අවධානයෙන් ඉන්න! මේ දිනවල ඩෙංගු මෙන්ම වෙනත් වෛරස් උණ රෝග පැතිරීමේ අවදානමක් තිබෙනවා

අවධානයෙන් ඉන්න! මේ දිනවල ඩෙංගු මෙන්ම වෙනත් වෛරස් උණ රෝග පැතිරීමේ අවදානමක් තිබෙනවා

කායික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

උපුල් දිසානායක

මේ දවස්වල ඕනෑම කෙනෙකුට උණ ඇති වුණාම, එයාට තියෙන්නේ ඩෙංගු කියලා හිතන්න බොහෝ අය පුරුදු වෙලා. අද ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයට පත්වෙලා. රෝහල්වල අතුරු සිදුරු නැතිව ඩෙංගු රෝගීන් පිරෙනකොට එහෙම හිතෙන එකත් එක්තරා දුරකට සාධාරණයි. ඒත් උණ කියන්නේ ඩෙංගුම ද? ඩෙංගු හැරුණාම උණ ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නට පුළුවන් වෙනත් රෝග තිබෙන්නට බැරි ද? උණ, ඩෙංගු, වෛරස්, මදුරුවන්, මරණය මේ වගේ වචන උණ හැදුණු කෙනෙක්ගේ හිස වටේ කරකැවෙන කොට තියෙන උණ තවත් වැඩි වෙනවා මිස අඩුවක් නම් වෙන එකක් නැහැ. ඒ නිසා වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු වලට අනුව මේ ප්‍රශ්නවලට පිළිතුරක් මෙම ලිපිය යටතේ සොයා බලන්නයි මේ සූදානම.

රෝගයක්ද? රෝග ලක්ෂණයක්ද?

උණ යනු රෝග ලක්ෂණයක්. බොහෝදුරට ශරීරයට බාහිරින් ඇතුළු වූ උණ යම් විසබීජයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශි‍්‍රත ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යාමක් සිදුවිය හැකියි. සාමාන්‍ය මිනිස් සිරුරක උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 37 ක් වන අතර එය ෆැරන්හයිට් අංශක 98.7 කි. නමුත් සාමාන්‍යයෙන් විවිධ හේතු යටතේ මෙහි සුළු වෙනස්කම්. (දශමයක, දෙකක) සිදුවිය හැකි අතර එය රෝගීතත්වයක් නොවන සාමාන්‍ය තත්ත්වයක් වශයෙන් හැඳින්විය හැකියි. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ සාමාන්‍ය අගයන් යම් සැලකිය යුතු මට්ටමක වෙනසක් දක්වනවා නම් එය උණ තත්ත්වයක් වශයෙන් හඳුනාගත හැකියි.

මෙම උණ මද උණ, හෝ තද උණ තත්ත්වයන් යටතේ ද සාකච්ඡාවට ලක් වේ. පිළිකා, ක්ෂය රෝගය වැනි අවස්ථාවල මද උණ රෝග ලක්ෂණයක් වන අතර වෛරස් ශරීරගත වූ රෝග තත්ත්ව වලදී බොහෝවිට තද උණ තත්ත්වයක් පෙන්නුම් කළ හැකියි. එසේ වුවත් යම් පුද්ගලයෙකුට ඇති වී තිබෙන උණ තත්ත්වයේ අඩු වැඩි ප්‍රමාණ මත අදාළ රෝග තත්ත්වය කෙතරම් බරපතලද යන්න ස්ථීරව පැවසීමට අපහසුය.

උණ ඇති වීමට බලපාන හේතු?

උණ ඇතිවීම සඳහා බලපාන හේතු ගණනාවකි. සාමාන්‍යයෙන් උණ තත්ත්වයක් ඇති වීමට මුල්ම හේතුව බවට පත් වන්නේ ශරීරයට පිටතින් විසබීජ ඇතුල්වීමයි. මේ විසබීජ අතරින් වැඩි ප්‍රමාණයක් වෛරස් වන අතර කලාතුරකින් බැක්ටීරියා නිසාද උණ ඇතිවනු ලැබේ. තවද “ප්‍රොටොසෝවා”වැනි දිලීර ද උණ ඇති කිරීමට හේතුවිය හැකි නමුත් ඒවා ඉතාමත් කලාතුරකින් දැකගත හැකි තත්ත්වයන්ය. ඒ වගේම ඛ්ධදදඥජබඪමඥ බඪඵඵභඥ ඤඪඵධපඤඥපඵ මෙන්ම පිළිකා තත්ත්ව වලදීත් උණ රෝග ලක්ෂණයක් වශයෙන් දැකගත හැකියි.

