හෘද ආශ්‍රිත සැත්කමේ නවතම පෙරළිය keyhole surgery

හෘද ආශ්‍රිත සැත්කමේ නවතම පෙරළිය keyhole surgery

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජිත වයි. ද සිල්වා

හෘදය මඟින් මිනිසාගේ ශරීරය පුරාම රුධිර සංසරණ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. හෘදය වස්තුව සෞඛ්‍ය සම්පන්නව තිබෙන විට මුළු ශරීරයම නිරෝගී වන අතර හෘදය ආශි‍්‍රතව ඇතිවන ගැටලුකාරි තත්ත්ව නිසා එම කාර්යය නිවැරදිව සිදු කර ගැනීමට නොහැකි වනු ඇත. එබැවින් පුද්ගලයාගේ සමස්ත ශරීරයේම ක්‍රියාකාරීත්වය නිරෝගීව තබා ගැනීමට නම් හෘදයේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි.

සමස්ත ශරීරයටම හෘදය හරහා රුධිර පොම්ප කිරීමක් සිදුවෙනවා හා සමානවම එහි ක්‍රියාකාරිත්වය සඳහා ද කිරීටක ධමනි හරහා රුධිරය සපයනු ලැබේ.

හෘදය වස්තුව ආශි‍්‍රතව දැකගත හැකි රෝගී තත්ත්ව අතර ප්‍රධාන වශයෙන්ම දැකගත හැක්කේ කිරීටක ධමනි ආශි‍්‍රත අවහිරතාය. එම අවහිරතා සඳහා ප්‍රධාන හේතුව වන්නේ රුධිරයේ පවත්නා අධික තෙල් එසේත් නොමැති නම් කොලෙස්ටරෝල් ප්‍රමාණයයි. කෙසේ වෙතත් මෙම අවහිරතා නිසා හෘදයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වීමෙන් හෘදය අකර්මණ්‍ය වීම, හෘදයේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩු විම මෙන්ම හෘදයාබාධ ඇති වී ක්ෂණිකව පුද්ගලයාගේ ජීවිතයට පවා හානි සිදුවිය හැකියි.

ඉහත ගැටලුවලට අමතරව දැකගත හැකි තවත් ගැටලුකාරී අවස්ථාවක් වන්නේ හෘදය අභ්‍යන්තරිකව පිහිටා ඇති කපාට ආශි‍්‍රත ගැටලුය. ද්වී තුණ්ඩ, ත්‍රිතුණ්ඩ මෙන්ම සංස්ථානික කපාටය ආශි‍්‍රතව ඇති වන මෙම ගැටලුවලදී එම කපාට ප්‍රමාණයට වඩා විශාල වීම හෝ කුඩා වීම බොහෝදුරට දැකගත හැකියි.

කෙසේ වෙතත් ඉහත කුමන රෝග අවස්ථාවකදී වුවද මූලිකවම රෝගියෙකු සිදු කළ යුත්තේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැසීමය. එහිදී අදාළ රෝගී ස්වභාවය අනුව බොහෝදුරට මේ සඳහා සිදු කරනු ලබන්නේ ඖෂධ මාර්ගයෙන් පිළියම් යෙදීමට නොහැකි අවස්ථාවකදී අදාළ රෝග තත්ත්වයට පිළියම් යෙදීමට සිදුවන්නේ හෘද රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ටය.

හෘද රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙහිදී මූලික වශයෙන් හැඳින්වීමක් සිදු කළ යුතු අතර එහි ඉතිහාසය වසර 100 ක් දක්වා දිවේ. නමුත් වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ සලකා බැලීමේදී මෙම කාලය එතරම් දිගුකලක් වශයෙන් සැලකිය නොහැකියි. කෙසේ වෙතත් හෘද රෝග පිළිබඳ ඉතිහාසය ඉතා කෙටි වීමට ප්‍රධාන වශයෙන් බලපෑ හේතුවන්නේ මේ පිළිබඳව අතීතයේ සිටි ජනයා තුළ පැවති විශ්වාසයයි. එම විශ්වාසය අනුව මිනිසාගේ ජීවිතය රැඳී පවතින්නේ හෘදයේ බැවින් වෛද්‍යවරුන් හෝ ශල්‍ය වෛද්‍යවරුන් ඊට සමීපවීමට දැඩිලෙස බියකින් පසුවිය. එවක සිට ලෝකයේ අංක එකේ ශල්‍ය වෛද්‍ය “බිල්රොඩි” පවසා තිබෙන ආකාරයට කිසිම වෛද්‍යවරයෙක් හෘදය වස්තුව සැත්කමකට තැත් කළොත් එය ඔහුගේ අනෙකුත් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලට පත්‍රවිය යුතු බවට විශ්වාස කරන ලදී.

එසේ වුවත් එම සියලු විශ්වාසයන් බිඳ දමමින් හදිසියේ සිදු වූ පිහි ඇනුමක් හේතුවෙන් මෙම සියලු මත අර්ථයෙන් තොර කිරීමට හැකි වීමත් සමඟ හෘද රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ ආරම්භය සිදු විය. එසේ හදවතට සිදු වූ තුවාල නිසා අදාළ තුවාල සිදු වූ ස්ථානයට මැහුම් කිහිපයක් යොදන ලද අතර පසුව එම පුද්ගලයා සුවපත් භාවයට පත්විය. මෙම සැත්කම අහඹුලෙස සිදු වූවත් හෘද රෝග පිළිබඳ සිදු වූ පළමු සැත්කම වශයෙන් හඳුන්වනු ලැබේ.

