රෝගීන්ට නිරන්තරයෙන් සුව සෙත සළසන ගාල්ල දිසානායක ආයුර්වේද රෝහල

රෝගීන්ට නිරන්තරයෙන් සුව සෙත සළසන ගාල්ල දිසානායක ආයුර්වේද රෝහල

මුහුදේ රළ පෙළ නැඟෙන සද්දෙ ඇසෙන මානයේ සිට මේ කතාබහ, ගාලු වරයාට මුහුණලා, මාතර කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ් ඇති මනරම් වූ වටපිටාවක පිහිටි ආයුර්වේද රෝහලේ දෙවන මහලේ වෛද්‍ය අධිකාරි එච්. ජී. කරුණාවතී සමඟයි. ඊට ආරෝග්‍යා කර්‍ත¡ෘතුමිය ඇතුළු කිහිපදෙනක් එකතු වුණා.

එහිදී රෝහලේ නවතම තොරතුරු පිළිබඳව බිඳක් විමසා බැලුවා.

ප්‍රධාන මාර්ගයේ සිට 50ථ ක දුරින් පිහිටි දිස්ත්‍රික් ආයුර්වේද රෝහල නොහොත් ගාල්ල දිසානායක ආයුර්වේද රෝහල 1982 ජනවාරි 26 දින ආරම්භ කර ඇත. ඒ කාලය තුළ සිට අද දක්වා වෛද්‍ය අධිකාරිවරු එකොළොස් දෙනෙකු සේවය කර ඇත. සුනාමි ඛේදවාචකයෙන් විනාශයට පත් වීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කළ රෝහලේ පරිපාලන කටයුතු දැන් සිදු කෙරෙන්නේ වෛද්‍ය අධිකාරි එච්.ඩී. කරුණාවතී අතිනි. ඒ 2013 ජුනි මාසයේ සිටයි.

මිනිසෙකු ජීවත් කරවන්නට අවැසි නිරෝගී බව ලබාදීම උපරිම බලාපොරොත්තුවෙන් රෝහලේ විවිධ අංශ කටයුතු කරන්නේ තම වගකීම නොපිරිහෙලායි. ඒ අනුව රෝහලේ ස්ථාපිත වී ඇති අංශ ඒ ඒ පූර්ණ යෝග්‍යතාවය ඇති පුද්ගලයන්ට බාර දී ඇත්තේ වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දීම පිණිසයි. රෝහලේ දෙවන මහලේ බුදු මැදුර පිහිටා ඇත්තේ ආගමික වතාවත් වෙනුවෙනි. රෝහලේ නේවාසික වී ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම වෙන් වෙන්ව ඇත. පංචකර්ම සඳහා වෙන් වූ වාට්ටුවක් ද ඇත. ඖෂධ නිෂ්පාදනාගාරය ඖෂධ ගබඩාව, ශල්‍ය ඒකකය සහ ශරීර සුවතාවය පිණිස රෝහලේම යෝග ව්‍යායාම සඳහා වෙන්වූ කෙටසක් ද ඇත.

බාහිර රෝගී අංශය (OPD)

දෛනිකව රෝහලේ බාහිර අංශය ක්‍රියාත්මක වන්නේ විවිධ සායන පවත්වමිනි. විවිධ රෝගවලට අදාලව විශේෂ වූ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය මත සිදු කෙරේ. සායන 17 ක් ක්‍රියාත්මකයි. මෙහි බෝ නොවන රෝග ඉලක්ක කරමින් සායන ක්‍රියාත්මක වන අතර අවශ්‍ය ඖෂධ නිෂ්පාදනාගාරය තුලම නිපදවන අතර බෙලිඅත්ත පලාත් නිෂ්පාදනාගාරයෙන් ද ඖෂධ ලබා ගැනේ.

මෙහි ක්‍රියාත්මක සායන අතරට කැඩුම් බිඳුම්, පංචකර්ම, ළමා රෝග, පීනස් රෝග, මධුමේහය, සන්ධි රෝග, රූපලාවන්‍ය, ස්ත්‍රී රෝග, ගුද ගත රෝග, ශ්විත්‍ර රෝග, අම්ල පිත්ත, ගෙඩි වන සායනය, කොරියානු කටු චිකිත්සාව, ජලෞකා ප්‍රතිකාර, චර්ම රෝග, බාහිරාංශ පංචකර්ම, ගත හැකියි.

මේ බාහිර අංශ පංචකර්ම ඒකකය ආරම්භ වී ඇත්තේ 2012 වර්ෂයේදීය. එහි මූලික අරමුණ නම් නේවාසිකව ප්‍රතිකාර ලැබීම සඳහා හැකියාවක් නොමැති එහෙත් පංචකර්ම ප්‍රතිකාර යෙදිය යුතු රෝගීන් උදෙසා පංචකර්ම ප්‍රතිකාර ලබා දිමයි. නස්‍ය කර්ම, අභ්‍යංගධාරා කර්ම, පිචු දැමීම යනාදිය මින් සිදු කෙරේ.

කැඩුම් බිඳුම් අංශය

වෛද්‍ය අධිකාරිවරියගේ පූර්ණ අධීක්ෂණයෙන් කටයුතු සිදු කෙරෙන සියලුම සායන අතරට කැඩුම් බිදුම් වලට විශේෂ තැනක් හිමි වේ. පාරම්පරික විශේෂ වෛද්‍යවරයෙකු ඒ සඳහා යොමු කෙරේ.

