රුව රකින රෝග නසන අඹ

රුව රකින රෝග නසන අඹ

බොරැල්ල ආයුර්වේද

ශික්ෂණ රෝහලේ

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

පලතුරු කිව්වම මුලින්ම අපගේ මතකයට එන පලතුරක් තමයි අඹ. ගහකොළ, වැල්, පලින් බර වෙන මේ කාලයේ අඹ ගස් වලද ගෙඩි බල්බ් දැමුවා වගේ අපට දකින්නට ලැබෙන්නේ මේ අඹ වාරේ ඇවිත් තිබෙන බව හඟවමිනුයි. මී අඹ, රට අඹ, ගිරා අඹ, කර්ත කොලොම්බන්, කොහු අඹ, පෙට්ටි අඹ යන මේවා ගැමියා නිතර ගැවසෙන වතු පිටිවල ගම්බදව දැකිය හැකියි. ඉතාමත් ප්‍රනීත මේ අඹ ලංකාවේ විවිධ ප්‍රදේශවල ආවේණිකව ද පවතියි. යාපනේ අඹ ඊට හොඳට නිදසුනකි. මේ අඹ වර්ග වල පවතින ගුණ අගුණ ගැන තොරතුරු අපි විමසා බැලුවේ බොරැල්ල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකමගෙනි.

කෙඳි සහිත අඹ

අඹ කෙඳි සහිත පලතුරකි. තන්තු හොඳින් පවතින විට ආහාර දිරවීම පහසු කරයි. එවිට මල පිටවීමද පහසු කරයි. ඒ අනුව මල බද්ධයට හිතකර වෙයි. හොඳින් මල පිටවන විට බඩ තුළ පවතින වාතය ලිහිල් වී සැහැල්ලු වෙයි. බඩ පුරවා දැමීම නැති කරයි. උදරයේ පවතින පීඩනය අඩුකර දමයි. සිත සැහැල්ලු වේ. සිරුර ප්‍රබෝධමත් වෙයි. ආහාර රුචිය ඇති කරයි. ආහාර ජීර්ණ වීමට බාධා ඇති නොවේ.

සැහැල්ලුවෙන් ජීවිතයට

මනස ප්‍රබෝධමත් ව තැබීම නිසා ජීවිතයට සැහැල්ලුව ළඟා වේ. හොඳින් දිරවන නිසා බඩවැල් හොඳින් පිරිසුදු වෙයි. බඩවැල් ආශි‍්‍රත බොහෝ රෝගවලට ගුණ දෙයි. සිත සතුටින් තබයි. ඉඳුණු අඹවල රසය හා ගුණය මත සිරුර පුරා දැනෙන නැවුම් බව පවත්වා ගැනීමට හැකියාවක් ඇත. මිහිිරි සුවඳවත් භාවය ඒ නැවුම් ගතිය රඳවා තබයි. එසේම ආහාරයට ඇති කැමැත්ත වැඩි කරයි.

ලස්සන රුවකට

අඹ කන ඕනෑම අයෙකුට සම දීප්තීමත්ව තබා ගැනීමට හැකියි. සම පැහැපත්ව තබයි. පිරිපුන් බව ඇති කිරීමට උදව් වෙන මාංශ පේශී වල පුෂ්ටිමත් භාවය ආරක්ෂා කරනු ලබයි. සමේ නිරෝගී බව ආරක්ෂා කරදෙයි. දියවැඩියාව සහ අක්මා රෝගවලට ගුණයි.