වෛරසයන් උණ ඇති වීමට ප්‍රබල හේතුවක් ද?

පෙර පැහැදිලි කළ පරිදි බැක්ටීරියා, දිලීර වෛරස් ආදී ඕනෑම ආකාරයේ විසබීජයක් නිසා උණ ඇතිවිය හැකි වුණත් වෛරස් මඟින් ඇතිවන උණ වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීම සිදුවිය හැකියි. ඒ අනුව වෛරස් යනු උණ ඇති වීමට හේතුවන ප්‍රබලම සහ වර්තමානයේදි සුලබව දැකගත හැකි සාධකයක්. උදාහරණ ලෙස එක් පවුලක කිහිපදෙනෙකුට උණ පවතිනවා නම් එසේත් නැතිනම් එක් පන්ති කාමරයක් තුල බොහෝ දෙනෙකුට උණ තිබෙනවා නම් ඊට හේතුව වෛරසයක් විය හැකියි.

වෛරස් නිසා ඇතිවන උණට ප්‍රතිවෛරස් ඖෂධ තිබෙනවාද?

සාමාන්‍යයෙන් වෛරස් ආශි‍්‍රත රෝග තත්ත්වයක් ඇති වුණු විට ඊට ලබාදෙන ප්‍රතිවෛරස් ඖෂධ පවතින්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. පැපොල, ඩ්ධ්ඍ වැනි වෛරස් සඳහා ඒවාට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිවෛරස් ඖෂධ වර්ග පැවතිය ද ඩෙංගු වැනි වෛරස් නිසා ඇතිවන උණ රෝග සඳහා එවැනි ඖෂධ වර්ග නොමැත. නමුත් එවන් අවස්ථාවකදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් අදාළ වෛරසය මර්ධනය කරන තුරු ශරීරයට ඇතිවන අපහසුතාව අවම කිරීම සඳහා නම් ඖෂධ නොමැති වුවත් කාලයත් සමඟ ඒවා බොහෝමයක් සුවපත් වන නිසා වඩා වැදගත් වන්නේ ඖෂධ ලබා ගැනීම නොව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව පවත්වා ගැනීමයි.

හිතුමතේට ප්‍රතිජීවක ඖෂධ ලබා ගතහොත් මොකද වෙන්නේ?

බොහෝදෙනා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යා, උගුරේ අපහසුතා ඇතිවන අවස්ථාවල ඊට පිළියම් වශයෙන් හිතුමතේට ඇන්ටිබයොටික්ස් එසේත් නොමැති නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගනු ලැබේ. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ඉහත කුමන රෝග ලක්ෂණයක් හෝ ආශ්‍රය කරගත් රෝගයට හේතුව වෛරසයක් නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම හරහා ඊට පිළියමක් යෙදීම අර්ථයක් රහිත ක්‍රියාවකි. ඒ වගේම එම ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ලබා ගැනීම නිසා ඇතිම්විට අතුරු ආබාධ ද එම රෝගීන්ට ඇතිවිය හැකියි. ඒ නිසා මෙවැනි දේ සිදු කිරීම මඟින් තමාගේ මුදල් අපතේ යවා ගැනීමක් වගේම තම ජීවිතය පවා අවදානමකට යොමු කරගනු ලැබේ. නමුත් මෙවැනි වෛරස් ආසාදනයක් මත උණ ඇති වී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සිදු කළ යුත්තේ අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත උණ අඩු කර ගැනීම සඳහා ඖෂධ ලබා ගැනීම බව අවධාරණය කළ යුතුයි.