එදා සිට මේ දක්වා හෘද රෝග ආශි‍්‍රතව සිදුවන සැත්කම් නිසා එම ගමන් මඟ මුළුමනින්ම වෙනස් වී තිබේ. හදවත් බද්ධ කිරීම්, කෘත්‍රිම හදවත් බද්ධ කිරීම්, ඉතා කුඩා සිදුරක් හරහා සිදු කරනු ලබන ශල්‍යකර්ම (ඬඥරඩධතඥ ඵභපඨඥපර) තරමක් වැඩි වයසේ සිටින අයට (වයස අවුරුදු 80ට වැඩි) සැත්කම් සිදු කිරීම මෙන්ම හදවත විවෘත කර සිදු කරනු ලබන ශල්‍යකර්ම (ර්‍ණනඥද ඩඥචපබ ඵභපඨඥපර) ආදිය මේ වනවිට මෙම ක්ෂේත්‍රය තුළ ඉතා සුලබව දැකගත හැකි වනු ඇත. නමුත් මේ කුමන ක්‍රමයක් භාවිතා කළද ඉතා අවම වූ සංකූලතා ප්‍රමාණයක් දැකගත හැකි වීම ඉතා විශේෂිතයි.

මේ වනවිට හෘදය ආශි‍්‍රතව සිදු කරනු ලබන ශල්‍යකර්ම අතර ර්‍ණනඥද ඩඥචපබ ඵභපඨඥපර වගේම ඬඥරඩධතඥ ඵභපඨඥපර ප්‍රධානත්වයක් ගනු ලබන අතර ඬඥරඩධතඥ ඵභපඨඥපර මෙම හෘදය ආශි‍්‍රත ශල්‍යකර්මයේ සිදු වූ නවතම පෙරළිය වශයෙන් හැඳින්විය හැකියි.

මෙම ශල්‍යකර්මය ඬඥරඩධතඥ ඵභපඨඥපර ලෙසින් හැඳින්වීමට හේතුව හෘදය වෙත ප්‍රවේශ වීම සඳහා කුඩා සිදුරක් භාවිතා කිරීමයි. මෙම ශල්‍යකර්ම, බයිපාස් සැත්කම් කපාට ආශි‍්‍රත ගැටලු මෙන්ම හදවත ආශි‍්‍රත සිදුරු (ඩ්ධතඥ ඪද බඩඥ ඩඥචපබ) සඳහා ද සිදු කරනු ලැබේ. ලොව ඉතා දියුණු රටවල පවා භාවිතා වන මෙම ක්‍රමය මේ වනවිට ලංකාවේදී ද ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කර ගත හැකි වී තිබීම ඉතාම විශේෂිතයි.

බයිපාස් සැත්කම් සඳහා ඬඥරඩධතඥ ඵභපඨඥපර

මෙහිදී සිදුවන්නේ පපුවේ වම්පසට වන්නට සිදු කරන කැපුමක් (අඟල් 2,3ක) හරහා හෘදයේ ගැටලුකාරී අවස්ථාව වෙත ප්‍රවේශ වීමයි. මෙම කැපුම ඉතා කුඩා කැපුමක් වන අතර මෙහිදී මාංශපේශි කැපීම පමණක් ප්‍රමාණවත් වේ. මෙම ශල්‍යකර්මය සිදු කිරිමේ වාසි සහගත බව වන්නේ හදවත විවෘත කර සිදු කරන ශල්‍යකර්ම වලදී මෙන් නොව විසබීජ ඇතුළු වීමේ ඉඩකඩ සීමා වීමයි.

ඒ වගේම දැඩි සත්කාර ඒකකයෙන් දවස් 2 ක 3 ක් වැනි ඉතා කෙටිකලකදී රෝගීන්ට රෝහලෙන් පිටවිය හැකියි. මීට අමතරව සති 2 ක් පමණ ගත වනවිට මෙවන් රෝගීන්ට තමාගේ සාමාන්‍ය ජිවිතයට හුරුවිය හැකි වීම ඉතා විශේෂිතයි.

තවද විශාල කැපුම් නොයොදන නිසා රූපලාවණ්‍ය වශයෙන් බැලීමේදී ඉතා විශාල වාසියක් ඇති වේ. මෙය කාන්තාවන්ට ඉතා විශේෂිතයි. හදවත ආශි‍්‍රතව ඇතිවන සිදුරු සඳහා මෙම ශල්‍යකර්ම සිදු කිරීමේදී සිදුර ඇති කරනු ලබන්නේ දකුණු පසට වන්නටයි. මෙම සැත්කමේදී හෘදයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව යන්ත්‍රයකට ලබා දෙනු ලැබේ. මෙහිදී ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම සිදු කරන්නේ අදාළ යන්ත්‍රය මඟිනි. ඒ අතරතුරදී කැමරා මඟින් නිරීක්ෂණය කරමින් සංකූලතා අවම වන පරිදි මෙම සැත්කම් සිදු කරනු ලැබේ.

තවත් කොටසක් ලබන සතියට

නුවන්ති කුලරත්න