ලිංගාශි‍්‍රත සායනකදී ඇසුණු එක්තරා සත්‍ය කතාවක්

ලිංගාශි‍්‍රත සායනකදී ඇසුණු එක්තරා සත්‍ය කතාවක්

සිතුමිට ඒඩ්ස් කියලා දැනගත්තේ ගැබිනි මව්වරුන් සඳහා සිදු කළ පරීක්ෂණයෙන්

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ
වෛද්‍ය සිසිර ලියනගේ

මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ම වාසනාව දෝතට අරගෙන ඉපදෙන්නේ නැහැ තමයි. ඒත් වාසනාව නැති වුණත් අවාසනාවට නොවැටී ජීවත් වෙන්න අපිට පුළුවන්නම් එය තමයි මේ ලෝකේ අපිට ලබන්නට පුළුවන් ලොකුම භාග්‍යය.

සිතුමි කියන්නෙත් මහා ලොකු වාසනාවක් ඇතිව ඉපදුණු කෙනෙක් නෙමෙයි. ඒ වුණත් විවාහ වුණාට පස්සේ සිතුමි හිතුවේ තමන් තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැණිය කියලා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, මධුෂාන්ගෙන් එයාට ලැබුණු අසීමිත ආදරේ හින්දා. මධුෂාන් ව්‍යාපාරිකයෙක්. අවුරුදු ගණනක් පිටරට රස්සාව කරපු නිසා මුදල් වලින් කිසිම විදිහේ අඩුපාඩුවක් ඒ ගොල්ලන්ට තිබුණේ නැහැ. යෝජිත විවාහයකින් විවාහ වුණත් සිතුමිත් මධුෂානුත් කුරුළු ජෝඩුවක් වගේ ජීවිතේ බොහෝම සන්තෝෂයෙන් ගත කළා. මේ විදිහට ගත වුණු මේ පුංචි කැදැල්ලට තුන්වෙනියෙක් පැමිණෙන දවස වැඩි ඈතකට ගියේ නැහැ. සිතුමිගේත් මධුෂාන්ගේන් ජීවිත තව තවත් සන්තෝෂයෙන් පුරවන්නට මේ ආරංචිය හේතුවක් වුණා.

වැඩි කාලයක් නොහින්ම ගැබිණියක් වුණු නිසා සිතුමිගේ අම්මලාටත් තාත්තලටත් හිතේ තිබුණු ලොකු බරකින් නිදහස් වුණා කියලා හිතුණා. දරුවා නීරෝගීව බිහි කරන ඕන නිසා රෝහලේ වෛද්‍ය සායනවලට නොකඩවා සහභාගි වුණු සිතුමිට හීනෙකින්වත් නොසිතූ විදිහේ ආරංචියක් දවසක් රෝහලේ වෛද්‍ය සායනයේදී දැනගන්නට ලැබුණා. ඩ්ධ්ඍ ඒඩ්ස් රෝගය සඳහා ගැබිණි මව්වරුන්ට සිදු කෙරෙන පරීක්ෂණයේදී සිතුමිගේ එම වෛද්‍ය වාර්තාව පොසිටිව් අගයක් පෙන්වීමයි. තමන්ට ඒඩ්ස් වැළඳෙන්න තරම් පැහැදිලි කරන්න කිසිම හේතුවක් සිතුමිගේ ජීවිතේ කවදාවත්ම තිබිලා නැහැ. පාසල් යන කාලේ පෙම්වතුන් කිහිපදෙනක් ඇසුරු කළත් ඒ අය එක්ක කවදාවත් වැරදි විදිහට හැසිරිලා නැහැ. සිතුමිගේ ලේ වල ඩ්ධ්ඍ වෛරසය තිබෙන බව තහවුරු කර ගන්නවත් එක්කම දරුවාට වෛරසය ශරීරගත වීම වළක්වා ගන්නට අවශ්‍ය නිසා ලිංගාශ්‍රිත රෝග සායනය සිතුමිට වහාම ප්‍රතිකාර ආරම්භ කළා. සන්තෝෂයෙන් පිරී ඉතිරිලා ගිය මධුෂාන්ගෙත් සිතුමිගෙත් ආදර කැදැල්ලට සතුට වෙනුවට මේ වගේ ආරංචියක් ලැබෙයි කියලා මධුෂාන්වත් සිතුම්වත් හීනෙන්වත් හිතුවේ නැහැ.

