දියවැඩියාව සුවකර ගන්න

දියවැඩියාව සුවකර ගන්න

පෑලියගොඩ රන්පත වෙද මැදුර

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසිපරිදි සිදුනොවීම එහි ක්‍රියාකාරිත්වයට දැඩි බාධාවකි. මේ නිසාවෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටීස් වැනි රෝග තත්ත්ව මෙන්ම දියවැඩියාව ආදී බෝ නොවන බරපතළ මට්ටමේ රෝග ඇතිවීම සඳහාද එය ප්‍රබල හේතුවක්. මේ, ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ කළ සාකච්ඡාවකි.

දියවැඩියාව ලෙසින් හඳුන්වන්නේ.....?

දියවැඩියා රෝගයේදී බොහෝ විට සිදුවන්නේ අග්නි්‍යාශය දුර්වලවීමයි. මේ හේතු කරගෙන අග්නි්‍යාශයෙන් සිදුවන සියලු ක්‍රියාවන් අඩපණ වෙයි. අග්නි්‍යාශය මඟින් සිදුකෙරෙන ක්‍රියාවන් අතර මූලිකම කාර්යය බවට පත්වන්නේ ඉන්සියුලීන් නමැති හෝර්මෝන නිපදවීමයි. එසේ අග්නි්‍යාශය මඟින් ඉන්සියුලීන් නිපදවුවහොත් පමණක් රුධිර ප්ලස්මාවේ ඇති ග්ලූකෝස් දේහ සෛලවලට ප්‍රයෝජනයට ගත හැකි වේ. මෙම ක්‍රියාවලිය “ග්ලූකෝස් පරිවෘත්තිය” ලෙස හඳුන්වනු ලැබේ. ග්ලූකෝස් පරිවෘත්තිය අඩාලවීමෙන් ග්ලූකෝස් දේහ සෛලවලට ඇතුල් වීමෙන් සිදුවන ශක්තිය සහ පෝෂණය සැපයීමේ ක්‍රියාවලිය අඩපණ වනු ලැබේ. එම නිසා මෙවන් අවස්ථාවකදී රුධිර ප්ලස්මාවේ ග්ලූකෝස් වැඩිපුර එක්රැස් වනු ලැබේ. එසේ රුධිර ප්ලස්මාවේ ඇති ග්ලූකෝස් ධාරිතාව වැඩිවීම දියවැඩියාව ලෙසින් හැඳින්වෙයි.

මේ සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ පැහැදිලි කළොත්....

රෝගයට ප්‍රතිකාර කිරීම ආරම්භයේ සිටම මූලික වශයෙන් ආහාර ජීරණයේ ඇති දුර්වලතා මඟහැරවීම සඳහා ප්‍රතිකාර කරනු ලැබේ. එවිට රෝගියාට සුදුසු පරිදි කුසගිනි ඇතිවේ. ඒ වගේම ලබාගන්නා ආහාර හොඳින් ජීරණය වේ. මලබද්ධය හෝ විටින් විට මල පිටවීම වැනි විෂමතා සම්පූර්ණයෙන්ම සුව අතට පත්වේ. තවද විවිධ හේතු නිසා ශරීරයට එකතු වී ඇති විෂ කොටස් ඉන් බැහැර කරවීම සඳහාද ඖෂධ යොදනු ලැබේ. රක්ත ශෝධන ඖෂධ මෙහිදී භාවිතා කරන අතරම ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය හා විටමින් සහිත ආයුර්වේදීය ඖෂධ මඟින් ලබාදෙන ගුණය නිසා සම පැහැපත්වීම මෙන්ම මානසික ඒකාග්‍රතාවය වැනි හිතකර තත්ත්වයන්ද ඇතිවේ.

කෙසේ වෙතත් මෙවැනි කුමන මට්ටමේ රෝගී තත්ත්වයකට වුවත් නවීන තාක්ෂණය මුසු කරමින් නිපදවූ පාරම්පරික අත්දැකීම් මතින් ගොඩනැගුණු දැනුම මත නිපදවූ ගුණාත්මක ඖෂධ මේ වන විට භාවිතා කළ හැකි වේ. මේ නිසා කාර්යයබහුල වුවත් ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකි නිසා අපහසුතාවකින් තොරව රෝග නිට්ටාවටම සුව කරගත හැකියි.

