ශ්‍රවණ ආධාරක පැළඳීමෙන් ඔබට ලැබෙන වාසි

ශ්‍රවණ ආධාරක පැළඳීමෙන් ඔබට ලැබෙන වාසි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

ශ්‍රවණ ආධාරකයක් භාවිතා කළ හැකි කාලසීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වයස්ගත වීමත් සමඟ පුද්ගලයාගේ ශ්‍රවණ මට්ටම අඩුවීමේ සීග්‍රතාවය, ශ්‍රවණ ආධාරකය භාවිතා කරන අන්දම වැනි සාධක රැසක් මත තීරණය වේ. දළ වශයෙන් අවුරුදු 5 -10 ක් අතර කාලසීමාවක් එකම ශ්‍රවණ උපකරණ පරිගණක සැකසුම් වෙත යොමු කරමින් භාවිතා කිරීමට පුළුවන. ඉන් පසු රෝගියාගේ අවශ්‍යතා මත අලුත් ශ්‍රවණ ආධාරයක් වෙත යොමුවිය හැක.

නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ හඳුන්වා දුන් ඩිජිටල් තාක්ෂණයේ ශ්‍රවණ ආධාරක තුළ ශ්‍රවණ ඌණතා සහිත පුද්ගලයින්ගේ පවතින විවිධ ශ්‍රවණ දුෂ්කරතා මඟහරවා ගැනිමට විවිධ අංග ඇතුලත් කර ඇත. ශ්‍රවණ ආධාරකයක් පැළඳ සිටින පුද්ගලයා තම ජීවන රටාවේදී සුලභව ගැටෙන අවස්ථාවලට ගැලපෙන පරිදි ශ්‍රවණ ආධාරකය මඟින් ඇසෙන ආකාරය ශ්‍රවණ ආධාරකය මත ඇති බොත්තමක් ක්‍රියාත්මක කිරීම මඟින් පමණක් තමා විසින්ම වෙනස්කම් සිදු කරගත හැක. නිදසුන් ලෙස ශබ්දය අඩු තැනක සිට වැඩි තැනකට ගිය අවස්ථාවක වටපිටාවේ බාහිර ශබ්ද අඩු කර කථනය පැහැදිලි කර ගැනීමට ශ්‍රවණ ආධාරකය භාවිතා කරන පුද්ගලයටම හැකියාවක් පවතී. ශ්‍රවණ ආධාරකයට ඇතුලත් කර ඇති මෙම අංග වශයෙන් හඳුන්වනු ලබයි. මේ ආකාරයට සංගීතයට සවන් දීමේදී, රූපවාහිනී නරඹන විට, ශබ්ද සහිත ස්ථානයක සිටින විට/ ශබ්ද සහිත ස්ථානයක රැකියාව සිදු කරන විට, කාර්යාලීය රැස්වීම් වලදී, දුරකථන සංවාද වලදී යනාදි වශයෙන් අවස්ථා රැසකට වෙන වෙනමම වැඩසටහන් යොදා ඇති ශ්‍රවණ ආධාරක පවතී. තම ජිවන රටාවට අනුව එම වැඩසටහන් ශ්‍රවණ ආධාරකයට ඇතුලත් කරගත හැක. තවද ශ්‍රවණ ආධාරකයේ ක්‍රියාකාරීත්වය එය භාවිතා කරන පුද්ගලයාට තම ජංගම දුරකථනය මඟින් හෝ දුරස්ථ පාලකයක් මඟින් රැදී සිටින පරිසරයේ ස්වභාවයට අනුව වෙනස්කම් කරගත හැකි ශ්‍රවණ ආධාරකද පවතී.

ශ්‍රවණ ඌනතා සහිත පුද්ගලයින්ගේ පැවතිය හැකි එක් ශ්‍රවණය සම්බන්ධ සංකූලතාවයක් වන්නේ කිසිදු බාහිර ශබ්ද ප්‍රබවයක් නොමැතිව කන ඇතුලින් ශබ්දයක් ඇසීමයි. මෙම තත්ත්වය අප ඊඪදදඪබභඵ වශයෙන් හඳුන්වනු ලබනවා. මෙම තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබීම දීර්ඝකාලීනව වඩාත් තීව්‍ර ලෙස පවතින ඇතැම් පුද්ගලයින් සියදිවි හානි කරගන්නා අවස්ථා ද පවතී. එතරම් එම තත්ත්වය පුද්ගයාට මානසික වශයෙන් බලපෑම් ඇති කළ හැක. ශ්‍රවණ ඌනතාවයක් සමඟ මෙම සංකූලතාව පවතින රෝගීන් සඳහා ප්‍රතිකර්ම ඇතුලත් කර විශේෂිත ලෙස සකසන ලද ශ්‍රවණ ආධාරක ද පවතී.

ජීවිතයේ පසුකාලීනව ශ්‍රවණ ඌනතාවකයක් ඇතිවීමේදි එම ආබාධය සහිතව සමාජයට මුහුණ දීමට පසුබෑමක් යම් පුද්ගලයිනන් විසින් දක්වනු ලබයි. ඇතැම්විට ශ්‍රවණ ආධාරකය පිටතට පෙනෙන ආකාරයට පැළඳීමට ඇතැමුන් තුළ දැඩි අකමැත්තක් පවතී. එවැනි පුද්ගලයින් සඳහා වඩාත් කුඩා කන පිටුපසට දමන ශ්‍රවණ ආධාරයක්, අදාල පුද්ගලයාගේ බාහිර ශ්‍රවණ නාලයේ හැඩයට විශේෂිත ලෙස සකසන ලද කන තුළට දමන ශ්‍රවණ ආධාරකත්, අදාල පුද්ගලයාගේ බාහිර ශ්‍රවණ නාලයේ හැඩයට විශේෂිත ලෙස සකසන ලද කන තුළට දමන ශ්‍රවණ ආධාරකය යම් සැත්කමක් මඟින් කන තුළට ඇතුල් කරන්නේ ද යන්නයි. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ ශ්‍රවණ ආධාරක කිසිවක් කිසිදු සැත්කමක් මඟින් කනට සම්බන්ධ කිරීමක් සිදු නොකරන බවයි. ශ්‍රවණ ආධාරකයක් යනු අවශ්‍ය ඕනෑම විටෙක තම කනෙන් ඉවත් කල හැකි උපකරණයකි.

ඔබත් ශ්‍රවණ ඌනතාවයක් සහිතව ජීවත්වන අයෙක් නම් ඔබේ අවශ්‍යතාවයට හා මුදලට සරිලන ආකාරයේ ශ්‍රවණ ආධාරකයක් වෙත යොමු වී ජීවිතය පහසුවෙන් හා ආත්ම විශ්වාසයෙන් ගෙවිමට අවශ්‍ය පසුබිම සකසාගන්න.