හිස්හොරි කරදරෙන් බේරෙන්න බැරිද?

හිස්හොරි කරදරෙන් බේරෙන්න බැරිද?

ආයුර්වේද වෛද්‍ය අචාර්ය

මහේෂ් අතුරලිය

කාන්නාවන්ට දිදුලන නිරෝගී මොනර පිලක් වැනි කෙස් කළඹක් තිබුණත් හිස්හොරි වලින් ඇති වන්නේ අවලස්සනකි. හිස්හොරි ලෙස හඳුන්වන්නේ එග්සීමා හෙවත් රක්තයා තත්ත්වයයි. සාමාන්‍යයෙන් සමේ ඇතිවන එග්සීමා වලට වඩා හිස් කබලේ ඇතිවන මෙම තත්ත්වය වෙනස් වේ. හිස් කබල මත ඇතිවෙන හිස්හොරි මුල් අවස්ථාවේදී දැකගත හැකි වන්නේ හිසෙහි සම ගැලවී යන අයුරිනි. නමුත් මෙම රෝග තත්ත්වය තීව්‍ර වන විට එම සම රතු පැහැවීම, කුඩා බිබිලි ඇතිවීම දක්වා වර්ධනය විය හැකිය.

හිස්හොරි හෙවත් එග්සීමා ඇති වන්නෙ ශරීරයේ දහඩිය දමන තැන් ආශි‍්‍රතවයි. එනම්, හිස, ඉකිලි, කිහිලි, පපුව, පිට වැනි තැන්වලය. හිස්හොරි මුල් අවස්ථාවේ පවතින විට පොතු ආකාරයට ගැලවී යන මුත් එය ක්‍රමයෙන් උග්‍ර තත්ත්වයටද පත්විය හැක. ශරීරයේ එක් ප්‍රදේශයක හට ගන්නා හිස්හොරි සාමාන්‍යයෙන් තවත් ප්‍රදේශ වලට ද පැතිර යයි.

පවුලේ එක් අයෙකුට හිස්හොරි තිබෙන විට ඔහු පාවිච්චි කරන තුවාය, කොට්ට උර, ඇද ඇතිරිලි, පනාව මගින් මෙය තවත් කෙනෙකුට බෝවිය හැකි යැයි බොහෝ දෙනෙකු සිතන නමුත් හිස්හොරි හෙවත් එග්සීමා තත්ත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගී තත්ත්වයකි.

හිස්හොරී සඳහා ප්‍රතිකාර

* දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම

* ගොඩපර ගෙඩි කොටා එම යුෂ ආලේපය

* වෙරළු කොළ කොටා යුෂ ආලේපය

* උළුහාල් මේස හැඳි 5ක් පමණ රැයක් වතුරේ පෙගෙන්නට තබා පසුදින එය අඹරා හිසෙහි ආලේප කර පැය භාගයකට පමණ පසු ස්නානය

* මුං ඇට පිටි මුදවපු කිරි සමඟ මිශ්‍ර කර ආලේප කර පැයකින් පසු සෝදා හරින්න.

* බිත්තර කහමදය දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේපය

* පිරිසුදු විනාකිරි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර ආලේපය

* නෙල්ලි තම්බා එම වතුරින් හිස සේදීම

* සැවැන්දරා තම්බා එම වතුරින් හිස සේදීම

ෂැම්පු හිසකෙස් වලට ගුණදායකද?

පෞද්ගලික පිරිසුදුතාවය ආරක්ෂා කර ගැනීම හිස්හොරි මැඩලීමේ පළමු පියවරයි බොහෝ ෂැම්පු වර්ග තුළ කෘතිම රසායනික ද්‍රව්‍ය හා සුවඳ කාරක අඩංගු නිසා දිනපතා ෂැම්පු භාවිතය නුසුදුසුය කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරේ බාහිර හා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට හානි කරයි.

පංච ඉන්ද්‍රීය අතරින් ඇස, කන, නාසය, දිව යන ඉන්ද්‍රීය හතරක්ම හිසෙහි පිහිටා තිබීමෙන් එම ඉන්ද්‍රීයන්ට අහිතකර බලපෑම් ඇතිවිය හැකිය.

