හොඳින් ශ්‍රවණය කිරීමෙන් වචන ග්‍රහණයකර ගැනීම

හොඳින් ශ්‍රවණය කිරීමෙන් වචන ග්‍රහණයකර ගැනීම පහසු වෙනවා

මිහිර වික්‍රමාරච්චි

අධ්‍යක්ෂ,

වික්‍රමාරච්චි ශ්‍රවණ සහ

කථන පුහුණු ආයතනය

දරුවන්ට වඩාත් හොඳින් ශ්‍රවණය කිරීමට සැලැස්වීම තුළින් වචන ග්‍රහණය කරගෙන ඉතාමත් හොඳින් කථා කිරීමේ හැකියාවක් ලැබේ. එසේම කියවන ලද යමක් ඇසීමටත් ඒ තුළින් කියවීමට හුරුවීම මඟිනුත් වඩා යහපත් භාෂාත්මක හා සමාජීය දැනුමක් දරුවාට ලබාගත හැකි වේ.

කියවීම ප්‍රගුණ කිරීමට අවශ්‍ය හැකියාව හා ආශාව වර්ධනය කිරීම

කුඩා කාලයේදීම පොත්පත් කියවීමට අවශ්‍ය හැකියාව හා ආශාව වර්ධනය කිරීම

කුඩා කාලයේ දීම පොත්පත් කියවීම පිළිබඳ අත්දැකීම් ඇති ළමුන් ඉදිරියේ දී වඩාත් හොඳ පාඨකයන් බවට පත්වීමට ඇති ප්‍රවණතාව ඉතා ඉහළය. එබැවින් කුඩා කාලයේදීම දරුවන්ට පොත් කියවන්නට උනන්දු කරවීම හා හඬනගා කතන්දර කියවීම තුළින් දරුවා වචන ග්‍රහණය කර ගන්නවා සේම තව තවත් කියවීමට පෙළඹෙනවා.

වෙනස් ආකාරයට සිතීමටත්, පොතක් කියවා තේරුම් ගැනීමටත් අවශ්‍ය පසුබිම, හඩ නගා කතන්දර කියාදීම තුළින් වර්ධනය වේ. කියවීමට හොඳ පසුබිමක් සකස් කරදීම සඳහා මව්පියන්ට කළ හැකි දෑ බොහොමයි.

*කතන්දරයේ අන්තර්ගතය ජීවිතයේ සැබෑ අත්දැකීම් සමඟ සංසන්දනය කරමින් කියවීම තුළින් ග්‍රහණය කරගත යුත්තේ කුමක් දැයි දරුවා වටහා ගනී.

*කථාවේ නියම (නිවැරදි) අර්ථය තේරුම් ගැනීම

*කතන්දරයේ සංසිද්ධි පිළිවෙකට මතක තබා ගැනීමට නැවත නැවතත් කථාවේ සිද්ධි මතක් කිරීම

*නව කථාවක් ආරම්භයේ එහි ප්‍රතිඵල පුර්වෝකථනය කිරීම තුළින් දරුවා කථාව, කියවීමට පෙර සිටම ඊට ක්‍රියාකාරී දායකත්වයක් දක්වයි.

*කියවන වචනවල අදහස තේරුම් ගැනීම, තමන් දන්නා දේ ඒ සමඟ සැසඳීම ආදී ක්‍රියාකාරකම් සඳහා දරුවා උනන්දු කරවීම තුළින් කියවන දෙය වඩාත් ඵලදායී වනු ඇත.

*කථාවේ එන සංසිද්ධි එකිනෙක ගලපා කථා කිරීමෙන් කථාව පිළිබඳව නොදැක්වු හා ප්‍රකාශ නොවු අදහස් දරුවා තුළ ප්‍රතිනිර්මාණය වේ.

*දරුව තුළ අනුමාන කිරීමේ හැකියාව වර්ධනය කිරීම තනිව වාක්‍ය කියවා හිස්තැන් පිරවීමට අවස්ථාව දීම තුළින් කළ හැක.

*යම්කිසි නිර්මාණයක් කිරීම අවසානයේ ඊට යමක් එකතු කිරීම දරුවා සමඟ කටයුතු කිරීම මඟින් ඒ පිළිබඳ යම්තාක් දුරට දරුවා තුළ අදහසක් වර්ධනය කළ හැක.

බාධක ජය ගැනීම

වැඩිහිටියන් සමඟ සැසඳීමේදී දරුවන් තුළ බස හැසිරවීමේදී අවධානය යොමු කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම හා වචන මතක තබා ගැනීම ආදිය ප්‍රගුණ කිරීම සඳහා ක්‍රම කීපයක් ඇත. මුලික වශයෙන් ඒ සඳහා ඇරඹුමක් ලබා ගැනීම දෙයාකාරයකින් සිදු කළ හැක.

*ශාබ්ධික - පාදයික පිවිසුම ළමුන්ට භාෂාවේ ඇති නීති රීති හා ශබ්ද සංකේත අතර ඇති බැඳීම දෘශ්‍ය ආකාරයකින් සරලව වටහා ගැනීමට උපකාරී වේ. තවද ඛ්ධජඩතඥචප ධ්ථනතචදබ නිවැරුදි ලෙස භාවිතා කරන ළමුන් හට ශාබ්ධික - පාදයික පිවිසුමෙහි උපරීම ප්‍රථිඵල ලබා ගැනීමට හැකිවන්නේ ශබ්දයෙහි දත්ත තාක්ෂණානුකූලව කර්ණ ශංඛය වෙත එමඟින් ලබාදෙන නිසාවෙනි. ව්‍යවහාර භාෂාවේ ඇති ස්වර ව්‍යාංජන හඳුනාගැනීම සඳහා පළමුව අක්ෂරයේ ශබ්දයත් සමඟ එහි රූපමය නිර්මාණයකුත් ඉදිරිපත් කරන්න. මෙසේ කරනු ලබන ඇරඹුම තුළින් සංකේතයට අදාල වචනයද මතකයේ එක්තැන්ව රැෙඳන අතර එය දරුවාගේ කියවීමට ද උපකාරී වේ.

*පුර්ණ භාෂා, පිවිසුම එනම් දරුවා පෙර ලබා ඇති අත්දැකීම හා දැනුම ආධාරයෙන් කියවීම ඇරඹීමයි. භාෂාමය ලෝකය තුළදී සැමවිට දරුවා උනන්දු වන්නේ තමා අත්දැක ඇති දෙය හා කියවන හෝ ලියන දෙය සමඟ සබඳියාවක් ගොඩ නැගීමටයි. ඛ්ධජඩතඥචප ධ්ථනතචදබ මඟින් දරුවන්ට සැමවිට අවස්ථාව සපයන්නේ ඔවුන් තුළ කිඳා බැස ඇති අත්දැකීම් හා දත්ත සමඟ භාෂාමය ලෝකයේ ඇති හැඟුම්කාරකය යළි සිහිකැදවීටමත් ඒ උපකාරයෙන් ප්‍රකෘතිය ඇමතීමටත්ය. උදාහරණයක් ලෙස සත්වෝද්‍යානයක අසිරිය හොඳින් අත්විඳ ඇති දරුවෙකුට එහි රඳවා සිටි සතුන් පිළිබඳව ලියවී ඇති පොත් හෝ කතන්දර පොතක් කියවා තේරුම් ගැනීම පහසු දෙයක් මෙන්ම සතුට දනවන කරුණක් ද වේ.