“අනේ ඩොක්ටර්, බේත් වේල් දෙකක් දැන් දුන්නා. ඒත් තාම උණ බහින්නේ නෑනේ.”

බොහෝදුරට වෛරස් හේතුවෙන් හට ගන්නා උණ තත්ත්වයන් ඉක්මනින් අඩු කිරීමට අපහසුය. ඊට හේතුව අදාළ වෛරසයට ප්‍රති වෛරස් ඖෂධ නොමැති නිසා එය ශරීරය විසින් ප්‍රතිශක්තිකරණය භාවිතා කර මර්ධනය කිරීමට උත්සාහ කරනු ලැබීමය. ඒ වනතුරු කෘත්‍රිම ලෙස උණ අඩු කිරීමට ඖෂධ ලබාදීම පමණක් සිදු කරනු ලැබේ.

මෙසේ උණ අඩු කිරීම සඳහා ලබා දෙන ඖෂධ අතර පැරසිටමෝල් භාවිතා වන නමුත් තද උණ පාලනය කිරීමට තරම් එම ඖෂධය ප්‍රමාණවත් නොවේ. ඒ අනුව තද උණ පාලනය සඳහා NSAID වර්ගයේ ඖෂධ ලබාදිය යුතු අතර එම ඖෂධ වර්ග සඳහා උදාහරණ වශයෙන් Brufen, Diclofenac sodium, Mefenamic acid ආදිය පිළිබඳ හැඳින්විය හැකියි.

උණ අඩු කිරීමට ඖෂධ දුන් පමණින් රෝග හේතුව වන වෛරස ශරීරයෙන් ඉවත් වෙන්නේ නැතිද?

පෙර පැහැදිලි කළ කුමන ආකාරයේ ඖෂධයක් ලබා දුන්න ද උණ සඳහා හේතුවන ශරීරයට ඇතුළු වී ඇති වෛරසය මර්ධනය කිරීමක් ඉන් සිදු නොවේ. ඉන් සිදුවන එකම කර්තව්‍යය රෝගියාගේ ශාරීරික අපහසුතාව මඟහැරීම පමණයි.

වෛරස් මුල් කරගත් ඩෙංගු තත්ත්වය නිසා ඖෂධ භාවිතා කර උණ අඩු කිරීමේ අවදානමක් තිබෙනවාද?

වර්තමානය වනවිට අධි වසංගත තත්ත්වයට පත්ව ඇති ඩෙංගු රෝගයේත් මූලිකවම දැකගත හැකි රෝග ලක්ෂණය උණ තත්ත්වයයි. මේ නිසා පෙර සඳහන් කළ ව්ඉඒධ්ච් කාණ්ඩයේ ඖෂධ භාවිතා කිරීම තරමක් භයානක ප්‍රතිඵල ඇති කරවිය හැකි නිසයි. ඊට හේතුව අදාළ පුද්ගලයාට ඇති වී තිබෙන උණ, ඩෙංගු උණ නම් මෙම ඖෂධ හරහා උණ යටපත් කිරීම මත ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වුවොත් රෝගියාගේ ජීවිතයට පවා මරණීය අවදානමක් ඇතිවිය හැකියි. ඒ නිසා ව්ඉඒධ්ච් වර්ගයේ ඖෂධ යම් රෝගියෙකුට ලබාදිය යුත්තේ අදාළ උණට හේතුව ඩෙංගු නොවන තත්ත්වයක් බව 100% ක් සැකහැර දැන ගැනීමෙන් අනතුරුවයි. බොහෝ උණ තත්ත්ව වල පවතින තවත් විශේෂත්වයක් වන්නේ එය ඩෙංගු බව තහවුරු කර ගන්නවාට වඩා ඩෙංගු නොවන බව තහවුරු කර ගැනීම අපහසු වීමයි.

උණ නිසා රෝගියාට ගැටලු ඇති වේ දැයි ඇතැම් අය බියයි.