ගුණාත්මක බවින් ඉහළ අඹ

රුධිර නාල තුළ රුධිරය කැට ගැසීම වලකයි. මන්ද පෝෂණය නැති කරයි. සිරුරේ පවතින දියර ප්‍රමාණය පාලනය කරයි. විදුරුමස්වලින් ලේ පිටවීම දුරුකරයි. ගර්භනී මාතාවන්ට ගුණයි. ශරීරයේ යම් විසක් පවතී නම් ඒවා ඉවත් කිරීමට උදව් වෙයි. රුධිර සංසරණය හොඳින් සිදු වේ. ස්නායු පද්ධතියේ ක්‍රියාව හොඳින් පාලනය කරයි. ශරීරයේ බර නිසිලෙස පාලනය කරයි. ශරීරයේ රුධිර ප්‍රමාණය වැඩි කරයි. නීරක්තිය නැති කරයි. ශරීරයට ඇතුළුවන විෂ බීජ වලින් ආරක්ෂා කරයි. ශරීරයේ හෝර්මෝන නිසිලෙස ක්‍රියාකිරීම ඇති කරයි. හෘදයේ ගැස්ම හා රුධිර පීඩනය පාලනය කරයි. එසේම හෘදයේ මාංශ පේශීන් ශක්තිමත් කරයි. පෙනහළුවල හා මුඛ පිළිකා නැති කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය පවතී. ශරීරයේ අන්ත්‍රවල, පියයුරුවල හා පිරිමින්ගේ පෞරුෂ ග්‍රන්ථිවල ඇතිවන පිළිකා වළකාලයි. විටමින් ඒ බහුලව ඇත. ඒ නිසා ඇස් පෙනීම වැඩි කරයි. සමේ පාට වැඩි කරයි. රාත්‍රියට ඇස් පෙනීම දියුණු කරයි. එනම් රාත්‍රී ආර්ධතාවය නැති කිරීමයි. වීදුරු මස් දියවීම නැති කරයි. වීදුරුමස් ශක්තිමත් වේ.

අගුණ වන අවස්ථා

සමහර පුද්ගලයන්ට අඹ නිතර කැමේදී අසාත්මිකතා ඇතිවිය හැක. ගෙඩි දැමීම්, පලු මතුවිම් හා කැසීමට ලක් වීම ආදී අසාත්මිකතා මතුවිය හැකියි. සමේ රෝග ඇති අයට, ඇදුම රෝගීන්ට හා බඩ දැවිල්ල ඇති අයට මේ තත්ත්වය උදා වේ. ඕනෑම ආහාරයකට හා ඖෂධයකට අසාත්මික වන අයට අඹ අසාත්මික වීමට පුළුවන. එවැනි අය ආහාරයට ගැනීමේදී ඉතාම සුළු ප්‍රමාණයකට සීමා කිරීම සුදුසුයි. වකුගඩු රෝගීන් වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නැත.

දිනපතා අඹ ආහාරයට ගත්තොත්

ගන්නා ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් අඹ අතුරුපසක් ලෙස ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණය අනුව දිනකට මුළු අඹයම ගත්තොත් දිනක් හැර දිනක් කෑමට කම් නැත.

නමුත් දිනපතා කුමන හෝ අඹ වර්ගයක් ආහාරයට ගැනීම ඔබගේ සිරුර ක්‍රියාකාරීත්වය එකම දේ ලැබීම මත මේ අසාත්මිකතා ඇතිවීමට ඉඩ ඇත. සතියකට 3,4 වරක් කෑම සෞඛ්‍යයට හිතකරයි. කෙසේ වෙතත් මී අඹ වැනි පුංචි අඹ 5,6 ක් දිනකට කෑවාට කම් නැත. නමුත් මී අඹ වැනි් පුංචි ගෙඩි දිනපතා ගැනීමට වඩා එය සතියකට දින 3ක් හෝ 4 කට සීමා කිරීම ද සුදුසුයි.

අඹ 100g පෝෂණය

ශක්තිය කිලෝ කැලරි 65

කාබෝහයිඩ්‍රේට් 17g
සීනි 14.8g

මේදය 0.27g

ප්‍රෝටීන් 0.51g

විටමින් A37mlg

බීටා කැරොටින් 445mcg
විටමින් B (තයමින්) 0.05g
රයිබෝ ෆ්ලේවින් 0.057mlg

විටමින් B2 0.548mlg

විටමින් B5 0.16mlg

විටමින් B6 0.134mlg
ෆේලේට් 14mlg
විටමින් C27.4mlg
කැල්සියම් 10mlg
යකඩ 0.13mlg
මැග්නිසියම් 9.mlg
පොටෑසියම් 156mlg
සින්ක් 0.04mlg
පොස්පරස් 11mlg