මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේදි සිදුකළ විස්මිත සැත්කම

හදවත බද්ධ කිරීමේ සැත්කම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ

මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේදි සිදුකළ විස්මිත සැත්කම

සැත්කම අතිශයින් සාර්ථකයි

රෝගියා සුවෙන්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ රෝගීයා දැඩි සත්කාර ඒකකයේ

දින කිහිපයකින් මරණය නියත බවට සහතික කළ රෝගියෙකුට තම ශරිරයේ අවයවය දන් දි තවත් රෝගියෙකුට ජීවය දිය හැකිනම් එය ඔහු මේ මිනිස් භවයේ කර ගත හැකි උතුම්ම පුණ්‍ය කර්මයකිය.මෙතෙක් ලංකවේ සිදු කෙරුණ වකුගඩු, අක්මා ආදි අවයව බද්ධයට ශි‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් පියවරක් ඉදිරියට තබමින් හදවත් බද්ධ කිරිමේ විශ්මයජනක සැත්කම ඉතා සාර්ථකව හමාර කර අවසන්ය.

ලෝකයේ බොහෝ රටවල් මෙසේ ඉදිරියට පිය වර තබද්දි ශ්‍රි ලංකාවද ඊට නොදෙවෙනි නොවී ඉදිරියට පය තැබිම මෙරට ජනතාවට සතුටුදායක කරුණකි. පුද්ගලයෙකුට ජිවත් විමට අත්‍යාවශ්‍ය වකුගඩු පෙනහළු හෘදය ඇතුළු අවයවයක් දුර්වල වීම ලෙඩවිම එදා යම් කෙනෙකුගේ ජිවිත ආශාව අත්හැරිමේ බලාපොරොත්තුවක් වුවද අද වෛද්‍ය විද්‍යාව ඔවුන්ට ජිවත් විමේ බලාපොරොත්තුව ලබාදි ඇත. මෙහි ඉතා වැදගත් වූ සැත්කමක් වන හදවත බද්ධ කිරිමේ සැත්කම කිරිමට අද වන විට ශි‍්‍ර ලංකාවේ වෛද්‍යවරුන් සමත්වි ඇත.

හදිසි අනතුරකින් හෝ රෝගි තත්ත්වයකින් රෝහල්ගතව දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබන මොළය මියගිය රෝගියෙකුගේ ආයු කාලය ඉදිරි දින දෙක තුනකට සිමා වේ. මොළය මියගිය රෝගින් ජිවත් වෙන්නේ යන්ත්‍රයක ආධාරයෙනි. ඔවුන්ගේ ආයුකාලය දින කිහිපයකි. මොළය මියගියත් මොවුන්ගේ අනෙකුත් ශරිර අවයව ක්‍රියාකාරි තත්ත්වයේ පවතින බැවින් විශේෂඥ වෛද්‍යවරු මෙම මොළය මිය ගිය රෝගියා ස්ථිර වශයෙන්ම ජිවත් නොවන බවට සහතික කළ පසු එම රෝගියාගේ ඥාතින් මේ පිළිබදව දැනුවත් කෙරේ.ඒ අවස්ථාවේ ස්ථිරවම මිය යන බවට සහතික කළ රෝගියෙකුගේ අවයව වලින් තව කෙනෙකුට ජිවය ලබාදිය හැකියි.

