විටමින් වලට පිළිකා සෛල විනාශ කළ හැකියි

විටමින් වලට පිළිකා සෛල විනාශ කළ හැකියි

වර්තමාන ලෝකයේ මිනිසුන් මිය යන රෝගාබාධ අතුරෙන් අති විශේෂ තැනක් හිමිවන්නේ පිළිකාවටයි. දැනට පවතින තත්ත්වය අනුව පිළිකා රෝගයෙන් මරුමුවට පත්වන අය සීඝ්‍රයෙන් වැඩිවන බවද පෙනී ගොස් ඇත. පිළිකා රෝග නිවාරණය සඳහා නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම දැනට භාවිතා කරනු ලබන නමුත් ඒවායින් බොහොමයක්ම විෂ සහිත වීම නිසා නොයෙකුත් අතුරු ආබාධ එමඟින් ඇති වීම ප්‍රබල ගැටලුවක්. එහෙත් පිළිකා රෝග සෛල වර්ධනය වීම නැවැත්වීම සඳහා විටමින් ඛ් උපයෝගි කරගත හැකි බව පර්යේෂණයකින් හෙළි වී ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝ පුරා රෝගාබාධවලින් මරුමුවට පත්වන සංඛ්‍යාව විමසනවිට පිළිකා රෝගයට දෙවැනි තැන හිමිවන අතර එය 2015 වසරේ මිලියන 9ක් බවද පැවසේ. එසේම ඉදිරි 20 වසර තුළදී පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 70කින් වැඩිවන බව හෙළි වී ඇත.

පිළිකා රෝගය සඳහා නොයෙකුත් ප්‍රතිකාර ඇතත් ඒවා සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම රෝගය නිවාරණය කිරිමට අසමත් වන අතර ඒවායින් බොහෝමයක් විෂ සහිත වීම මෙන්ම නොයෙකුත් අතුරු ආබාධ සහිත බවත් දැනට පෙනීගොස් ඇත. ඇතැම් පිළිකා තත්ත්වයන් මෙම ප්‍රතිකාර ක්‍රමවලින් වෙනසක් ඇති නොකරන අතර පිළිකාකාරක සෛල (cancer stem cells) වල ප්‍රබලත්වය නිසා නැවත පිළිකා තත්ත්වය මතුවීම සිදුවන බවද දැක්වේ.

“ඔන්කෝටාගට්” (Oncotarget) නැමැති සඟරාවේ පළකර ඇති මෑතකදී සිදු කළ පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව පිළිකාකාරක සෛල වර්ධනය වීම වැළැක්වීම සඳහා පවතින ස්වභාවික මූලික ද්‍රව්‍යයන් තුනක්, නව ඖෂධ වර්ග තුනක් හා සායනික ඖෂධයක් උපයෝගී කරගැනීම ගැන සඳහන් වේ.

මෙම පර්යේෂණය එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ සැල්ෆඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබූ බවද පළ වේ.

එසේම සයන්ස් (Science) සඟරාවේ පළ වී ඇති නවතම අධ්‍යයනයකට අනුව පිළිකා රෝගයට එරෙහි සටන සඳහා විටමින් සී වලින් ලැබෙන බලය උපයෝගි කරගත හැකි බව ද හෙළි වී ඇත.

ඉහතින් සඳහන් කරනු ලැබූ ස්වභාවික ද්‍රව්‍යයයන්, සායනික ඖෂධ මෙන්ම අත්හදා බැලීම් තත්ත්වයේ පසුවන ඖෂධ ලෙස සැලකෙන ඇක්ටිනොනින් (Actinonin), FK 866, 2 - DG, කැෆේයික් ඇසිඩ් ෆෙනිල් එස්ටර් (CAPE) ආදී සියලුම වර්ග පරීක්ෂණයට භාජන කළ පර්යේෂකයින් විසින් ඒ සියලුම වර්ග වලට වඩා විටමින් ඛ් අතිශයින් ප්‍රතිඵලදායක බව පෙන්වා දී ඇත.

“මේ සියලුම වර්ග උපයෝගි කරගෙන පිළිකාකාරක සෛල නැසීමට යාමේදී ඉතාම ප්‍රබල එසේම ඵලදායි ප්‍රතිඵල ලබා දීමට සමත් වූනේ විටමින් ඛ්” යැයි සැල්ෆඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය මයිකල් පි. ලිසෙන්ති පෙන්වා දුන්නේය.

“ඒ අනුව පිළිකා රෝග මර්දනයේදී විටමින් ඛ් ඇතුළු විෂ නැති ද්‍රව්‍යවලට අතිශය වැදගත් කාර්යභාරයක් සිදු කිරීමට ඇති බව සනාථ වන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

විටමින් ඛ් ඉතාම ප්‍රබල විෂ රහිත පිළිකා මර්දන කාරකයයන් බව නොබෙල් ත්‍යාගලාභී ලීනස් පෝලින් ද සනාථ කර ඇති බවද වාර්තා වේ.

එසේම විටමින් ඛ් උපයෝගී කරගෙන මීයන් සම්බන්ධයෙන් පවත්වන ලද පර්යේෂණවලට අනුව මෙම තත්ත්වය තවදුරටත් ස්ථීර වීම නිසා පිළිකා සුව කිරීම සඳහා නව ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමේදී විටමින් ඛ් උපයෝගී කර ගැනීම බලාපොරොත්තු විය හැකි බවද පැවසේ.

ඔක්සිජන් බහුල රුධිර නාල තුළට විටමින් ඛ් ස්වල්පයක් මුදා හැරීමෙත්, ට්‍රෝයි නගරය අල්ලා ගැනීම සඳහා දැවයෙන් සැදුම්ලත් යෝධ අශ්වයෙකු තුළ ගී‍්‍රක සොල්දාදුවන් ඇතුළු කොට ට්‍රෝජන් වැසියන්ට ත්‍යාග කළ ආකාරයට රුධිර නාල තුළට ඇතුළු වන විටමින් ඛ් ද ක්‍රියා කරන බව පවසන පර්යේෂකයින් පිළිකා සෛල වර්ධනය වීමේ ශක්තිය හීන කර පසුව නසා දමන බව හෙලිකර ගැනීමට හැකි වූ බවද මෙම නවතම පර්යේෂණයෙන් හෙළි වී ඇත.