අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නට හොඳම මඟ පවුල් සැලසුම් සේවාවන් වෙත යොමු වීමයි

අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නට හොඳම මඟ පවුල් සැලසුම් සේවාවන් වෙත යොමු වීමයි

වර්තමානයේ මෙන් නොව එවකට කාන්තාවන් විවාහ වන වයස් සීමාවේ වෙනස් වීමක් ඇති බවක් දක්නට ඇත. 80 -90 දශකවල කාන්තාව විවාහ වන වයස් සීමාව අවුරුදු 25 -30 දක්වා ඉහළ අගයක පැවතියද වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී අවුරුදු 20 -25 අතර කාල පරාසයක් දක්වා අවම වී ඇත.

සාමාන්‍යයෙන් කාන්තාවක් විවාහ වන වයස් සීමාව අඩු වූ විට එනම් වයස 20 -25 අතර කාලයේදී දරුවන් බිහි කිරීමේ සාපල්‍යතාවය ඉහළ මට්ටමක පවතී. ඒ හේතුව නිසාම ජනගහනයේ ද ඉහළ අගයක් පවතින්නේ බිහිවන දරුවන් සංඛ්‍යාව වැඩිවන හෙයිනි.

ඒ අනුව ලංකාවේ ජනගහනය වර්ෂ 2040 වනවිට බිලියන 25 ඉක්මවා යන බව පවසන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජන විද්‍යා අංශයේ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතාය.

ඔහු මෙසේ පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මඟින් 2020 තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමෙහිලා ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් ක්‍රමයේ වැදගත්කම පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේදීය.

වර්තමානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් ඉක්මන් විවාහයට බොහෝ දුරට සාධක වන්නේ යොවුන් පරපුර අතර පවත්නා පේ‍්‍රම සබඳතා වේ. අඩු වයසේදී පවත්වන පෙම් සබඳතා ඉන් ඔබ්බට ගොස් ලිංගික සබඳතා බවට පත්වීම බොහෝදුරට දැකිය හැකි වේ. ඒ නිසා අඩු වයසින් ගර්භණී බවට පත්වීමේ ප්‍රවණතාවයක් පවතින අතර කඩිනම් විවාහය මීට ගත යුතු එකම පියවරයි. ඒ හේතුව නිසා අඩු වයසින් විවාහ වීම අද බෙහෙවින් දක්නට ලැබේ.

තවද පෙරට වඩා යොවුන් වියේදීම යෞවනියන්් නොයෙකුත් වෘත්තීන් වෙත යොමුවීම නිසාද ආර්ථික අතින් ස්වාධීන ස්ථීර තත්ත්වයක් ඔවුන් සතුව තිබීම නිසාද එය ඉක්මන් විවාහයට හොඳ ප්‍රවණතාවයක් බවට පත් වී ඇත.

කාන්තාවන්ගේ සඵල්‍යතාවය රටේ ජනගහණයට වර්ධන වීමට බෙහෙවින් බලපාන ප්‍රධාන සාධකයක් වේ.

ඉදිරි දශක දෙක තුළ රටේ ජනගහනයෙන් අවුරුදු 15 -59 සහ 15 - 64 කාණ්ඩයේ පිරිස් ඉහළ යාමෙන් රටේ සංවර්ධනය සඳහා මෙම ශ්‍රම බලකාය යොදා ගැනීමට හැකි වුවද ඉදිරි දශක දෙක තුළ මෙකී වයස් කාණ්ඩය වියපත් වීම නිසා ඔවුන්ගේ ශ්‍රම බලකාය අවම වීමත් ඔවුන් රැකබලා ගැනීමේ ගැටලුවට ද මුහුණ දීමට සිදු වේ.

අනවශ්‍ය ගැබ් ගැනීමද සංවර්ධනය වෙමින් පවතින රටක ශ්‍රම බලකායන්ට ගැටලු ඇති කරවන තවත් ප්‍රශ්නයක් වේ. පවුල් සැලසුම් පිළිබඳ විධිමත් සැලැස්මක් තිබේ නම් මේ සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට රුකුලක් වන බව පවුල් සංවිධාන සංගමය පවසයි.

