ලොකු බඩක් තිබෙන ඔබ වෙතටයි

ලොකු බඩක් තිබෙන ඔබ වෙතටයි

 

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

අද අපි කතා කරන්න යන්නේ අපි බොහෝ දෙනෙකුට බලපාල තියෙන එහෙම නැතිනම් අනාගතයේදී බලපාන්නට පුළුවන් සමාජයේ විවිධ මිනිසුන් දිහා බලන විට හොඳින් ඇසට පුරුදු රෝග තත්ත්වයක් ගැනයි. ලොකු “බඩක්” ඒ කියන්නේ මහත උදර ප්‍රදේශයක් තියෙන සමහරවිට පරීක්ෂා කර තියෙනවා නම් ලේවල සීනි “ටිකක් විතර” කොලෙස්ටරෝල් “ටිකක් විතර”, අධික රුධිර පීඩනය ටිකක් විතර තියෙන පුද්ගලයන් අපිට බොහෝවිට මුණ ගැසෙනවා. නමුත් මේක රෝග තත්ත්වයක් විදියට සලකන්නේ ටික දෙනෙක් විතරයි. අවාසනාවට මේ තත්ත්වය තමන්ගේ රැකියාවේ, පෞරුෂයේ එහෙම නැතිනම් පරම්පරාව හෙවත් ආරයේ හැටි ලෙස සලකා සම්පූර්ණයෙන්ම නොසලකා හැරෙනවා. මේක ඇත්තටම රෝග තත්ත්වයක්. මෙය Metabolic Syndrome ලෙස නම් කෙරෙනවා.

Metabolic Syndrome කියන නමේ තේරුම නම් “ජීව රසායනික ක්‍රියාවන්ගේ ගැටලු නිසා ඇතිවන රෝග තත්ත්වය” යන්නයි. මේ වචන ඔබට ටිකක් අපහසුතාවක් ඇති කළත්, එම රෝගයේ අන්තර්ගතය තේරුම් ගන්න නම් එතරම් අපහසු නැහැ. ඇත්තටම සමාජයේ මේ රෝග තත්ත්වය කෙතරම් බහුල ද කියනවා නම්, එය “රෝග තත්ත්වයක්” ලෙස අපට පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසට එය භාර ගැනීමට තරම් අපි හැඩගැහිලා කිව්වොත් නිවැරදියි. ඒ නිසාම මෙම රෝගයට ප්‍රතිකාර කිරීම හෝ පිළියම් යෙදීම දිනෙන් දිනම අතපසු කරනවා විතරක් නොවෙයි, රෝගයේ සංකූලතා ලෙස අංශභාගය, හෘදයාබාධ හෝ දියවැඩියාව සෑදුණු විට ප්‍රතිකාර ඉතා සංකීර්ණ හා කාලය, ධනය වැයවන රෝග බවට පත්වෙනවා. ඒ විතරක් නොවෙයි ජිවිතයට තිිත තියන්නට හෝ ජීවිතයේ ගුණාත්මක බව නැති කිරීම ද බෙහෙවින් බලපානවා.

මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නා ආකාරය ගැන විමසා බලමු. පළමුවෙන් කියන්න අවශ්‍ය වන්නේ මේ රෝග තත්ත්වය තීරණය කරන ආකාරය ගැන විවිධ වෛද්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සෞඛ්‍ය ආයතන විවිධ අර්තකථන ලබා දෙනවා.

නමුත් පාඨක ඔබගේ පහසුව පිණිස, රෝගය විනිශ්චය කරන සරලම ආකාරය පිළිබඳවයි අද විස්තර කරන්නේ.

මෙම රෝග තත්ත්වය තීරණය කරන සාධක 5ක් සලකා බැලෙනවා. මේ සාධක 5 අතරින්, අවම වශයෙන් 3ක් වත් ඔබට තියෙනවා නම් ඔබ මේ රෝගයෙන් පෙළෙන කෙනෙක් බවට සිත්හි තබා ගන්න.

