හා... හා... බලාගෙනයි ඇතැම් ශාක විෂ වන්නට පුළුවන්

හා... හා... බලාගෙනයි ඇතැම් ශාක විෂ වන්නට පුළුවන්

අත්තන

“ඩැටියුරා ස්ට්‍රැමෝනියම්” යන විද්‍යාත්මක නාමය සහිත වාර්ෂික වල් පැළැටියකි. දම් පැහැ පියකරු මලක් ද සහිතය.

අත්තන පත්‍ර මල් සහ ගෙඩිවල බෙලඩෝනා වර්ගයේ ඇල්කලොයිඩ විෂ අඩංගුය. ඇට්‍රොපීස් සහ ස්කොපලමීස් ඇතුළු විෂ වර්ග 28 ක් පමණ අත්තන තුළ අඩංගුය. අත්තන විෂ ප්‍රධාන වශයෙන්ම මධ්‍ය ස්නායු පද්ධතියට බලපායි. රෝගියා සිහි විකල් වූ හා අන්දමන්ද ස්වභාවයකින් කටයුතු කළ හැකිය. සියදිවි නසා ගැනීමට සිතාමතා හෝ අත්වැරදීමකින් අත්තන ශරීර ගත විය හැකිය. සිහි බුද්ධියෙන් තොරව කටයුතු කරන අය දෙස බලා අත්තන ඇට කලා වගෙයි” යයි කියන්නේ එබැවිනි.

දියකදුරු

ක්‍රිකට් ගැසීමට පන්දුවක් ගැනීමට මුදල් නොමැති කල අපට පිහිට වූයේ දියකදුරු ගෙඩියයි. අදත් වෙසක් උත්සවයට, කඨිනයට සහ වෙනත් පිංකම්වලදී මල්වැල් එතූ ඉරටු ගසන්නේ කදුරු ගෙඩි මතය. එහෙත් එය විෂ සහිත ශාකයකි. ශ්‍රී ලංකාවේ බොහෝ තෙත් බිමම්වල, විශේෂයෙන් කෙත් වතු හා වෙරළ ආසන්නව වැවෙන දියකදුරුවල විද්‍යාත්මක නාමය “සර්බෙරා මැන්ගහැස්” ය. දියකදුරු ගෙඩියේ මදය තුළ ග්ලයිකොසයිට ගණයට අයත් විෂ වර්ග තුනක් අඩංගුය. ඒවා නම් සර්බෙරිෆ්, බඩලම් සහ තිවෙටීන්ය. මෙම විෂවර්ග ප්‍රධාන වශයෙන්ම හෘදයට හානිකරය. එහෙයින් එය මාරාන්තික විෂ ද්‍රව්‍යයක් ලෙස හැඳින්විය හැකිය. විෂවීමේ මුල් අතර මුව හිරිවැටීම, පිළිස්සෙන බවක් දැනීම, ඔක්කාරය, වමනය, බඩරිදීම සහ පාචනය ඇති වෙයි.

ගොඩකදුරු

 

අයාලේ යන බල්ලන් මරා දැමීම සඳහා ස්ට්‍රිමිනීන් නම් ඖෂධයක් බල්ලන්ට එන්නත් කරන බව ඔබ අසා ඇති. මෙම ඖෂධය ලබා ගන්නේ “ස්ට්‍රිචිනස් නක්ස්වොමිකා” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොඩකදුරු ගසේ ඇටවලිනි. ගොඩකදුරු විෂ ස්නායු පද්ධතියට හා මොළයට බලපායි. විෂ ශරීරගතව මිනිත්තු 15 -60 ක් අතර දී බිය සැක සහිත බව, මස්පිඬු ඇඹරීම, කෙණ්ඩ පෙරළීම වැනි ලක්ෂණ සතු වෙයි. වලිප්පුව , ඇස් ඉදිරියට නෙරීම, ඇසේ බබා ලොකු වීම වැනි ලක්ෂණවල සිට විවිධ බරපතළ තත්ත්වයන් තෙක් එය වර්ධනය විය හැකිය.

“ස්ට්‍රිචිනීස්”වලට අමතරව ගොඩකදුරු තුළ අඩංගු බෲසීෆ් ද විෂවීම් ඇති කරයි. ගොඩකදුරු ඇට තද විෂ සහිත වන අතර, ගසේ සියළු කොටස් විෂ සහිත බව දැන සිටීම වැදගත්ය.

ශාක විෂවීම් සඳහා ප්‍රථමාධාර

ශාක විෂවීමේ ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ අත් වැරදීමක් ලෙස, ශාකය නොහඳුනා ආහාරයට ගැනීම, විෂ සහිත සාර, කිරි යුෂ, ඇස්වල ගැල්වීම හෝ සියදිවි නසා ගැනීම සඳහා සිතාමතා ගැනීම හෝ නිසාය. කුඩා ළමයි කුතහලය නිසා කටේ රුවා ගැනීමට ද පුළුවන.

ශාක නිවැරදිව හඳුනාගත හැකි දැනුමක් ලබා ගැනීම මෙන්ම ගෙවතුවල විෂ සහිත ශාක වර්ග වගා නොකිරීම ඉතා වැදගත්. විෂවීම් වළක්වන පියවර. ශාක විෂවීමක් ඇති වූ බවට සැක පහළ වූ වහාම රෝගියා වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යා යුතුය. හැකි නම් විෂ වූ පැළැටි කොටස් රැගෙන ගියහොත් එය වෛද්‍යවරයාට පහසුවක් වනු ඇත.

ප්‍රථමාධාර වශයෙන් රෝගියාට වමනය කරවා හුස්ම ගැනීම පහසු වන ආකාරයට තබන්න. ඇස්වල කිරි යුෂ හෝ සාර ගැල්වී ඇත්නම් මිනිත්තු 15ක් තරමවත් කාලයක් ගලායන පිරිසිදු වතුරෙන් දෑස් සෝදන්න.

සම මත තැවරුණු විෂ ද්‍රව්‍ය ඉවත් කිරිමට සබන් දමා වතුරෙන් සෝදන්න. වෛද්‍ය උපදෙස් වලින් තොරව ලුණු දියර, හා කිරි වර්ග පෙවීමෙන් වළකින්න.