පසු විපරම් සායනය

රෝහලේ සායන අතරට අළුතින් එක් වු කොටසකි. විවිධ රෝගවලින් ප්‍රතිකාර ලබා සුව වී පසුව ඔවුන්ගැන සොයා බැලීම හා අවශ්‍ය රෝගවලට වෛද්‍ය උපදෙස් ලබා දීම මින් සිදු වේ. රෝගියාගේ පශ්චාත් ප්‍රතිකාර අවධිය වෙනුවෙන් රෝහල ගත් මේ ක්‍රියාමාර්ගය සුළුකොට තැකිය නොහැකියි. ඒ සඳහා වෙන් වූ වෛද්‍යවරියක් මේ වෙනුවෙන්ම තබා ඇත.

ඖෂධ

නිෂ්පාදනාගාරය

බාහිර රෝගී අංශයෙන් පවත්වනු ලබන විශේෂ සායන සඳහාත්, ජංගම සායන සඳහාත් අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සඳහාත්, රෝහලේ සියළුම නේවාසික රෝගීන් සඳහාත් ඖෂධ නිපදවන්නේ මේ ඖෂධ නිෂ්පාදනාගාරය තුලයි. රෝහලේ මෙම සේවාවන් සිදුවන්නේ ඵලදායිතාව ඉලක්ක කර ගනිමිනි. රෝහලේ බාහිර අලංකාරය පිණිස ඖෂධ පැල වගා කිරීම සිදු කෙරේ. සෙනසුරාදා සහ ඉරු දින වලට අමතරව රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල පවා රෝහලේ බාහිර රෝගී අංශය සක්‍රියව ක්‍රියාත්මකයි.

කටු චිකිත්සාව

රෝගීන් වෙනුවෙන් කොරියන් කටු චිකිත්සාව සඳහා සායනයක් පවත්වා ගෙන යයි. විවිධ මාදිලියේ රෝගීන් විවිධ පලාත්වලින් මේ සඳහා ප්‍රතිකාර පිණිස පැමිණේ. සුවය ලැබූවන්ගෙන් ලැබෙන ප්‍රශංසා නම් අපමණ බව සඳහන්ය. දියවැඩියාව, කොලෙස්ටරෝල්, සන්ධි රෝග, අම්ලපිත්ත වැනි රෝග ඇතුළු ඕනෑම රෝගයකට මේ කොරියානු කටු චිකිත්සාව යෝග්‍යයි.

ජංගම සායනය

විශේෂ සේවාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. විවිධ සමිති සමාගම් මෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම් ප්‍රදේශවල ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මකයි.

එබැවින් එම රෝගීන් උදෙසා මෙම ජංගම සායන පවත්වයි. මේ සඳහා වෙනම විශේෂ වෛද්‍යවරයෙකු යොදවා ඇත. සායනයෙන් ප්‍රතිකාර ලබා ගන්නා අයට රෝහලෙන් ඖෂධ ලබා දීම හා පරීක්ෂාව සිදු කෙරේ.

ඇතැම් අයට නේවාසික වීමට අවැසි පහසුකම් ද වෙනත් රෝහලකින් හෝ ලබාදීමට කටයුතු සම්පාදනය කරනු ඇත. එමෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයක් ද බාහිර පංචකර්ම ඒකකයක් ද පැවැත්වේ.

ශල්‍ය ප්‍රතිකාර ඒකකය

වන, ගෙඩි සහ තුවාල සඳහා වු ප්‍රතිකාර මින් සිදු කෙරේ. ඒ සඳහා වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත වී ඇත. බොහෝ රෝගීන් ගණනාවකටම සුවය සලසා ඇති මෙම ඒකකයෙන් ගුදගත රෝග, කල්ගිය සහ අත්හැර දැමූ වන මෙන්ම අර්ශස් නහර ගැට ගැසීම් භගන්දර වැනි රෝගවලට ප්‍රතිකාර මෙහිදි කරගත හැකියි.

භික්ෂු වාට්ටුව

මෙහි රෝගී භික්ෂූන් වහන්සේලොට ප්‍රතිකාර නේවාසික වී ලබා ගත හැකියි. ඇඳන් 4 ක් ඇත.

ගෙවන වාට්ටු

ගෙවන වාට්ටුවලට ඉල්ලුම වැඩි නිසා රෝගීන් පොරකන අවස්ථා නැතුවා නොවේ.

මෙහි කාමර 7 කින් සමන්විත වේ. රෝගීන්ට මෙහි ඇතුළු වීමට පොරොත්තු ලේඛනයේ සිටීමට සිදු වේ.

ළමා රෝග සායන

සෙනසුරාදා දින උදය වරුවේ ක්‍රියාත්මක වේ. අවශ්‍ය නම් නේවාසික වී ප්‍රතිකාර ලබා ගත හැකි ළමා වාට්ටුවක් ද ඇත.

නේවාසික අංශය

කාන්තා රෝගී සාමාන්‍ය වාට්ටුව හා පංච කර්ම වාට්ටු සඳහා ඇඳන් 38 කින් පූර්ණ වාට්ටුවක් ද පිරිමි රෝගීන්ට ඇඳන් 36 කින් සමන්විත වාට්ටුවක් ද ඇත. දකුණු පළාතෙන් පමණක් නොව විවිධ පළාත්වලින් පැමිණ ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සිටියි.

සැමවිටම ඇඳන් පිරී පවතී. නිරන්තර අධීක්ෂණය වෛද්‍යවරුන්ගේ සිදුවන අතර කාර්යක්ෂමව නොමද සේවය ලබාදේ.