සිතුමිට මේ තත්ත්වය ඇති වුණේ කොහොමද කියලා දැනගන්න වෛද්‍යවරු මීළඟට අවධානය යොමු කළේ මධුෂාන් වෙතටයි. මධුෂාන්වත් සායනයට ගෙන්වාගෙන රුධිරය පරීක්ෂා කර බැලුවාම එයාටත් ඩ්ධ්ඍ වෛරසය ශරීරගත වෙලා තිබෙන බව දැනගන්නට ලැබුණා. විවිධාකාර ප්‍රශ්නවලින් පස්සේ මොනතරම් ප්‍රසිද්ධියේ පිළිගන්න අකමැති වුණත් මධුෂාන්ට එයාගේ ජීවිත කතාවම වෛද්‍යවරුන්ට කියන්නට සිද්ධ වුණා.

“ඩොක්ටර් මම අවුරුදු 10 දී විතර මට වැඩිය වයස අන්කල් කෙනක් මාව වැරදි විදිහට පාවිච්චි කළා.” එක පාරක් නෙමෙයි.. කිහිප පාරක්. පොඩි කාලෙදි එයා මාත් එක්ක ඒ විදිහට ඉදලා තියෙනවා. ඒ දවස්වල ඒ අංකල් මට කළ දේට කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් තේරුමක් තිබුණේ නැහැ.”

මේ විදිහට මධුෂාන්ගේ ජීවිතේ එයාට මුලින්ම මුහුණ දෙන්නට වුණු ගැටලුව ගැන කියන්න පටන් ගත්තා. අවුරුදු 10 දී මධුෂාන්ට ඇති වුණු මෙම ගැටලුව එයාගේ ජීවිතේට මොනතරම් නරක විදිහට බලපෑවා ද කියනවා නම් වැඩිහිටි පිරිමියෙක් වුණාට පස්සේවත් එයාට ඇතිවුණු මේ පුරුද්ද මඟහරවා ගන්න බැරිවුණා. තරුණ පිරිමි ළමයෙක් වුණු කාලේ නැවතත් පිරිමි ළමයි කිහිපදෙනෙක් එක්ක ලිංගිකව හැසිරුණු මධුෂාන් විදේශ ගත වුණු කලෙදීත් මේ විදිහට කිහිප අවස්ථාවකදී පුරුෂන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වලා තිබුණා.

මධුෂාන්ට තිබුණු මේ හැසිරීම නිසා එයා ඒ වන විටත් ඩ්ධ්ඍ ආසාදිතයෙක් වෙලා හිටියත් විවාහ වෙලා සිතුමිත් දරුවටත් මේ අවදානමට මුහුණ දෙන්නට සිද්ධ වෙනකම් එයා මේ බව දැනගෙන හිටියේ නැහැ.

මොනතරම් උත්සාහ කළත් අතීතයේ සිද්ධ වුණු දේවල් අපිට නිවැරදි කරන්නට බැහැ. ඒවා අත්දැකීමක් කරගෙන ඉදිරියට මුහුණ දීම විතරයි කරගන්නට අවශ්‍යය. මේ බව තමන්ට මුහුණ දෙන්නට වුණු සිදුවීමෙන් පස්සේ මධුෂාන්ට හොඳටම අවබෝධ වුණා. මේ කතා හැමදෙයක්ම රහසක් විදිහට තබා ගන්නට වෛද්‍යවරු පොරොන්දු වුණා විතරක් නෙවෙයි ඔවුන් දෙදෙනාටම අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ලබා දෙන්නටත් කටයුතු කළා.

මෙසේ සිදු කරන ප්‍රතිකාරවලදී ඩ්ධ්ඍ වෛරසය ශරීර ගත වුණු පමණින් කෙනෙක් මිය නොයන බවත් වෛරසය මර්දනයට නිසි ප්‍රතිකාරගෙන ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වෙන්නට ඉඩ නොදී ශරීර සෞඛ්‍ය පවත්වා ගන්නටත් මෙම ලිංගාශි‍්‍රත රෝග සායනය හරහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ද හිමි වුණා. කිසිම වෙලාවක ඔවුන්ට ලැබුණු උපදෙස් මඟහරින්නට සිතුමිවත් මධුෂාන්වත් හීනෙන්වත් හිතුවේ නැහැ. විශේෂයෙන් සිතුමි හැම වෙලාවකම සිතුවේ තමන්ටත් වඩා තමන්ගේ දරුවා ගැනම විතරයි. මේ සාර්ථක ප්‍රතිකාර වලින් පස්සේ සිතුමිට දරුවාව නීරෝගීව බිහි කරන්නට අවස්ථාව උදා වුණා.

සිතුමිගෙත් මධුෂාන්ගේත් මේ කතාව සමාජයේ ඉන්න මේ වගේ ගැටලුවලට මුහුණ දෙන අයට ඉතාමත් හොඳ ආදර්ශයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මොනතරම් බරපතළ විදිහේ ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වුණත් ඉදිරි ජීවිතය ගොඩනඟා ගන්නටට විශාල ශක්තියක් ද වෙනවා.

නුවන්ති කුලරත්න