බඩේ අමාරුවට ප්‍රත්‍යක්ෂ ඖෂධය ඉඟුරු

බඩේ අමාරුවට ප්‍රත්‍යක්ෂ ඖෂධය ඉඟුරු

විශේෂඥ වෛද්‍ය

ශික්ෂණ රෝහල - බොරැල්ල

මංගලා මහලේකම

උදර වේදනාව, අජීර්ණය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ශීඝ්‍රයෙන් පැතිරෙන රෝග නිසා නිතර නිතර වැළඳෙන අවස්ථා වැඩියි. කුඩා දරුවන්ට නම් මෙවැනි රෝග දරාගන්න බැහැ. එවැනි අවස්ථාවකට ඔබව පත් වුනොත්? සුදුසු වෛද්‍යවරයෙකු හමුවට යාම නම් ස්ථිරයි. කළ යුතු වන්නේ ද එයිය.

නමුත් ඕනෑම පුද්ගලයෙකු වෙත මෙවැනි රෝග පැමිණිය හැකි නිසා ඊට පිළියම් සෙවිය යුතුවන්නේ මෙම රෝග නිතර නිතර අපට වැළඳෙන නිසාය. ඉඟුරු මේ රෝගවලට හොඳ ඖෂධයක් වන අයුරු, ප්‍රතිකාරවලින් පෙනී ගොස් ඇති නිසා වමනය, ප්‍රතිශ්‍යාව, අජීර්ණය, සෙම් අමාරුව වැනි රෝගවලට ඖෂධයක් වන ආකාරය ගැන සොයා බැලීම වටිනවා.

කුළුබඩුවක් ලෙස

ආහාර පිසීමේදී ව්‍යංජනවලට කුළු බඩුවක් වශයෙන් ගනියි. මස්, මාළු, පිසීමේදී විශේෂයෙන් ඉඟුරු භාවිතා කරයි. ප්‍රෝටීන් හා මේදය අධික ආහාර පිසීමේදී ඉඟුරු යොදා ගනියි. ඉඟුරු භාවිතය නිසා මතක ශක්තිය වැඩි කරයි.

ඉඟුරුවල ගුණාත්මක භාවය

ආහාර හොඳින් දිරවයි. ආහාර රුචිය ඇති කරයි. ස්නායු හොඳින් ක්‍රියාත්මක කරයි. සිරුරේ ඉදිමුම නැති කරයි. වේදනාව නැති කරයි. උදරයේ වේදනාවට සුදුසුයි. පීනස් රෝගවලට, ඇදුමට, කැස්සට දෙන ඖෂධවල අනුපාත වශයෙන් ඉඟුරු භාවිතා කරයි. රසය වෙනස් වන අවස්ථාවලදී ඉඟුරු ඖෂධ්‍යක් ලෙස යොදා ගනී. කටහඬ මිහිරිවීමට ඉඟුරු ඉස්ම සමඟ මී පැණි යොදා ගනී.

ඉඟුරු යොදාගෙන මේ ඖෂධ වර්ග සාදයි

බඩේ අමාරුව - ඉඟුරු හා කොත්තමල්ලි කබලෙ බැද කුඩු කර කෝපි මෙන් වත්කර බොන්න.

බඩ එළියට යනවිට - අමු ඉඟුරු සමඟ ඉරිවේරිය සමව ගෙන තම්බා උදේ සවස බොන්න.

සෙම් රෝගවලට - ඉඟුරු, ගම්මිරිස්, කොත්තමල්ලි, තිප්පිලි සමව ගෙන කෂාය කර බොන්න.

ආහාර අරුචියට - ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි කුඩු කර උණු වතුරින් වත්කර බොන්න.

හිසරදයට - අමු ඉඟුරු ඇල් දියෙන් ගලගා නළලෙ පැලැස්තරයක් දමාගන්න.

වමනයට, කෑම දිරවීම පහසුවීමට,

කෑම අරුචිය

ඉඟුරු ඉස්ම මී පැණි සමඟ නවරත්න කල්කය දෙන්න. ඒ වාගේම බඩේ අමාරුවට හා බඩ පිපුමට ද ඉඟුරු ඉස්ම හා මී පැණි සමඟ සුදුසුය.

රසවත් ඉඟුරු

ඕනෑම විටෙක තේ පානය කරන විට ඉඟුරු කැබැල්ලක් දමා තේ පානය කිරිමෙන් රසවත් භාවය වැඩි වෙයි.