1. මහත උදරයක් හෙවත් “ලොකු බඩක්” පැවතීම මෙහිදී පිරිමි කෙනෙකුගේ ඉන ප්‍රදේශය (Waistline) අඟල් 37 හෝ ඊට වැඩි වීම ද, ගැහැණු අයෙකුගේ ඉන අඟල් 32 හෝ ඊට වැඩි වීම ද අවදානම වැඩි කරනවා.

2. රුධිර පීඩනය 140/90 ට වඩා අගයක් ගැනීම.

ඉහත දැක්වෙන, රෝගය හඳුනාගැනීමේ ක්‍රමය යටතේ “ලොකු බඩක්” සහිත ඔබ වහාම වෛද්‍යවරයා මුණගැසී රුධිර කොලෙස්ටරෝල් (Lipid Profile) රුධිර සීනි මට්ටම හා රුධිර පීඩනය වහාම මැන බැලිය යුතු බවට වැටහෙනවා ඇති.

මෙම රෝගය කාලයක් පවතින විට, ශරීර අභ්‍යන්තරයේ වෙනස්කම් සිදුවී දියවැඩියාව, හෘදයාබාධ, අංශභාගය වැනි සුව නොවන රෝග පහසුවෙන් ඇතිවිය හැකියි. මෙවැනි රෝග තත්ත්වයක් නැති අයට වඩා ඇති අයට පිළිවෙලින් දෙගුණයක් හා පස්ගුණයක් හෘදයාබාධ හා දියවැඩියාව වැළඳීමේ ඉඩකඩක් පවතින බව සඳහන් කළ යුතු වෙනවා.

මෙවැනි පුද්ගලයන් ඉහත කාරණුවලට අමතරව දුම්පානය, මත්පැන් පානය, අධික තෙල් ආහාර අනුභවය, ලුණු අධික ආහාර ගැනීම, මානසික ආතතිය වැනි අවදානම් කාරණා (risk factors) වලින් ද බැටකන අය නම් සිදුවන හානිය අපි හිතනවාටත් වඩා බරපතල වන බැව් මතක තබා ගත යුතු වෙනවා.

මෙම රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා සහය අත්‍යවශ්‍ය බැව් ඔබට දැනටමත් වැටහෙනවා ඇති. මෙහිදී ප්‍රතිකාර ලෙස දැනටමත් ඇති වී ඇති තත්ත්වයන්ට ඖෂධ ප්‍රතිකාර කරනු ලබනවා. මීට අමතරව වඩාත් වැදගත් වන්නේ ශාරීරික ක්‍රියාකාරකම් හෙවත් ව්‍යායාමයි. දිනකට අවම වශයෙන් විනාඩි 30-40 අතර කාලයක් වේගයෙන් ඇවිදීම, පිහිනීම, වාහනයක් සේදීම වැනි ශක්තිය වෙහෙසෙන ක්‍රියාවලියක නිරත වීම මේ සඳහා ප්‍රමුඛ පෙළේ ප්‍රතිකාරයක් වනවා. මෙම රෝගයට හේතුවන්නේ අපි ආහාර මඟින් ලබා ගන්නා ශක්තිය හා එම ශක්තිය භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුවක් නිසා ඉහත ව්‍යායාම් කිරීම් මේ රෝගය පාලනය කිරීමටත්, වැළැක්වීමටත් ඉතා වැදගත් වනවා.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු තවත් වැදගත් කාරුණ වන්නේ, මහත ශරීරයක් හෙවත් “ලොකු බඩක්” නැතිවත් මේ රෝග තත්ත්වය සමහරවිට ඇතිවීමේ ඉඩකඩක් ඇති බවයි. රෝගය තීරණය කරණ සාධක 5ක්, “මහත ශරීරය” එක් කාරණාවක් පමණක් නිසා අනිකුත් කාරණා මත පමණක් වුවත් මේ රෝගයේ අවදානම ඇතිවිය හැකි වෙනවා. නමුත් පොදුවේ බොහෝවිට දකින්නට ලැබෙන්නේ මහත උදරය සහිත අයට බැව් සඳහන් කළ යුතු වෙනවා.