මේ ගැටලුව බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ගෙන් විමසන අතර යම් පුද්ගලයෙකුට තදබල ලෙස උණ පවතිනවා නම් ඉන් රෝගියාට ගැටලුවක් ඇති වන්නේ නැහැ. නමුත් ගැටලුවක් ඇතිවනවා නම් එය ඇතිවන්නේ අදාළ උණ තත්ත්වයට මූලික වන රෝග හේතුවයි. උදාහරණ ලෙස නියුමෝනියා රෝගියෙකුට මාරාතික තත්ත්වයක් ඇති වන්නේ උණ නිසා නෙවෙයි නියුමෝනියාව නිසයි.

විවිධ වෛරස් වර්ග නිසා ඇතිවන රෝග ලක්ෂණ විවිධාකරද?

එක් එක් වෛරස් වර්ගවලට ආවේනික එක් එක් රෝග ලක්ෂණ තිබේ. උදාහරණ ලෙස සෙම්ප්‍රතිශ්‍යා සඳහා හේතුවන වෛරසය නිසා කැස්ස, සොටු දියර ගැලීම, උණ තත්ත්ව ඩයරියා තත්ත්ව සඳහා හේතුවන වෛරස් නිසා බඩඑළිය යාම,වමනය ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. නමුත් සමහර වෛරස් වර්ග මේ සෑම රෝග ලක්ෂණයක්ම පෙන්නුම් කරන අවස්ථා ද තිබෙනවා. උදාහරණ ලෙස ඩෙංගු රෝගයේදී සෙම්ප්‍රතිශ්‍යා, ඩයරියා තත්ත්ව වලදි දැකගත හැකි රෝග ලක්ෂණ පොදුවේ දැකගත හැකියි. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාවකදී හෝ වෙනත් වෛරස් රෝගයක් මූලික කරගත් ලක්ෂණ පිටතට දැකගත හැකි වූ පමණින් අදාළ රෝගය පිළිබඳ ස්ථීරව නිගමනය කිරීම අපහසුයි.

උණ තිබෙනවා නම් ශරීරය වෙහෙසන්න හොඳද?

යම් අයෙකුට උණ තත්ත්වයක් තිබෙනවා නම් ඊට නිසි හේතුව සොයා ප්‍රතිකාර කර සුවපත් වනතුරු ශරීරය වෙහෙසවීම පමනක් නොවෙයි රැකියාවට යාම, පාසැල් යාම පවා තාවකාලිකව නවතා දැමිය යුතුයි. ඊට හේතු දෙකක් පිළිබඳ හඳුන්වා දිය හැකියි. ඉන් පළමුවැන්න වෛරස් ඉතා වේගයෙන් පැතිරෙන නිසා රෝගී නොවන අනෙකුත් බාහිර පිරිස්වලට ද රෝගය පැතිරීමේ අවදානමක් තිබේ. අදාළ රෝගයට හේතු වූ වෛරසය කුමක් වුවත් එක්කෝ ස්වසන මාර්ගයෙන් නැතිනම් ඩෙංගු වෛරසය නම් ඩෙංගු මදුරුවන් හරහා ද බෝ වීමේ අවදානමක් තිබේ.

දෙවැනුව උණ තිබෙන විට මහන්සි වී වැඩ කළහොත් අදාළ රෝගයට හේතුව ඩෙංගු නම් විශේෂයෙන් රෝගය රක්තපාත තත්ත්වයක් දක්වා පත්වී තිබුණෙත් මරණීය අවදානමකට පවා අදාළ පුද්ගලයාට මුහුණ දීමට සිදුවිය හැකියි.

උණ තිබෙන බව හඳුනා ගන්නේ නම්, මුලින්ම මොකද කරන්නේ?

පැය 24 කට වඩා වැඩි කාලයක් උණ යම් අයෙකුට පවතිනවා නම් ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ලබා ගැනීම, රෝගී තත්ත්වය ගණන් නොගෙන සිටීම ආදී දේ සිදු නොකර නොපමාව රජයේ රෝහලකට ගොස් අදාළ පරීක්ෂණ, ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. විශේෂයෙන් ඩෙංගු වැනි වෛරස් රෝග අධි වසංගත තත්ත්වයක්ී පවතින මෙවැනි වටපිටාවක මේ පිළිබඳ පවතින අවධානය අධි අවදානයක් බවට පත්කර ගැනීමට ඔබගේ වගකීමක්.