මම රට ඉන්න දවස්වල girl friends ලා දෙන්නෙක් හිටියා

මම රට ඉන්න දවස්වල girl friends ලා දෙන්නෙක් හිටියා

ජාතික ලිංගාශි‍්‍රත සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

ලිංගාශ්‍රිත රෝග සායනයෙන් ඇසුණු සත්‍ය කතාවක්

ජීවිතේට මොනතරම් සැප සම්පත් තිබුණත් තමන්ගේ පවුල තරම් ඒ කිසිදෙයක් කිසිම වේලාවක වටින්නේ නැති බව කෙනෙක්ට සිතෙන්නට පුළුවන්. ඒත් අපි විසින්ම ලබාදෙන ඒ වටිනාකම එතරම් දුරදිග නොබලා කරන සමහර වැඩ නිසා කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙන්න ගත වෙන්නේ එකම එක තත්පරයක් විතරයි. ඒත් ඒ වගේ අත්දැකීම් වලින් ජීවිතයට එකතු වන පාඩම් නිසා තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් බවත් අපි ඉගෙන ගන්නවා.

විමල්සර කියන්නෙත් ඒ පාඩම හොඳින්ම ඉගෙන ගත්ත කෙනෙක්. මේ කථාව පටන් ගන්නේ නැවත වාරයක් රට රස්සාවට යන්න කියලා හිතලා විමල්සර මෙඩිකල් රිපෝට් එකක් ගන්න ගිය වෙලාවක.

දරුවෝ දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණු විමල්සර විවාහ වෙලා හිටියේ නෙළුම් එක්ක. ලංකාවේ රස්සාවක් කරලා දරු දෙන්නත් බිරිඳවත් බලාගන්න තරම් සල්ලි හම්බකරන්න බැරි බව ඒ වෙනකොට රස්සාවල් කිහිපයක්ම කරපු කෙනෙක් හැටියට එයා හොඳටම තේරුම් අරන් තිබුණේ. වැඩිමහල් දරුවා ලැබෙන්න කලින් ඉඳලා ලංකාවේ රස්සාවල් අත හැරලා විමල්සර මැද පෙරදිග රස්සාවක් හොයා ගත්තේ තමන්ගේ පවුලේ අනාගතේ ගැන හිතලා. නිවාඩු ලැබෙන වෙලාවට කීපවරක්ම ලංකාවට ආව ගියා විතරක් නෙමෙයි හැකි සෑම වෙලාවකම තමන්ගේ පවුලේ අයට කිසිම අඩු පාඩුවක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ.

ඒත් විමල්සර මුලින්ම හිටිය රටේන් නැවතත් ලංකාවට එන්න එයාට සිද්ධ වුණේ හිතා ගන්නවත් බැරි විදිහට. ඒ වෙනකොට නෙළුම් දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. දරුවෝ දෙන්නෙක් නිසා පවුලේ බර දැන් වැඩිපුර විමල්සරට දැනෙන්න ගත්ත නිසා වැඩි කාලයක් ගත නොකර නැවත වතාවක් වෙනත් රටක රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. රට යන්න කලින් වුවමනා වුණු ලියකියවිලිවල මෙඩිකල් රිපෝට් එකක් ගන්නත් තිබුණු නිසා එයා වෛද්‍ය පරීක්ෂණවලටත් සහභාගි වුණා. මේ පරීක්ෂණ වාර්තාවලදී නිමල්ගේ රිපෝට් එකේ ඩ්ධ්ඍ පොසිටිව් කියලා දැන ගත්තාම තමයි විමල්සරට තරු පෙනුණේ.

කොහොම වුණත් මේ ගැන හරියටම තහවුරු කරගන්නට වුවමනා නිසා තවදුරටත් සිදු කළ පරීක්ෂණ වලින් විමල්සර ඩ්ධ්ඍ ආසාදිත බව ස්ථීරව තහවුරු වුණා. තමා ආසාදිත වුණේ කොහොමද කියලා හරිහැටි අවබෝධයක් නොතිබුණත් ප්‍රතිකාර කරන්නට එයාගේ ජීවිතයේ ඉතිහාසය, තමන් කරපු ලිංගික ක්‍රියාකාරකම් ගැන දැනගන්නට අවශ්‍ය වුණේ විමල්ගෙන්. තව කෙනෙකුට රෝගය ව්‍යාප්ත වෙන එක නවත්වන්න අවශ්‍ය වුණු නිසා.

“ඩොක්ටර් මම රට ඉන්න කාලේ මම ගෑණු ළමයි දෙන්නෙක් ආශ්‍රය කළා. එක් කෙනෙක් ලංකාවේ ඉදළ එහේ රස්සාවට ආව කෙනෙක්. අනිත් එක්කෙනා පිලිපීන් ගර්ල් කෙනෙක්.”

පිටරට හිටපු කාලෙදි විමල්සර මේ දෙන්නා එක්කම ලිංගික සම්බන්ධකම් පවා පවත්වා තිබුණා. මේ විදිහට රෝගය බෝ වීම ගැන සැක කරන්න පුළුවන් බව පෙන්නුවට පස්සේ බිරිඳටත් දරුවන්ටත් මේ අවදානම තිබෙන නිසා ඒ පිළිබඳ පරික්ෂා කර බලන්නට අවශ්‍ය වුණා. නෙළුම්ව වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරන්නට අවශ්‍ය වුණත් තමන්ගේ පවුලේ අය ඉදිරියේ මේ බව කියන්න තරම් ධෛර්යයක් විමල්ට තිබුණේ නැහැ. මේ විදිහට නෙළුම්ව වෛද්‍ය පරීක්ෂණයට එක්කගෙන එන්න මාස ගණනක් ගත වුණා. අවසානයේදී තමන්ගේ බිරිඳට හැමදේම විස්තර කරලා එයයි දරුවොයි ඉන්න අවදානම ගැන හිතලා කොහොමහරි නෙළුම්ව පරීක්ෂණයට භාජනය කළා. ඒ පරීක්ෂණයත් පොසිටිව් වුණු නිසා දරුවන්ටත් ඒ පරීක්ෂණයම සිදු කිරීමට කටයුතු සැලසුම් කළා.

දරුවන් ඒ වෙනකොට දැනුම් තේරුම් ඇති වයසක පසු වුණු නිසා ඔවුන්ට එම පරීක්ෂණ නොතේරෙන පරිදි සිදු කිරීමට අවශ්‍ය කටයුතු වෛද්‍යවරු සැලසුම් කර පරීක්ෂණවල ප්‍රතිඵල පරීක්ෂා කරත් ඔවුන්ට වාසනාවට ඩ්ධ්ඍ ශරීරගත වී තිබුණේ නැහැ.

මේ කථාවේ විමල්සර නෙළුම් දෙදෙනාට ප්‍රතිකාර ආරම්භ කළත් දරුවෝ දෙන්නා නිසා මිසක් ඔවුනොවුන් අතර සම්බන්ධයක් පැවතුනේ නැති තරම්. මේ සිද්ධිය නිසා මේ පවුලේ සතුට සමඟිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒත් මෙම රෝගය සඳහා වන ප්‍රතිකාර යටතේ මනෝ වෛද්‍ය උපදේශන කාර්යන් ද සිදුවන නිසා නෙළුම්ගෙත් විමල්සරගේත් දෙදරා ගිය පවුල නැවත ගොඩ නඟින්නට පුළුවන්කම ලැබුණා.