ය නිළධාරිනී

සන්ධ්‍යා හල්ලල

වාතදෝෂ - කෝපය හේතුවක්

කකුල දිගේ පහලට යන වේදනාව

කුකල දිගේ පහලට ඇතිවන වේදනාවක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී “ගෘද්‍රසි” නමින් හඳුන්වයි. කටී ප්‍රදේශයෙන් (කොඳු ඇට පෙළ ආශි‍්‍රතව) පටන් ගෙන තට්ටම් ප්‍රදේශය හරහා පිළිවෙලින් උකුල, කලවා, දණහිස පහළට පාදය දක්වාම පැතිරීගෙන යන වේදනාවක් හට ගැනෙනවා. මේ රෝග තත්ත්වය ඔබ කවුරුත් දන්නා නව්‍ය විදියට සයිටිකා නමින් හඳුන්වන රෝගයයි.

වාතය කෝපවීම

කකුල දිගේ පහළට යන වේදනාව හෙවත් ගෘද්‍රසි රෝග තත්ත්වය වාත දෝෂය කෝප වීම නිසා හට ගනියි. ආයුර්වේදයේ වාත රෝග 80ක් පවතිනවා. ඉන් එක් රෝගී තත්ත්වයක් තමයි මේ ගෘද්‍රසි හෙවත් සයිටිකා. සිරුරේ පවතින විශාලතම ස්නායුව (මහා නහරය) පීඩා වීම හේතු කොටගෙන මෙම රෝගය ඇතිවීමට බලපාන බව පෙන්වා දෙනවා. මෙම මහා නහරය ඇසුරු කරන කෝප වූ වාතය මීට මූලික හේතුවයි.

බොහෝවිට මෙම රෝග තත්ත්වය මේ කාලයේදී බහුලව දැකිය හැකියි. ආහාර විහරන මෙන්ම පාරිසරික බලපෑම් මත ඇතිවන හේතු නිසාත් දැකිය හැකි වෙනවා. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශයේ එවන් රෝගීන් හමුවෙනවා. එයට හේතු වී ඇත්තේ කඳුකර ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන් කටයුතු බැවින් දවසේ වැඩි කාලයක් හිටගෙන සිටීම හා ඇවිද යාමට සිදුවීමයි. මෙම කඳුකර ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් මදිකම නිසා බොහෝදුර ඇවිදයාමට ඔවුන්ට සිදු වෙනවා. එම ප්‍රධාන හේතු දෙක නිසා මෙම රෝග තත්ත්ව මෙම කඳුකර ප්‍රදේශවල බහුලවීමට හේතු වෙනවා.

රෝග ලක්ෂණ

* තද වේදනාව හා කැක්කුම

* මාංශපේශීන්ගේ තද බව

* කකුලේ බර බවක් ඇති වීම

* ඇවිදීමට ඇති අපහසුව

* කැස්සක්, කිවිසුමක් සහ නින්ද යනවිට ඇතිවන තද වේදනාව දැනීම

* තට්ටම් ප්‍රදේශයේ සිට පහලට කකුලේ පිටුපසින් ඇතිවන වේදනාව

* අනින්නාක් බදු වේදනාව

* හිරිය ඇතිවීම

මෙම ගෘද්‍රසි රෝග තත්ත්වය බහුලවම හමුවන්නේ එක් පාදයක ඇතිවන වේදනාවකින්, පාද දෙකේම ඇතිවන්නේ කලාතුරකින්.

ගමන් විලාසයේ වෙනසක්

මෙම ගෘද්‍රසි හෙවත් කකුල දිගේ පහළට යන වේදනාව නිසා ඇවිදයාමට අපහසු තත්ත්වයක් හට ගනී. එවිට පාදය තම සිරුර දෙසට කරකවා පාදය තැබීමට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකි වෙනවා. මෙම රෝගීන්ගේ ගමන් විලාසය ගිජුලිහිණියෙකුගේ ගමන් විලාශයක් මෙන් යැයි ආයුර්වේදයේ දක්වා තිබෙනවා.

නව්‍ය වෛද්‍ය ක්‍රමය

නව්‍ය වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝදෙනා ඔ පචර, ඉජචද පරීක්ෂණ මඟින් ගෘද්‍රසි (සයිටිකා) රෝග තත්ත්වය හඳුනා ගනී. කශේරුකා අතර පිහිටන කාටිලේජ ගෙවී යාම කශේරුකා අතර පරතරය අඩුවීම හෝ පරතරයේ ඇතිවන වෙනස්වීමක්, ඝනවීමක් හෝ ගෙවී යාමක් වැනි හේතූන් එම පර්යේෂණ වාර්තා වලින් හඳුනාගත හැකියි.

ආයුර්වේදයට අනුව රෝගය ඇති විමට බලපාන හේතු

* වැඩිපුර බලපාන්නේ වාතය කෝපවීම නිසයි.

* අධික ව්‍යායාමය

* වැඩිපුර එකදිගට ඇවිදීම

* වැඩිපුර හිටගෙන සිටීම

* නිතර රළු ආහාර ගැනීම (ඇටවර්ග)

* වේග දරා සිටීම (උදා. මල, මුත්‍ර, කිවිසුම්)

* හදිසි වැටීම්

* හදිසියේ තැලීම්

* ක්ෂණික ඇදීම

(උදා. පඳුරක් උදුරන අවස්ථාවේදී)

* වාත කෝපකර ආහාර පාන

(අධික උෂ්ණ / ශීත ආහාර ආදිය)

* නින්ද අඩුවීම හා මානසික ආතතිය ආදී වාත

කෝපකර මානසික හේතු