විශේෂයෙන්ම පවුල් සැලසුම් ලෙස අර්ථ දක්වන්නේ නිරන්තර ලිංගික හැසිරීම් නිසා ඇතිවන අනපේක්ෂිත ගැබ් ගැනීම් වලක්වාලීමත්, මද සරු භාවයට ප්‍රතිකාර කිරීම තුළින් පවුලකට අවශ්‍ය දරුවන් ප්‍රමාණය ලබා ගැනීම මෙන්ම දරුවන් අවශ්‍ය අයට උපදෙස් සේවා සැපයීම, දරු උපත් අතර පරතරය පවත්වා ගැනම මවගේ වයස අනුව දරු උපත් සීමා කිරීම. (විශේෂයෙන් අවු. 35 ඉක්ම වූ කාන්තාවන් නිතර දරු උපත් සිදු කිරීමෙන් ඇගේ ජීවිතයට පවා හානි සිදුවීමේ අවකාශ ඇති වේ.) පවුලක ආර්ථික මට්ටම අනුව අවශ්‍ය දරුවන් සංඛ්‍යාව තීරණය කිරිම මෙවැනි කරුණු පවුල් සංවිධාන ඒකකයේ පවුල් සැලසුම් මඟින් ඔබට නොමිලේ ලබාගත හැකි වටිනා කරුණු වේ.

පවුල් සැලසුම් මූලික මානව අයිතිවාසිකමක් ලෙස සැලකෙන අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 27% ක්ම ප්‍රජනන වයසෙහි පසුවන බැවින් රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවාව මධ්‍යස්ථාන 1800 මඟින් ඔවුන්ට නොමිලේ දැනුවත් වීමේ සේවාවන් සැපයේ. මෙරටේ විවාහ කාන්තාවන්ගෙන් 72% ක් කිසියම් පවුල් සැලසුම් ක්‍රම දියත් කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් බව පැවසුවේ වෛද්‍ය ගොඩකන්දය.

මානව සංවර්ධනය උදෙසා පවුල් සැලසුම වැදගත් මෙහෙවරක් ඉටු කරන අතර පුද්ගලයකු ලිංගිකව සක්‍රිය වන යොවුන් වියේ මෙන්ම පාසල් අධ්‍යාපනය තුළද, ලිංගිකත්වය පිළිබඳ නිවැරදි අධ්‍යාපනයක් යොවුන් පරපුරට ලබාදීම කාලීන අවශ්‍යතාවයකි.

විශේෂයෙයන් අවුරුදු 16 දී ලිංගිකව දරුවකු සක්‍රීය වන අතර වැරදි ලිංගික කටයුතු නිසා ඉතා කුඩා වයසේදී අනවශ්‍ය ගැබ් ගැනීම්, ගබ්සා කිරීම්, මාතෘ මරණ ආදිය සිදුවීමට මූලිකව හේතුව වන්නේ යොවුන් පරපුරට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමයි. මේ කාලීන අවශ්‍යතාවය සපුරා ගතහොත්, එමඟින් අනවශ්‍ය ගැබ් ගැනීම්, ගබ්සා මෙන්ම මාතෘ මරණ සංඛ්‍යාව ද අවම කරගත හැක.

තවත් තදබල කරුණක් වන්නේ මේ යොවුන් පරපුර අතර පවතින ලිංගික සබඳතා නිසා ඩ්ධ්ඍ, ඒඩ්ස් මෙන්ම ලිංගිකව සම්පේ‍්‍රෂණය වන ලිංගාශි‍්‍රත රෝග ද බෝවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.

යොවුන් පරපුර, විවාහක කාන්තාවන්, සංක්‍රාන්තික ලිංගිකයන් මුහුණපාන ලිංගික ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විශ්වාසදායක හොඳ මාර්ගෝපදේශකත්වයක් ලබා දීමට රජයේ පවුල් සෞඛ්‍ය ඒකක මෙන්ම පවුල් සංවිධාන සංගමය නිරන්තරයෙන් සූදානමින් සිටින්නේ නොමිලේ ඔවුන්ට සේවාවන් ලබා දීමට බව පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල මහතා පැවසීය.

පවුල් සංවිධාන සංගමයේ පැවැති වැඩමුළුවක් ඇසුරිනි.

දීප්ති ෆොන්ූසේකා