සෙම කුපිත වෙලා හිසරදය දරාගන්න බැහැ

සෙම කුපිත වෙලා හිසරදය දරාගන්න බැහැ

පෑලියගොඩ රන්පත වෙද මැදුර

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම අසල

ආයුර්වේද වෛද්‍ය

රන්පත රුවන් රත්නායක

මොකක්ද මේ හැමෝටම වද දෙන හිසරදය?

හිසරදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්ථාවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රිය දෝෂයක් ඇති වුවත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්ථාවේදී හිසට දැනෙන අපහසුකම හඳුනා ගන්නේ වේදනාවක් ලෙසයි. එය සාමාන්‍ය ව්‍යවාරයේදී හිසරදය කියලයි හඳුන්වන්නේ.

සෙම තත්ත්වය මගහැරීමට සෙම ඉවත් කිරීම හා සෙම වියළීමට ප්‍රතිකාර කිරිමේදී නැවතත් උෂ්ණාධික බව ප්‍රමුඛ වීමෙන් මොළය ආශි‍්‍රතව පවතින සියුම් ස්නායු සෛල විනාශ විය හැකිය. නමුත් මොළය ආශි‍්‍රත කලාපය සිසිලනය කිරීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩු කිරීම මෙහිදී අප සිදුකරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක්. ඊට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනිකුත් අහිතකර තත්ත්වයන් සොයා බලා ඊට අවස්ථානුකූල නිසි පිළියම් යෙදිය යුතුයි.

බොහෝ දෙනෙක් සිතන්නේ හිසරදය නිට්ටාවටම සුවකළ නොහැකි වරින් වර මතුවන, ඒ වෙලාවට වේදනා නාශකයකින් යටපත් කළ යුතු රෝගයක් ලෙසයි.

ඇත්තටම අප කරා එන රෝගීන්ගෙන් වැඩි පිරිසක් පවසන කරුණක් වන්නේ බොහෝ රෝගීන් හිස කැක්කුමට ප්‍රතිකාර ලබාගත්තත් නිසි ලෙස සුව නොවු බවයි. මෙයට හේතුව ඔවුන්ගේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී නිසි ලෙස රෝගය පිළිබඳ සොයා බලා රෝග නිධානයන්ට ප්‍රතිකාර නොයෙදීමයි. ඇත්තටම වෛද්‍යවරයා සතු නිවැරදි රෝග පරීක්ෂාව, එමගින් රෝග නිශ්චය කිරීමේ හැකියාව සහ එම හඳුනාගත් තත්ත්වයට අවස්ථානුකූලව නිසි ප්‍රතිකාර කිරීම යන කරුණු අනුව මෙම රෝගීන් නිට්ටාවටම සුවකර ගත හැකියි. නමුත් තාවකාලිකව වේදනා නාශකවලට යොමුවීම වෙනත් අනතුරු ආබාධ සහිත පසුකාලීනව බරපතළ ගැටලු ඇති කරන තත්ත්වයක් විය හැකියි.

ආයුර්වේද ප්‍රතිකාරයන්ට බොහෝ අය මැළිවන්නේ කෂාය වර්ගවලට බෙහෙත් බඩු සෙවීම, කෂාය තැම්බීම වැනි ක්‍රියාවන් සිදුකළ යුතු නිසයි.

එයට විසඳුමක් ලෙසයි. මම පුර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ රෝගීන්ට ලබාදෙන්නේ. ඒවා වර්තමාන කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන ලෙසට කාර්යාලයේදී, වැඩබිමකදී, මගතොට්දී වුවත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධයි. එම නිසා පහසු ඖෂධ භාවිතය වැඩිදෙනකු අතර අතිශයින් ජනපි‍්‍රය වෙලා තියෙන බව කාටත් වටින පණිවිඩයක් වේවි.

විශේෂයෙන්ම වර්තමානයේ ප්‍රතිකාර පතා එන වැඩිදෙනකුගේ හිසේ කැක්කුම් තත්ත්වයන්ට හේතුව සෙම කුපිත වීමයි. මේ අයුරින් හිස ආශි‍්‍රත කලාපයේ සෙම් බහුල වන්නේ කුමක් නිසාදැයි සොයා බැලිය යුතුයි. ඊට හේතුව බොහෝදෙනෙකු නොසිතන කරුණක්. සෙම් බහුල යැයි කීවද එවැනි අයගේ ශරීර උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම ඇති කළද මොළය ආශි‍්‍රතව පවතින්නේ අති සියුම් ස්නායු සෛල වන බැවින් ඒවා මෙම උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි. මෙම තත්ත්වය වළක්වා ගන්නට ශරීරය විසින් ශිර්ෂ කලාපයට (හිස පෙදෙසට) සෙම ගෙන්වා ස්වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙලක් (Auto cooling System) ඇති කරයි.

සියලු ගැටලු මතුවන්නේ ඉන් අනතුරුවයි. මෙසේ වැඩි වැඩියෙන් හිස් කබල තුළ එක්රැස් වෙන සෙම නාස් කුහරයෙන් බාහිර වාතය සමඟ එකතුවන ක්ෂුද්‍ර ජිවීන්ගේ බලපෑමෙන් නරක් වීම (සෙම් කුපිත වීම / සෙම් පැසවීම) ට ලක් වෙනවා. එසේ දූෂණය වන සෙම නිසා හිසේ බරගතිය ඇතිවන අතර එම නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත්වන තුරු හිසේ රෝගාබාධා ඇති කරනු ලබනවා.

විශේෂයෙන් හිසේ රෝග අතරින් පීඩාකාරී බවින් වැඩිම අවස්ථාව ඉරුවාරදයයි. මෙම තත්ත්වය වැලඳුණු විට මෙහි ඇති පීඩාකාරී බව නිසා රෝගීන්ගේ සියලු දෛනික කටයුතු පවා අඩපණ වෙනවා.

මේ හැරුණු විට මලබද්ධය, ගැස්ට්‍රයිටීස් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියෛ් දුර්වලතා ද ප්‍රමුඛ වෙනවා. ඊට අමතරව දියවැඩියාව, අර්ශස්, පීනස, රක්තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයෑම, බඩ පුරවා දැමිම, මුත්‍රා රෝග, වකුගඩු ආශි‍්‍රත දුර්වලතා, පිත්තාශයේ ගල් වරින් වර මතු වී නැති වී යන සෙම් රෝග, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග සහ ආර්තව දෝෂ වැනි හේතූන් ද, ඇතැම් ඖෂධයන් දීර්ඝකාලීනව භාවිතය ද, හිසරදය ඇති වීමට විවිධ අයුරින් බලපානවා. ඊට අමතරව විවිධ මානසික පීඩනයන් නිසාද හිසරදය ඇතිවෙනවා.