දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත වෙනුවට පෙත්තක්

දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත වෙනුවට පෙත්තක්

ලොවපුරා දියවැඩියා රෝගයෙන් දුක් විඳින ජනගහනය මිලියන 422ක් වන බව 2014 දී සිදු කළ පර්යේෂණයක දත්තවලින් හෙළි වි තිබේ. 2017 වනවිට බොහෝවිට එය දෙගුණ තෙගුණ වනු ඇතැයිද සිතිය හැකිය. දියවැඩියා පළමු කාණ්ඩයට (Type 01)අයත් වන රෝගීන් මෙන්ම දෙවැනි කාණ්ඩයට (Type 02) අයත් සමහර රෝගීන් ද අනිවාර්යෙන්ම ඉන්සියුලින් හෝර්මෝනය ශරීරගත කිරීම අවශ්‍ය වේ. එය එන්නතක් මාර්ගයෙන් ශරීරගත කිරීම සිදු කරනු ලබන අතර එය දිනපතා සිදු කිරීම අතිශයින් වේදනාකාරී ක්‍රියාවක් වන්නේය.

එම වේදනාව නොමැතිව ඉන්සියුලින් පෙත්තක් හෝ කරලක් මඟින් ශරීරගත කළ හැකි නම් කෙතරම් සුවදායක දැයි සිතන දියවැඩියා රෝගීන් ලොව පුරා අනන්තවත් සිටිය හැකිය.

එවැනි රෝගීන්ට සුබදායක පුවතක් ඖෂධ

පිළිබඳ අධ්‍යාපනය හා පරීක්ෂණ සඳහා ඉන්දියාවේ පවතින ජාතික ආයතනය මඟින් හෙළිකොට ඇත.

ඒ ඉන්සියුලින් හෝමෝනය සහිත පෙත්තක් නිෂ්පාදනය කිරීමට මූලික වීමයි. එමඟින් එන්නත මඟින් ඇතිවන වේදනාව තුරන්කර ගැනීමට දියවැඩියා රෝගීන්ට හැකිවනු ඇත.

මීයන් ඇසුරෙන් සිදු කරනු ලැබූ පර්යේෂණවලට අනුව මෙම පෙත්ත මඟින් රුධිරයේ පවතින ග්ලූකෝස් ප්‍රමාණය එන්නත මඟින් සිදු කරනු ලබන අඩු කිරීමට සමාන වන බව දැක්වේ.

පන්ජාබයේ පවතින මෙම පර්යේෂණාගාරයේ අශිෂ් කුමාර් අග්රවාල්, හර්ෂාද් හර්ඩේ, කෞෂික් තන්කි සහ සන්යෝග් ජයින් යන විද්්‍යාඥයින් ඉන්සියුලින් ලිපිඩ (ජලයේ දිය නොවන මේද අම්ල) හෝ ලිපෝසෝම් යනුවෙන් හඳුන්වන මේදවලින් නිමවන ලද කෝෂ තුළට දමා පොලිඉලෙක්ටෙ‍්‍රීලයිට් යනුවෙන් හඳුන්වන ආරක්ෂිත අණු වලින් ආරක්ෂිත ආවරණයට ඔතන ලදී. එම ආරක්ෂිත වැස්ම නිසා කෝෂයේ පවතින ඉන්සියුලින් ආහාර ජීර්ණ ක්‍රියාවලියට හසු නොවී රුධිරයට ඇතුළු වේ.

මෙම නව නිපැයුම පිළිබඳ විස්තරයක් වොෂිටනයේ “බයෝමැක්‍රොමොලිකියුල්ස්” (Biomacromolacules) නැමැති සඟරාවේ පළ කරන ලදී.


 ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් DNA වලට හානි

දුමිබීමෙන් හෘදයාබාධ, පිළිකා ආදී ව්‍යසන රැසකට මුහුණ දීමට සිදුවීම නිසා දුම්බීම සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට වෛද්‍යවරුන් විසින් උපදෙස් දෙනු ලබන නමුත් එම පුරුද්ද නවතා ගැනීමට අපහසු අයගේ සුව පහසුව සඳහා දැන් නව ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවක් වෙළෙඳපොළට නිකුත් කොට ඇත. එම නව නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් එහි නිෂ්පාදකයින්ගේ බලාපොරොත්තුව දුම්බීමේ පුරුද්ද අත්හැරීමට අපහසු වී ඇති “අයට සිදුවන හානිය අවම කිරීම” යැයි ඇතැම් විට සිතෙනු ඇත. එහෙත් ඇමරිකාවේ කොනෙක්ටිකට් විශ්වවිද්‍යාලය මඟින් මෑතකදී පවත්වනු ලැබූ පර්යේෂණයකට අනුව මෙම ඉලෙක්ට්‍රෝනික සිගරැට්ටුවට ඇතුළත් කොට ඇති නිකොටින් පදනම සහිත ද්‍රව්‍ය නිසා මිනිසාට සිදුවන හානිය ෆිල්ටර් නොමැති සිගරට්ටුවක් පානය කිරීමෙන් ච්ව්ඒ වලට සිදුවන හානියට සමාන වන්නේය.

එසේම නිකොටින් නොමැතිව නිපදවන ලද ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් ද ෆිල්ටරය සහිත සිගරට්ටුවෙන් ච්ව්ඒ වලට සිදුවන හානියට සමාන තත්ත්වයක් පවතින බව පර්යේෂකයින් හෙළි කර ඇත. එයට හේතුව බොහෝවිට එම සිගරට්ටුව ඇතුළත් කොට ඇති පුරුදු ඇති කරවන අන්දමේ රසායන වර්ග වලින් නැගෙන වාෂ්පය විය හැක. එසේම ච්ව්ඒ වලට, සිදුවන හානිය නිසා ඇතිවන සෛල විකෘතියේ ප්‍රතිඵලය පිළිකා වැළඳීම විය හැකිය.

මෙම පර්යේෂණය මූලිකව කටයුතු කරන කාර්තික් කාඩිමිසෙට්ටි පවසන අන්දමට මෙම ඉලෙක්ට්‍රොනික සිගරට්ටුව නිසා සිදුවන ඩිඑන්ඒ හානිය කෙතරම් ද යන්න එය පාවිච්චි කරන තැනැත්තා සිරුර තුළට ඇදගනු ලබන වාෂ්ප ප්‍රමාණය අනුව මැන බැලීම කළ හැකිය. එසේම මෙම පර්යේෂණයෙන් සොයා ගනු ලැබූ කරුණු අනුව ෆිල්ටරය නොමැති සිගරට් පානය කිරීමෙන් ච්ව්ඒ වලට සිදුවන හානියට සමාන තත්ත්වයක් ඉලෙක්ටෙ‍්‍රානික සිගරට්ටුවෙන් ද සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

බැටරියක මාර්ගයෙන් ඉලෙක්ට්‍රොනික සිගරට්ටුව තුළ පවතින ද්‍රව්‍ය රත් කිරීමෙන් පසු නැගෙන වාෂ්පය පානය කරනු ලබන අතර ඒ තුළ පවතින ද්‍රවයට ප්‍රොපලීන් ග්ලයිකෝල්, ග්ලසරීන්, නිකොටින් අඩංගු වන අතර රසකාරක ලෙස මෙන්තෝල්, චෙරි, වැනිලා හා මින්ට් ඇතුළත් කොට ඇත. නිකටින් නොමැති ඉලෙක්ට්‍රොනික සිගරට්ටු ද වෙළෙඳපොලේ දක්නට ඇත.

මේ අනුව සිගරට් භාවිතයෙන් සිදුවන හානිය ඉලෙක්ට්‍රොනික සිගරට්ටුවෙන් සිදු නොවන බව වෙළෙඳපොලේ පවතින මතය මිත්‍යාවක් බව විශ්වවිද්‍යාල පර්යේෂකයින් අවධාරණය කරයි.