රසයෙන් ඉහළයි ගුණයෙන් අනූනයි උත්සව අවස්ථාවකට කදිමයි

රසයෙන් ඉහළයි ගුණයෙන් අනූනයි උත්සව අවස්ථාවකට කදිමයි

ප්‍රවීණ සුපවේදීනී

දිල්කා මාටින්

සේවරි රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී සහල් 1 kg

මාගරින් මේස හැඳි 4

රම්පෙ කැබැල්ලක්

කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

කරදමුංගු කරල් 2, 3 ක්

කහ ස්වල්පයක්

මිරිස් කුඩු තේ හැඳි 2

මසාල කුඩු ටිකක්

කැරට් 100g

බෝංචි 100g

ලීක්ස් අඩු කෝප්ප 100g

ලොකු ළූණු 100g

සුදු ළූණු / ඉඟුරු අවශ්‍ය ප්‍රමාණයට

කුකුල් මස් 1kg

බැදගත් කජු ස්වල්පයක්

Plums ටිකක්

සාදන ක්‍රමය

මුලින්ම බත පිසගන්න. කුකුළු මස් හොඳින් සෝදා කැබලිවලට කපා ගන්න. පසුව එය ලුණු සහ කහ සමඟ මිශ්‍ර කර පසෙකින් තබාගන්න. සීසන් වුවාට පසු ගැඹුරු තෙලේ දමා බැදගන්න.

බඳුනක් ලිප තබා එයට මාගරින් ටික දමා රත් වී ගෙන එනවිට තලාගත් ඉඟුරු සුදු ළූණු සමඟ කරපිංචා, කපාගත් ලොකු ලුණු තලාගත් කරදමුංගු, කුරුදු පොතු, මිරිස් කුඩු සහ මසාල කුඩු පිළිවෙළින් එකින් එක දමා බැදෙන්න හරින්න. එය මද ගින්නේ කළ යුතුයි. පසුව ගී‍්‍රන් පීස් සමඟ කැරට්, සමඟ කපාගත් ලීක්ස් හා බෝංචි එක්කරන්න. පසුව පිසගත් බත එයට මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වුවාට පසුව රස අනුව ලුණු දමා ගන්න. දැන් එයට බැදගත් කුකුළුමස් ටික හා කජු සමඟ Plums ටික පිසගත් බතට එක්කර දීසියකට දමා කොත්තමල්ලි කොළවලින් සරසා මේසයට යවන්න.


ඉතාලියන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් හුණ්ඩු 1 යි

රටලුණු (සිහින්ව ලියා) ගෙඩි 2 යි

ගාන ලද චීස් මේස හැදි 6 යි

මාගරින් මේස හැදි 3 යි

වතුර පයින්ට් 1 1/2

හැකි නම් එළවළු හෝ මස් ස්ටොක් වතුර

පාස්ලි අහුරක් (සිහින්ව ලියා ගත්)

සැල්දිරි

ඉස්සො 200g (පොතු ඉවත් කර)

සුදුලූණු බික් 6 යි

තක්කාලි ජුස් කෝප්ප 2 යි

සාදාගන්නා ක්‍රමය

පෑන් එක රත්කර මාජරින් ස්වල්පය දමන්න. එය රත් වීගෙන එනවිට සිහින්ව ලියා ගත් රටලුණු, තලා ගත් සුදුළූණු, බැදෙන්න හරින්න. එයට හොඳින් සෝදා පෙරා ගත් හාල් එක්කර බැදගන්න. බත බැදීගෙන එනවිට stock ටික එයට එකතු කරන්න. එයට උඩට පාස්ලි, සැල්දරි, ඉස්සො, තක්කාලි ඉස්ම එකතු කර බත තැම්බෙන්න අරින්න. බත තැම්බුණු පසු එය උඩින් චීස් කුඩු අතුරන්න.


ගී රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් කටු රහිත 200g

කුකුල් මස් කැබලි 100g

රටලුණු ගෙඩි 2 යි

කහ ස්වල්පයක්

කරදමුංගු කරාබු නැටි 6 යි

රම්පෙ කැබැල්ලක්

සේර කැබැල්ලක්

කුරුදු පොතු කැබැල්ලක්

ගී මේස හැදි 3 යි

ගම්මිරිස් ඇට 10 යි

හාල් 500 g

බත සරසා ගැනීමට කජු සහ බිත්තතර

සාදන ක්‍රමය

ගිතෙල් රත් කර හීනියට කපා ගත් රටලුනු දමන්න. රම්පෙ, කරපිංචා, සේර, මස් සහ අනෙකුත් සියලු ද්‍රව්‍ය මෙයට එකතු කරන්න පසුව සෝදා පෙරා ගත් කහ දැමූ බාස්මතී හාල් දමා හොඳින් බැදගන්න. බත තැම්බෙන්න වතුර දමා පිසගන්න. අවසානයට මිටි පොල්කිරි කෝප්පයක් දමා බත තම්බා ගන්න.බත ලිපෙන් බා ගැනීමට පෙර බැදගත් කජු සහ ගී‍්‍රන් පීස් කලවම් කරගන්න. ලුණු රස පදමට දාගන්න. ඉන්පසු තම්බා ගත් බත් කෝප්පයකට දමා ලෙමන් කොළ දෙකකින් සරසා ගන්න.


Sea Food Rice

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් 500g

දැල්ලන් 100g

ඉස්සන් 100g

කකුළුවන් 100g

ලොකු ලුණු ගෙඩි 2

වියළි මිරිස් කරල් 10

මාගරින් අවශ්‍ය ප්‍රමාණයට

රම්පෙ කැබැල්ලක්

කරපිංචා කැබැල්ලක්

එනසාල් කරල් 5

කරාබු නැටි 5

කහ කුඩු තේ හැඳි 1/2

පොල්කිරි කෝප්ප 1

කජු 50g

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

මාළු මිරිස් කරල් 4

සාදන ක්‍රමය

හොඳින් සහල් සෝදා ගන්න. දැල්ලන් ඉස්සන් සහ කකුළුවන් සෝදා බැදගන්න. වියළි මිරිස් කරල් 1/4 පමණ කැබලිවලට කඩන්න. ලොකු ළූණු සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. කරපිංචා, එනසාල්, කරාබු නැටි තලා ගන්න. කජු බැද ගන්න. මාළු මිරිස් කැබලිවලට කපාගන්න.

බඳුනකට මාගරින් ටික දමා යන්තම් රත් වූ පසු රම්පෙ සමගින් ඉහත ගත් කරපිංචා, එනසාල් කරාබු නැටි වලින් පංගුවක් ගෙන බැදෙන්න හැර එයට වියළි මිරිස් කුඩු දමා ටිකක් බැදගන්න. එයටම මාළු මිරිස් ටික ද එකතු කරන්න. පසුව සෝදාගත් සහල් ටික දමා පසුව එයටම පොල් කිරි කෝප්ප 1 සහ වතුර අවශ්‍ය ප්‍රමාණයට එක්කර හොඳින් කලවම් කරගන්න. පසුව එය වසා මඳ ගින්නේ ඉදෙන්න හරින්න. බත හොඳින් ඉදුණාට පසු හොඳින් බැදගත් ඉස්සන්, දැල්ලන් හා කකු.ළුවන් සමඟ බැදගත් ලොකු ලුණු, කරපිංචා සහ කජු එක්කර මිශ්‍ර කර ගන්න. එසේ සාදාගත් බත් මිශ්‍රණය දීසියකට දමා කොත්තමල්ලී කොළ, උඩින් ඉසගන්න. දැන් කෑම මේසයට යවන්න.