කුසට බරක් වෙන්න එපා

කුසට බරක් වෙන්න එපා

ආහාර ගැනීමට නිත්‍ය රටාවකට හුරුවන්න. ඒ සඳහා සුදුසු නියමිත වේලාවක්, තැනක් තිබීම ඉතා වැදගත්ය.

දිනපතාම ඇවිදීම, බයිසිකලේ පැදීම, පිහිනීම වැනි කය වෙහෙසවන ව්‍යායාම්වල යෙදෙන්න.

මුව තුළට දැමූ ආහාර පිඬු හොඳින් සපන්න. එයට ඔබේ ආහාර හොඳින් ජීර්ණය වීමට මෙන්ම ආහාර ගන්නා ප්‍රමාණය ද යම් දුරකට සීමාවනු ඇත.

එතරම් කය නොවෙහෙසන අලස දිවියක් ගෙවන ඔබ නිතර පවසන්නේ "මට කෑම දිරවන්නේ නැහැ. නිතරම අජීර්ණතා බඩපිපුම තත්ත්වයන් මතුවෙනවා" ආදී වශයෙනි. එහෙම නම් කුසට බර නොවැටෙන ලෙසට ඔබ ආහාර තෝරාගත යුතුමය.

ඔබට සුදුසුම ආහාර

පලතුරු, පලා, එළවළු ආදී තන්තු බහුල ආහාර මෙහිදී නිවුඩ්ඩ ඉවත් නොකළ (නොපාහින ලද) ධාන්‍ය සහ පියලි ඇට ද සුදුසුය.

විවිධ වර්ණයන්ගෙන් යුත් පලතුරු සහ එළවළු ගැනීමට යොමුවන්න. මෙය පලතුරු සහ එළවළු ආහාරයට පි‍්‍රයතාවයක් එක් කරනවා පමණක් නොව විවිධ පෝෂක (විටමින්, ඛනිජ, ප්‍රකාශ් - පෝෂක සහ ප්‍රති ඔක්සිකාරක ද සැපයීමටද සමත්ය.

යෝගට් වැනි ප්‍රෝ - බයෝටික අඩංගු ආහාර ගෙන, ආහාර මාර්ගය සෞඛ්‍යමත් කිරීම

ජලය වැඩිපුර පානය කිරීම

ඔබ විසින් අවම කළ යුතු ආහාරද කිහිපයකි. ඒවා කිහිපයක් මෙසේය.

පහසුවෙන් ආහාරයට ගැනීම සඳහා පෙර සකස් කර ඇසුරුම්ගත ආහාර (සොසේජස්, මීට් බෝල්ස් ආදී)

මේද බහුල / තෙම්පරාදු කළ/ තෙල් දැමූ) මෙන්ම අධික ලෙස සීනි අඩංගු ආහාර සහ පාන වර්ග.

පාන් පිටි යොදා සකස් කළ බේකරි නිෂ්පාදන

අධික ලෙස තුනපහ හා වෙනත් සැර ද්‍රව්‍ය (විනාකිරි ආදී) ආහාරයට එක් කරන ද්‍රව්‍ය අඩංගු ආහාර

රසකාරක, වර්ණකාරක, කල් තබා ගැනීම සඳහා යොදන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර.

මේ සියල්ලටම අමතරව ආහාර ගැනීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගද කිහිපයකි.

හැකි හැමවිටම අළුත් ආහාර තෝරාගන්න.

අමුවෙන් ලබාගන්නා සියළු ආහාර (එළවළු හා පලතුරු ඇතුළුව) ආහාරයට ගැනීමට පෙර හා ආහාරයට සකස් කිරීමට පෙර හොඳින් සෝදා පිරිසිදු කරගන්න.

මාළු හා මස් වර්ග හොඳින් පිසගන්න.

ආහාර ගැනීමට නිත්‍ය රටාවකට හුරුවන්න. ඒ සඳහා සුදුසු නියමිත වේලාවක්, තැනක් තිබීම ඉතා වැදගත්ය.

දිනපතාම ඇවිදීම, බයිසිකලේ පැදීම, පිහිනීම වැනි කය වෙහෙසවන ව්‍යායාම්වල යෙදෙන්න.

ඉක්මනින් ආහාර “ගිලීමට” නොගොස් සෙමෙන් ආහාර ගන්න. තනිව ආහාර ගැනීමට වඩා පවුලේ අනෙක් අය හෝ මිතුරු, මිතුරියන් සමඟ සුහදව ආහාර ගන්න.

මුව තුළට දැමූ ආහාර පිඬු හොඳින් සපන්න. එයට ඔබේ ආහාර හොඳින් ජීර්ණය වීමට මෙන්ම ආහාර ගන්නා ප්‍රමාණය ද යම් දුරකට සීමාවනු ඇත.

විශාල ආහාර වේල් තුනක් ගැනීම වෙනුවට දවසට ආහාරවේල් 4 -5 ක් ගැනීම සුදුසුය. එය අධික ලෙස ආහාර ගැනීමෙන් ඇතිවන ආබාධ අඩු කිරිමට මෙන්ම මනා පෝෂණයක් ලබා දීමට ද සමත් වනු නිසැකය.

ආහාරයට මිශ්‍ර කරන තෙල් ප්‍රමාණය මෙන්ම ලුණු හා සිනි ප්‍රමාණය ද අඩු කරන්න. අද අප දකින බොහෝ රෝගාබාධවලට හේතුව තෙල්, ලුණු හා සීනි වැඩිපුර ආහාරයට ගැනීම බව හෙලිවී ඇත.

ආහාර ගත් සැනින් නිදා ගැනීමට නොයන්න. විවේකීව සිටින්න. පොතක් කියවීම, රූපවාහිනිය නැරඹීම හෝ ගුවන්විදුලියට සවන්දීම වැනි දෙයක ටික වේලාවක් යෙදෙන්න.