පසුගිය ජුලි 07 වැනිදා ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය සුවිශේෂී කඩඉමක් පසු කළ දිනයක් විය. ඒ එදින ශ්‍රී ලංකාව තුළ පළමු හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කිරීමය. මෙම වාර්තාගත ශල්‍යකර්මය සිදුවුයේ මහනුවර මහ රෝහලේ ශල්‍යාගාරක් තුළදීය. ජුලි 07 වැනිදා (සිකුරාදා) රාත්‍රී 7.00ට ආරම්භ වූ ශල්‍ය කර්මය පසු දා ජුලි 08 වැනිදා (සෙනසුරාදා) අළුයම 03 දක්වා සිදුවිය. මේ සඳහා සුවිශේෂි වෛද්‍ය කාර්්‍ය මණ්ඩලයක් සහභාගී වුයේ දැඩි උද්යෝගයකිනි. විශේෂඥ වෛද්‍යවරු 20 දෙනෙක් මෙන්ම වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් පිරිසක් ද මෙම වාර්තාගත ශල්‍යකර්මය සඳහා සහභාගී වුහ. මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන ක්‍රියා කළේ බ්‍රිතාන්‍යයේ හදවත් බද්ධ කිරීම පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ස්ටීවන් සී. ක්ලාර්ක් (Stebhen c. Clark)  මහතාය. මේ සඳහා සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරු 20 දෙනා අතරට නිර්වින්දන වෛද්‍යවරු හදවතේ සෑම අංශයක් පිළිබඳව විශේෂඥතාවයක් ලබා ඇති විශේෂඥ වෛද්‍යවරු රාශියක්ම වුහ. වැලිසර ලය රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරදෙණියේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කුරුණෑගල සහ අනුරාධපුරය යන රෝහල් වල මෙන්ම මහනුවර මහ රෝහල යන රෝහල් 6 යෙන් පැමිණි විශේෂඥ වෛද්‍යවරු තම දායකත්වය මේ සඳහා ලබා දුන්හ.

මෙම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා මුහුණ දුන්නේ 36 හැවිිරිදි කාන්තාවකි. ශල්‍යකර්මයට භාජනය වන විට ඇගේ හදවත පැවතියේ ඉතා දුර්වල තත්ත්වයේය.

මෙවැනි සැත්කමක් සිදුකිරීම සඳහා අවශ්‍ය වන්නේ මොළය මිය ගිය එහෙත් හදවත යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන පුද්ගලයකුගේ හදවතය. මෙහිදී භාවිත කළේ මහනුවර රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාරකයේ යන්ත්‍ර මගින් ජීවිතය ගෙවමින් සිටි 23 හැවිරිදි තරුණයකුගේ හදවතකි. මෙම තරුණයා හදිසි රිය අනතුරකට මුහුණ දී දැඩිලෙස හානි සිදුවී මොළය මියගොස් සිටි අයෙකි. ඔහුගේ හෘද ස්පන්දනය පවත්වානෙ ගියේ යන්ත්‍ර මගිනි.

එම තරුණයාගේ හදවත කාන්තාවට බද්ධ කළේ තරුණයාගේ භාරකරුවන්ගේ පුර්ණ අනුමැතිය ඇතිවය. එම තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු දෙකද වකුගඩු රෝගීන් දෙදෙනෙකුට බද්ධ කරන ලදී.

පැය 8ක් පුරා දැඩි පරිශ්‍රමයකින් සිදුකළ මෙම වාර්තාගත ශල්‍ය කර්මය අතිශය සාර්ථක විය. හදවත බද්ධ කළ කාන්තාව මේ වන විට මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන්නීය.

ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි හෘදය සහ පෙනහළු රෝගින් සදහා ඉදිරියේදිත් මෙම බද්ධ කිරිමේ සැත්කම කිරිමට නියමිත අතර මහනුවර මහ රෝහල මෙම රෝගින් වෙනුවෙන් අගහරුවාදා ප ව 1.00 සිට සහ බදාදා පෙරවරු 8.00 සිට හෘදය සහ උරස් ශෛල්‍ය ඒකකයේ විශේෂ සායන පැවැත්විමට කටයුතු සළසා ඇත. මේ වන විටත් පොරොත්තු ලේඛනයේ රෝගින් විස්සක් පමණ සිටින බවත් ඉතා විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සදහා යොමුවන බවත් මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම් පිළිබද සම්බන්ධිකරණ නිලධාරි වෛද්‍ය අනුර අබේසිංහ මහතා පවසයි

හදවත බද්ධ කළ විශ්මයජනක සැත්කම සිදු කළ ආකාරය සවිස්තරව ලබන සතියේ