දියවැඩියාවට එකම හේතුව සීනි වැඩිපුර ඇති ආහාර ගැනීම පමණද....?

දියවැඩියා රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී මූලිකවම සිදුකළ යුත්තේ අග්නි්‍යාශය සුවපත් කිරීමයි. අග්නි්‍යාශය සුවපත් කිරීමට නම් ඊට පෙර අග්නි්‍යාශය දුර්වලවීමට හේතු හඳුනාගෙන ඒවා වැළැක්විය යුතුයි. බොහෝ දෙනෙක් දියවැඩියාව ලෙස හඳුනාගෙන තිබෙන්නේ පැණි රස බහුල ආහාර, පිෂ්ඨ අධික ආහාර වැඩිපුර භාවිතයට ගත් විට රුධිරගත සීනි මට්ටම වැඩිවී එය පාලනය කිරීමට අග්නි්‍යාශය මඟින් ඉන්සියුලීන් අධිකව නිපදවීම නිසා අග්නි්‍යාශය දුර්වලවීමයි. එසේ වූවත් මෙම හේතුවට අමතරව වර්තමානයේදී අග්නි්‍යාශය දුර්වලවීමට බලපාන වෙනත් හේතු ගණනාවක්ද හඳුනාගෙන තිබේ.

එම රෝග හේතු අතර ගැස්ට්‍රයිටීස් ප්‍රධාන හේතුවක් බවට පත්වන්නේ ඇයි....?

දියවැඩියාව පමණක් නොව අනෙකුත් සියලුම කායික රෝගවලටත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින දුර්වලතා ඍජු වශයෙන්ම බලපෑම් එල්ල කරනු ලබන අතර එය ආයුර්වේදීය මූලික සිද්ධාන්තයක් වශයෙන්ද හඳුන්වා දිය හැකියි. මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහොත් ආහාර ජීරණයට අවශ්‍ය ජීරක යුෂයන්හි වෙනස්වීම හෝ අනුපාතය වෙනස්වීම ලෙසින්ද මෙය තවදුරටත් හඳුන්වා දියහැකියි.

කෙසේ වෙතත් මෙවැනි ගැටලුවල ප්‍රතිඵලයක් වශයෙන් සියලුම ඉන්ද්‍රියයන්ට අවශ්‍ය පෝෂණය නිසි පරිදි නොලැබී යනු ලැබේ. ඒ වගේම නිසි ලෙස ජීරණය නොවූ හෝ අර්ධ වශයෙන් ජීරණය වූ ආහාර ශරීරයට අහිතකර ලෙසින්ද බලපෑම් ඇතිකරනු ලැබේ. මෙවන් හේතු නිසා කාර්යයබහුල ඉන්ද්‍රියක් වන අග්නි්‍යාශය දුර්වලවීමට තිබෙන ඉඩකඩ වැඩි අතර මේ නිසාවෙන්ම ගැස්ට්‍රයිටීස් වැනි ආහාර ජීරණ පද්ධතියේ දුර්වලතා ඉක්මනින්ම සුව කළ යුතුවේ.

දියවැඩියාවට බලපාන වෙනත් හේතු මොනවාද....?

සීනි අධිකව යෙදූ නොඑසේ නම් පිෂ්ඨ බහුල ආහාර අධිකව ගැනීමට අමතරව දියවැඩියාව සඳහා හේතුවන අනෙකුත් හේතූන් වන්නේ අම්ල රසැති ආහාර අධිකව භාවිතා කිරීම, උෂ්ණ අධික ආහාර අධිකව භාවිතා කිරීම, අනවශ්‍ය පරිදි රසකාරක යෙදූ කෘතිම ආහාර වර්ග බහුලව භාවිතා කිරීම ආදියයි. මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතා මෙන්ම දුර්වලතා සේම ගැස්ට්‍රයිටීස්ද දියවැඩියාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකියි.