උදරයේ බැඳෙන අමතර මේද දහනයට

උදරයේ බැඳෙන අමතර මේද දහනයට

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

ආරෝග්‍යා තුළින් අප ඔබට මෙවර ඉදිරිපත් කරනුයේ ශලභ ආසනයේ අර්ධ අවස්ථාවයි. සංකෘත භාෂාවෙන් සලභ යනු සමනලයාට භාවිතා කරන නාමයයි. දැන් අප ආසනයට පිවිසෙන ආකාරය පුරුදු පුහුණු වෙමු.

ඔබ ආස්තරනය මත මුනින් අතට වැතිරි පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට දෑත් දෙකේ අල්ල ප්‍රදේශයද උඩ අතට හරවා තබා ගනිමින් තත්පර තුනක් පමණ සිට දෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට නාස්පුඩු තුළින් ආශ්වාස කර එම වායුව ද රඳවා තබා ගනිමින් ඔබගේ වම් පාදය මදක් ඉහළට ඔසවන්න. එසේ තත්පර දෙකක් පමණ සිට තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට එම පාදය හොඳින් ඉහළට ඔසවා තත්පර තුනක් පමණ සිට ආසනයෙන් නිදහස් නැවත ද මේ ආකාරයෙන් වම් පාදයට තෙවරක් ද දකුණු පාදයට තෙවරක් ද ආසනයේ යෙදෙන්න. ඡායාරූප දෙස බලා හොඳින් අවබෝධ කරගන්න.

ප්‍රතිඵල

වකුගඩුවලට යහපත් බලපෑම් ඇති වේ. උදරයේ බැඳෙන අමතර මේද දහනයට උපකාරි වේ. කලවා ප්‍රදේශයේ මස්පිඩු ශක්තිමත් භාවයට පත් වේ. එමෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියේ නීරෝගී භාවයට ඉවහල් වේ.

සැලකිය යුතුයි

ගර්භනී මාතාවන්ට මෙම ආසනයේ යෙදීම සුදුසු නොවේ.