සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන මැංගුස්

පිළිකා නසන ගුණයක් ඇති සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන මැංගුස්

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

මේ මංගුස් වාරේ. පාර දෙපැත්තෙම, පොලවල් ගානේ මැංගුස් විකුණනවා. පොඩි දරුවෝ මැංගුස් අරන් දෙන්නට කියලා දෙමව්පියන්ට බේරිල්ලක් නැහැ. ඒ දවස්වල නම් අපේ ආච්චිලා සීයලා කිව්වේ මංගුස් වැඩියේ කන්න හොඳ නැහැ කියලා..වැඩියෙන් කෑවොත් කට අග වණ වෙනව හෝ ඇස් රතු වෙනව කිව්වත් කොයි කවුරුත් කෑමට ඇති ආශාව නම් එපා වෙන්නේ නැහැ. මැංගුස් වැඩියෙන් කෑවම විවිධ අසාත්මිකතාවලට මුහුණ දෙන්නට වෙනවා. කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.අපි වෛද්‍ය මංගලා මහලේකමගෙන් අහලා බලමු කතාව ඇත්තද කියලා. අද අපි මැංගුස්වල ඹෟෂධීය ගුණාත්මකභාවය ගැන දැන ගනිමු.

ඉදුණු මැංගුස්ටින් රසයෙන් ඉහළයි. පිට පොත්ත ඉවත් කළ පසු ලැබෙන සුදු පාට බික් හෙවත් මදය ආහාරයට ගනියි. ඇටය ඉවත් කළ යුතුයි. පොත්ත ඉවත් කරන විට කහට අතේ ගෑවිය හැකියි. එය ප්‍රවේශමින් කළ යුතුයි.

මැංගුස්ටින්වල ගුණ

ප්‍රතිශක්තිය ඇති කරයි. තුවාල සුව කිරීමට උදව් දෙයි. පිළිකා නසන ගුණය ඇත. ශරීරයේ ශක්තිය වැඩි කරයි. බලය වැඩි කරයි. ශරීරය ප්‍රාණවත් කරයි. ඇස් පෙනීම දියුණු කරයි. ප්‍රදාහ දුරු කරයි. ක්ෂුද්‍රජීවී නාශක ගුණය ඇත. දිලීර නාශක ගුණය ඇත. කෑම රුචිය වැඩි කරයි. රුධිර නාලවල මේද තැන්පත් වීම වළක්වයි. ශරීරයේ අනවශ්‍ය බර අඩු කරයි. ඍතුවීමේ දෝෂ දුරලයි. මානසික ආතතිය දුරලයි. සන්ධි රෝග වළකයි. දත් සහ අස්ථි වර්ධනය කිරිමට උදව් දෙයි. මාංශ පේශි වේදනාව නැති කරයි. රුධිර පීඩනය පාලනය කරයි. හෘද රෝග අවදානම අඩු කරයි. සන්ධි වේදනාව නැති කරයි. අස්ථි දිරීම මැඩපවත්වයි. රාත්‍රියට ඇස් පෙනීම වැඩි දියුණු කරයි. ඇස් දීප්තිමත් කරයි. විදුරුමස්වලින් ලේ ගැලීම නවත්වයි. විදුරුමස් ශක්තිමත් කරයි. සම පැහැපත් කරයි.

ප්‍රමාණයට කන්න

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියමන සනාත කරමින් මැංගුස් යම් ප්‍රමාණයකට ආහාරයට ගැනීම වඩාත් ගුණදායක වෙන බව වෛද්‍ය මතයයි. එවිට එහි නියම ගුණය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

අසාත්මිකතා ඇති විමට පුඵවන.

උෂ්ණ බව අධික පලතුරක් බැවින් සමේ විවිධ අසාත්මික තත්ව ඇති කළ හැකියි. සම මතුපිට පලු දැමීම , තොල් පැලීම, ඇස් රතුවීම කැසීම, සමේ බිබිලි දැමීම වැනි තත්ව ඇතිවීමට පුළුවන. අධික ලෙස ආහාරයට ගැනීම නිසා මල බද්ධය, බඩ වේළීම ඇතිවිය හැකියි.

පිළිකාවලට එරෙහිව ක්‍රියා කරයි.

මුඛය නැවුම්ව තබා ගැනීමට උදව් වෙයි. පිළිකා රෝග නැති කරයි. සිත සැහැල්ලු කරයි. මානසික ආතතිය දුරලයි. ගත සිත ප්‍රබෝධමත් කරයි. සිත සන්සුන් කරයි.

ගර්භණි සහ කිරි දෙන මව්වරුන්ට අගුණයි.

මැංගුස්ටින් අධික නිදිමත ගතියෙන් පෙළෙන අයට අහිතකරයි. ඒ වගේම ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට වැඩිපුර ගැනීම සුදුසු නැත. පිළිකා සඳහා ඖෂධ ප්‍රතිකාර ගන්නා අයට ද නුසුදුසුයි.

100g ක අඩංගු පෝෂණ අගය

ශක්තිය කිලෝ කැලරි 73

කාබෝහයිඩ්‍රේට් 18g

තන්තු 1.8g

ජලය 15g

ප්‍රෝටීන් 0.8g

තෙල් හා මේදය 9.5g

විටමින් ඒ ජාත්‍යන්තර මිනුම් ඒකක 68.6

විටමින් C 5.7mlg

තයමින් 0.1mg

B6 0.1mlg

කැල්සියම් 23.5mlg
 

යකඩ 0.6mlg
 

මැග්නීසියම් 25.5mlg
 

පොස්පරස් 15.7mlg
 

පොටෑසියම් 94.1mlg
 

සෝඩියම් 13.7mlg
 

සින්ක් 0.4mlg
 

තඹ 0.1mlg
 

මැංගනීස් 0.2mlg