අධික තරබාරුව පාලනය කරන නෞකාආසනය

අධික තරබාරුව පාලනය කරන නෞකාආසනය

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

අද අප යෝග තුළින් ඔබට ඉදිරිපත් කරන්නේ නෞකා ආසනයයි.

මෙම ආසනයේ යෙදෙන පුද්ගලයාගේ ශරීරය. දිස්වනුයේ නෙෘකාවන් ආකාරයෙනුහි අප ආසනයට පිවිසෙන ආකාරය මදක් විමසා බලමු.

ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ආශ්තරනය මත මුනින් අතට දිගාවී ඔබගේ දෑත් දෙක නමස්කාර විලාශයෙන් ලංකර තබාගන්න මෙසේ තත්පර දෙකක් පමණ සිට දෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ඔබගේ දෙපා දයද ලංකර තබාගනිමින්

ඉහළට ඔසවන ගමන් දෑත් දෙකද නමස්කාර විලාශයෙන් ඉහළට ඔසවා තබාගනිමින් තත්පර දෙකක් පමණ ආසනයේ රැදි සිටින්න. ඊට පසුව තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ශරීරය තවත් ඉහළට ඔසවා තබාගෙන තව තත්පර තුනක් හෝ ඔබට හැකි කාලයක් මෙම ආසනයේ රැඳි සිටින්න. මේ ආකාරයෙන් තෙවරක් පමණ මෙම ආසනය පුරුදු පුහුණු වන්න.

සැලකිය යුතුය

ගැබිණි මාතාවන්ට මෙම ආසනය සුදුසු නොවේ එමෙන්ම හදවත් ආබාධ අධි රුධිර පීඩනය ඇති අයට ද මේ ආසනයේ යෙදීම සුදුසු නොවේ.

ප්‍රතිඵල

ශරීරයේ තැන්පත් වන අමතර මේදය දහනය වේ. අධික තරබාරුව පාලනයට ඉවහල් වේ. ශාරීරික ශක්තිය වැඩි දියුණු වේ. දෑත්වල දෙපායේ ශක්තිය වර්ධනය වේ.


O පොසිටිව් හෝ O නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දෙන්න

මුල්ලේරියාවේ පදිංචි 47 හැවිරිදි වින්ද්‍යා වෙලුන්ගොඩ මහත්මියට O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බැව් වෛද්‍යවරුන් නිර්දේශ කොට තිබේ. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියෙකු ඇතොත් දු.ක 077-3747597,0767200180 අමතන මෙන් ඉතා කාරුණිකව දන්වා සිටිමි.