ඔබත් ෂැම්පු භාවිතා කර ඇති නිසා ෂැම්පු වලින් පෙණ නගිනවා දැක ඇත. ෂැම්පු වලින් පෙණ නැගීම ඇති කිරීමට ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකක් භාවිතා කරයි. ඒ සෝඩියම් ලෝරීල් සල්ෆෙට් හා සෝඩියම් ලෝරෙත් සල්ෆේට් ය

සෝඩියම් ලෝරිල් සල්ෆේට් සමෙහි වියළි බවටත්, සෝඩියම් ලෝරෙන් සල්ෆේට්ි සමෙහි පිළිකා සෛල වර්ධනයටත් හේතු විය හැකියි.

තම නිෂ්පාදනය තරඟකාරී වෙළෙඳ පොළ තුළ අංක එක බවට පත් කිරීමට සිලේනියම් සල්ෆයිට් නැමති රසායනය වැඩිපුර අඩංගු කර නිපද වූ ෂැම්පු වර්ග ද වෙළඳ පොළ තුළ පවතී මෙම රසායනිකයෙන් කෙස් මුල් දුර්වල වී.කෙස් වල මුල් පැහැය වෙනස් විය හැක.

ෂැම්පු තුළ අඩංගු රසායනික ද්‍රව්‍ය වලින් කිහිපයක්

* කෝල්ටාර්

* ප්‍රොප්ලින් ග්ලයිකෝල්

* ක්ලොරො ඇසිටමයිඩ්

* ෆොනොක්සි එතනෝල්

* මිනරල් ඔයිල් හෙවත් පෙට්ට්‍රෝලියම්

* පැරබින්

* සින්ක් පි‍්‍රතියෝන්

* ඇමොඩ්මෙතිකෝන්

* ට්‍රයික්ලොසාන්

* ෆෝමැල්ඩ්හයිඩ්

පොදුවේ ගත් කල මෙම රසායනික ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් මධ්‍යම ස්නායු පද්ධතියට, අන්තරා සර්ග පද්ධතියට, ශ්වසන පද්ධතියට, ප්‍රජනන පද්ධතියට අහිත කර ලෙස බලපෑ හැකිය. එසේම මිනිස් සිරුරේ ප්‍රධානම ඉන්ද්‍රීයන් වන මොළය, හදවත, පෙනහළු, අක්මාව, වකුගඩු, වලට ද හානි සිදු විය හැක.

ශාක සාර භාවිතා කොට නිවසේදීම සාදා ගත හැකි ෂැම්පු වර්ග කිහිපයක් පහත දැක්වේ

* බිත්තර කහ මද 1

* වැල්පෙනෙල යුෂ අඩු කෝප්ප 1/4

* උළුහාල් කුඩු මේස හැඳි 2

* දෙහි යුෂ බිංදු 5 - 10 පමණ මිශ්‍ර කර ආලේපය

* විනාකිරි මේස හැඳි 2

* දෙහි යුෂ බිංදු 5 - 10 පමණ මිශ්‍ර කර ආලේපනය

මෙම ෂැම්පු භාවිතයෙන් හිස් කබලේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට බාධා ඇති නොවේ. දෙහි හා විනාකිරි වලින් හිසකෙස් මනාව පිරිසිදු වෙයි. සියල්ල සමව ගෙන ආවරණය වූ පොල් කටු ගිනි අගුරු භාජනයට දමා එයින් නැගෙන මද උණුසුම් සුවඳ දුම් හිස කෙස් වලට වැදීමට සැලැස්විය යුතුය. මද උණුසුම් සුවද දුම් හිසට වදින විට කේශ මූලය උත්තේජනය වී කෙස් වර්ධනය ක්‍රමවත් වේ.

බටහිට රූපලාවන්‍යාගාර තුළ දී හිසකෙස් උණුසුම් කිරීමට සරල සුවඳ ධූප ක්‍රමයට නවීන තාක්ෂණය එක්කොට නිපද වූ හෙඩ් ස්ටිමර් නැමති උපකරණය භාවිතා කරනු ලබයි. නමුදු මෙම උපකරණයේ උණුසුම කෙස් යෑමට හේතු වේ.

ඖෂධිය සුවඳ ධූප ක්‍රමය

* හිස කෙස් වර්ධනයට

* හිස කෙස් සුවදවත් කිරීමට

* ශීර්ෂ රෝග සුවයට

* පීනස් ආදි සෙම් රෝග සුවයට

* නාසය තෘප්තිමත් කිරීමට

* මානසික සුවයට

* හෙඩ් ස්ටිමර්

* හිසකෙස් යෑම

* අකලට හිස කෙස් පැසීමට